පොලිසිය කොස්ගොඩ සුජිව ලොකු පැටි කළාද? ඝාතකයන් පොලිස් විශේෂ කාර්ය බලකයට අයත් සෙබළුන් ද?

ශාන්ත විජේසුරිය විසිනි

රේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිර‍ිම හා ඝාතකයන් සම්බන්ධයෙන් වීවිධ කතා  නිෂ්පාදනය කෙරෙමින් පවති .  ක්ලබ් වසන්ත ‍ඝාතනය කළේ ඇයි ? ඔහුව ‍ඝාතනය කළේ කාගේ උවමනාවටද ? ක්ලබ් වසන්තගේ ඝාතකයන් කවුද? ක්ලබ් වසන්ත මරා දැමීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන විමර්ශකයින්  එම ප්‍රධාන ප්‍රශ්න තුනට පිළිතුරු සෙවිය යුතුයි .

ක්ලබ් වසන්ත ඝාතනය කළේ ඇයි ?  පොලිසිය මගින් සහ ඊට සහාය දක්වන මාධ්‍ය මගින් ප්‍රචාරය කරන  ප්‍රසිද්ධ කතාව අනුව ක්ලබ් වසන්ත ඝාතනය කළේ  මාකදුරේ මදුෂ්ගෙන් මුදල් ගෙන එවා නොගෙවිමත් අන්නාසී මෝරීන් සමග එකතු වී මදුෂ්ව ඩුබායි වල දි අල්ලා දිම නිසාද? මෙහිදී ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය සහ  දේශපාලන විශ්ලේෂකයන්  යැයි කියා ගන්නා අය නන්දොඩවන්නේ වසන්ත මාදුෂ්ගෙන් මුදල් ගෙන එවා නැවත ලබා නොදීම නිසා ඔහුට මැරුම් කන්නට සිදු වු බවයි. මෙහිදි දේශපාලකයෙකු ,ගායකයෙකු සහ නළුවෙකුගේ ද නමක් සදහන් වේ .

හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධරයෙකු වන කිර්තී තෙන්නකොන් පවසන්නේ වසන්ත මදුෂ්ගෙන් ලක්ෂ 70 ක් ලබා ගෙන ඇති බවයි . නිදහස් මාධ්‍යවෙිදියෙකු වන ප්‍රද්ප් වික්‍රමසිංහ පවසන්නේ වසන්ත මදුෂ්ට කෝටි 100 ක් ණය බවයි. තවත් සමහරු පවසන්නේ මුදුෂ්ගෙන් වසන්ත කෝටි 1000ක් ණයක් වශයෙන් ලබාගෙන ඇති බවයි . කන්ජිපානිගේ මිතුරෙකු හරහා ලැබුණු තොරතුරක් මත ලංකා ස්කයි නිවිස් සදහන් කළේ වසන්ත මදුෂ්ට කෝට් 70 ණය බවයි .තවත් සමහරු පවසන්නේ වසන්ත මදුෂ්ට කෝටි 10 ක් ණය බව කියති . එම තොරුතුරු සත්‍ය හා නිවැරැදි භාවය පිළිබද ගැටළු ඇත.  ක්ලබ් වසන්ත ඇත්තටම මදුෂ්ට ණය ද? ණය නම් කොපමණ මුදලක් ද? පලමුව නිවැරැදිව සොයා ගත යුතුය .

    වසන්ත ඇත්තටම මදුෂ්ව පාවාදුන්නා ද? වසන්ත ඩුබායි වල සිටි මදු‍ෂ්ව ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වලට පාවාදුන්නැයි කීවේ කවුද? කන්ජිපානී ඉම්රාම්ගේ සම්පතයෙකු වන පොලිස්පති දේශබන්දු  තෙන්නකොන්ද? නැතිනම් පොලිසියේ වෙනත් නිලධාරියෙකු ද? අනුමාන සහ කටකතා හැරුණු කොට ඒ සම්බන්ධයෙන්  තහවුරු කළ හැකි නිවැරැදි තොරුතරු එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කතා කරන කිසිවෙකු සතුව නැත. ඩුබායි වල පැවති දුව‌ගේ උපන් දින සාදයට මදුෂ් ක්ලබ් වසන්තට ආරාධනා කර තිබුනද  වෙනත් හේතුවක් නිසා ඔහුට එහි යෑමට නොහැකි විම සැකයට බදුන් වී ඇත.  මදුෂ්‌ගේ උපන් දිනය දවසේම වසන්තට විවාහ උත්සවයකට යෑ‍ම තිබුන නිසා එය මගහැරි ඇති බව හිටපු ගුවන් හමුදා බුද්ධි නිළධරයෙකු වන කිර්තී තෙන්නකොන් යුටියුබ් නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ජාවකදි සදහන් කෙ‍‍ළ්ය .එම සැකය හැරු‍නු කොට වසන්ත මදුෂ්ව පාවාදුන්නා යැයි කියන්නට තහවුරු කළ හැකි තොරතුරක් නැත.  වසන්ත අන්නාසී මෝරීන් සමග සම්බන්ධතා පැවැත්වු බවත් ඒ නිසා යම් සැකයක්  ඇතැයි ප්‍රදිප් වික්‍රමසිංහ පවසයි .  හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සහ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ද පවසන්නේ ක්ලබ් වසන්ත මදුෂ්ව පවාදුන් සිද්ධියක් හෝ මුදල් ලබා ගත් සිද්ධික් ‌ගැන හෝ ඔවුන්ට තොරතුරු ලැබි නැති බවයි.

මදුෂ් අල්ලා දෙන්නේ කොස්ගොඩ සුජි

ක්ලබ් වසන්ත මරා දැමුවේ ඔහු මදුෂ් පාවා දුන් නිසා යැයි කියන හෝ ඔහු මදුෂ් මුදල් ගත්තා නිසා යැයි කියන කතාව ඔප්පු කිරීමට ක්ලබ් වසන්ත ඝාතනය ගැන අප්‍රබංස කතා කියන කිසිවෙකුත් සමත් වී නැත. ක්ලබ් වසන්ත ඝාතනයේ සැබ‍ෑ ඝාතකයන් හෙළිදව් විම වැළැක්වීම සදහා මදුෂ්ලා ගේ ගිණුමට එම ඝාතන බැර කිරීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් වෙමින් පවති . ඩුබායි ජිවත් වු මදුෂ්ව පාවාද‍ී ඇත්තේ පොලිසිය පාතාල නායකයෙකු යැයි කියන කොස්ගොඩ සුජි විසිනි. මදුෂ් ඩුබායි වල වාහන පදවද්දී ,ගත්ත පින්තුරු පවා රාජ්‍ය බුද්ධි සේවයට ඔහු විසින් ලබා දී ඇත. රාජ්‍ය බුද්ධි සේවයේ සාජන්වරයෙකු සමග සුජීට සමීප සම්න්ධකමක් පැවති අතර එම සාජන්වරයවරයා හරහා මදුෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම දියක් කර ඇත. සාජන්වරයා පොලිස් පරික්ෂකයෙකු වශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පොලිසියකට අනුයුක්තව සේවය කරයි .සුජි සමග සමීප සම්බන්ධකම් නිබුනා යැයි කියන සාජන්වරයා උප පොලිස් පරික්ෂයෙකු ලෙස කළුතර දිස්ත්‍රීක්කයේ පොලිසියකට අනුයුක්තව සේවය කරයි . ඒ අවධියේ අන්නාසි මෝරීන් සහ කොස්ගොඩ සුජි අතර සම්බන්ධයක් පැවතුනා ද යන්න ද සොයා බැලීය යුතුය. මන්ද මෝරීන්ට ද මදුෂ් පාවා දුන්නා යැයි චෝදනා එල්ල වී ඇති බැවිනි .

ක්ලබ් වසන්තට පැවති තර්ජන

 වසන්ත දේශපාලකයන්ට , ව්‍යාපාරිකයන්ට , රජයේ ඉහල නිලධාරීන්ට , සහ පොලිසියේ ඉහල නිලධාරින්ට කාන්තාවන් සපයා දි ඔවුන් රමණයේ යෙදෙන අවස්ථා විඩියෝ කර බැල්ක්මේල් කළා යැයි චෝදනාවක් එල්ල වී ඇත. දේශපාලකයන් ,ව්‍යාපාරිකයන් සහ ඉහල පොලිස්  නිල දරුවන් සිංගප්පුරුවේ හෝටල් වලට රැගෙන ගොස්  එම ජාවාරමේ යෙදී ඇතැයි පවසයි . එම සමහර පටිගත කිරිම් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂගේ උවමනාවට බවත් වාර්තාවේ. විශේෂයෙන් දේශපාලඥයන්ගේය.

වසන්ත ඉහල පෙලේ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන එවා නැවත නොපියවිම නිසා අමනාපකම් ද තිබි ඇත.

වසන්ත කාලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සෙවනේ හැදිවැඩු අයෙකු වන අතර රාජපක්ෂලාගේ බලය ගිලිහිමත් සමග ඔහු ජාතික ජන බලවේගය වෙත නැඹුරු වී ඇත. වසන්ත  අනුර කුමාරලා සහ හදුන්හෙත්තිලා සමග ගත් ජායාරූප ද මුහුණ පොත් ඔස්සේ සංසරණය විය . රාජපක්ෂ ගැන දන්නා තොරුතුරු දැනටමත් අනුර කුමාරලාට හෙළි ඇතැයි යන බියත් ඉදිරි මැතිවරණයකද‍ි වසන්ත විසින්ම හෙළි කරතැයි බිය වු රාජපක්ෂ රේජිමය ඔහුව ඝාතනය කළා විය හැකිය . මදුෂ්ගේ කණ්ඩායම ඝාතනය කළා යැයි  කියනවාටත් වඩා වසන්තව මරා දැමුවේ දේශපාලන න්‍යාය පත්‍ර අනුව බව නම් අපට නිසැකවම කිව හැකිය .

වසන්ත ඝාතනයට ටැටු කඩයක් ඇදා ගැනීම

වසන්තව ඝාතනය කරනු බලන්නේ අතුරුගිරයේ ටැටු කඩයක් ඇතුලේය . ලක්ෂ ගණන් වියදම් කර ටැටු කඩයක් දමන්නේ නැතිව වසන්තව ඝාතනය කිරීමට ඔ්නෑ තරම් අවස්ථා තිබුණි.  සන්ඩේ ෆන් සාදය පැවැත් වුයේ මහ පාරේය . වසන්ත එම සාද වලට සහභාගි විය. වසන්ත බිරිද සමග වාහනයෙන් බැස මහ පරේ ඇවිදිනවා  මහජනයා දැක ඇත.   වසන්ත මෑතක පොලොන්නරුවේ සෝමාවතිය අසල සිටිනවා සමහරුන් දැක ඇත.  ඔහු එහි ගොස් ඇත්තේ ඩිපෙන්ඩර් දෙකකින්ය . වසන්තට විශේෂ ආරක්ෂාවක් තිබි නැත. ඔහු හිගුරක්ගොඩ නිවසට නිතර යන බවත් වාර්තාවේ. එසේ තිබියදී  ඝාතකයන් වසන්තව ඝාතනය කිරීම සදහා ටැටු කඩේ තොරා ගත්තේ ඇයි ? ටැටු කඩේ හිමිකරු වන සංජුල එම කඩේ දැම‍ිමට මුදල් දි ඇත්තේ බලපිටියේ ලොකු පැටි නැමැත්තා බව ඔහු මාධ්‍යය හමුවේ පැවසීය . ලොකු පැටි සහ වසන්ත ඝාතනය අතර ඇති සම්බන්ධය ලිහා ගත යුතුයි.  ලොකු පැටි මදුෂ්ගේ ගෝලයෙකු බව ඇත්තකි . නමුත් අප වෙත ලැබි ඇති තොරතුරු මත පැටිලා මේ සිද්ධියට සම්බන්ධයක් නැති බව විශ්වාසවන්ත අරංචි මාර්ග සදහන් කරයි. ලොකු පැටිලා මේ සම්බ්න්ධයෙන් කටඇරීම නතර වී ඇත්තේ මේ වන විටත් පැටිලා ලංකාවට රැගෙන එම සදහා රතු නිවේදන නිකුත් කර ඇති බැවින්ය .ටැටු කඩේ හිමිකරු වන සංජුල මෙන්ම ලොකු පැටි ද බලපිටියේය . සංජුල කවුද ? ඔහුට සම්බන්ධයක් ඇත්තටම තිබුණේ ලොකු පැටි සමග ද නැතිනම් කොස්ගොඩ සුජි සමග ද යන්න විමර්ශකයන්ගේ අවධානය යොමු විය යුතුය . බොහෝ විට මෙය ලොකු පැටිලාගේ ගිණුම පාවිච්චි කර සිදු කළ ක්‍රියාන්විතයක් විය හැකිය.  ටැටු කඩේ විවෘත කළේ ලොකු පැටිලාගේ උපදෙස් මත ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සදහා යැයි මුල දී කී සංජුල පසුව ලොකු පැටි ටැටු කඩේ දාන්න මුදල් දුන් බව පවසන ඔහු වසන්ත ඝාතනය කරන බවක් සංජුල නොදැන සිටි බව නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන සමග පැවති මාධ්‍ය හමුවේ දී හෙළි කළේය . සංජුල එම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලද්දේ ,පොලිසිය විසින් ලියා සකස් කරන දෙන ලද පිටපතකි . සංජුලට පිටපතේ දෙබස් අමතක වෙද්ද‍ී , එය මතක් කර දෙන්නේ නියෝජ්‍ය පොලිස්පති මාරපන සහ තවත් උසස් නිලධාරියෙකි .  නියෝජ්‍ය පොලිස්පති මාරපන සංජුල ලාවා ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයු අයට අවශ්‍ය දෙය ප්‍රකාශ කර ගත්ත ද සංජුල කඩුවෙල මහේස්ත්‍රාත් හමුවේ රහසිගත ප්‍රකාශයක් කරන්නට ඔහු අවස්ථාවක් ඉල්ලා ඇත.  මහේස්ත්‍රාත් හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට ඉල්ලීමත් සමග ඔහුගේ ජිවිත තර්ජන එල්ල වී ඇත.  එම තර්ජන හේතුවෙන් සංජුලව වැලිකඩ බන්ධනාගාරයෙන් මහර බන්ධනාගාරයේ වි‍ශේෂ කුටියක ඔහු රදවා ඇත . සංජුල අද (22) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මදුෂ්ගේ කණ්ඩායම හෙවත් ලොකු පැටි සහ කන්ජිපානි  ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට ඇද දැමුවේ පොලිසියයි . පතොරම් කොපුවල KPI යනුවෙන් ඇද ඇත්තේ පතොරම ගිනිගෙන පිට වුවාට පසුවය .එම සිද්ධිය වු විගසම එම ස්ථානයට ගිය මාධ්‍යවේදීයෙකු ලියුම්කරු සමග පැවැසුවේ ඔහු එම ස්ථානයට ගොස් විඩියෝ කරද්දී , පතොරම් වල එවැනි සලකුණක් නොදුටු බවයි . පතොරම් ගිනි ගත් පසු එම කොපුවල KPI යනුවෙන් ඇන්දේ පොලිසිය හැර වෙන කවුද? මෙය ඉතාම සැලසුම් සහගතව සිදු කළ ප්‍රහාරයකි . ප්‍රහාරකයන්ට අමතරව සැලකිය යුතු පිරිසක් එම ප්‍රහාරය සදහා යෙදොගෙන ඇත. ප්‍රහාරය සැලසුම කළ අය සංජුල සහ ඔහුගේ සහෝදරයා ද පාවිච්චි කර ඇත. මෙය පාස්කු පන්නයේ ප්‍රහාරයකි .

මෙම ප්‍රහාරයේ අරමුණ ක්ලබ් වසන්ත ඝාතනය කිරීම වගේම ආණ්ඩුවට එරෙහි පාතාලයට මෙන්ම කම්කරු පීඩිත මහජනයාට කළ අනතුරු ඇගවිමකි .එම ප්‍රාරයේ අරමුණ වුයේ ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට නම් ටැටු කඩේට සී‍.සී.ටි.වි. කැමරා සවි කරන්නේ නැත.  එම ටැටු කඩේ  ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සදහා නම් විවෘ‍ත කළේ සී.ස‍ී.ටි.වි. කැමරා යනු එම ප්‍රහාරයේ අධිපත්‍ය හා භිෂණය සමාජගත කරන්නට දැනුවත්ව සිදු කළ ක්‍රියාවකි . මෙතෙක් සිදු කළ ප්‍රහාර එල්ල කර ඇත්තේ සී.සි.ටි.වි. කැමරා මග හරිමින්ය . නමුත් මෙම ප්‍රහාරය  කැමරා වලට අනාවරණය වෙමින් සිදු කරයි . ප්‍රහාරයත් සමග එම විඩියෝ දර්ශන පමණක් නොව ක්ලබ් වසන්තගේ මෘත ශරීරාගාරයේ තබා තිබුණු ඔහුගේ නිරුවත් දේහයේ ජායාරූප පවා සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණි. සමාජ මාධ්‍යයට වසන්ත එම නිරුවත් ජායාරූපය මුදා හැරීම ඇතුලේ ඝාතනය සැලසුම් කළ අයට ඔහු කෙරෙහි ඇති වෛරය එළියට කාන්දු වී ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ක්ලබ් වසන්ත ඇතුළු තිදෙනෙකු ඝාතනය කළ එම ප්‍රහාරය පාතාලය අතර යුද්ධයක් යැයි අර්ථ දක්වන්නට උත්සහ කළේය . පාතාලය සතු ආයුද ඉක්මනින් අත්අඩංගුවට ගත යුතු බවත්  ඔහු මාධ්‍යයට පැවසීය .

සංජුල මාධ්‍යයට පැවසු ආකාරයට ඔහු ලොකු පැටිව හදුනා ගෙන ඇත්තේ දුරකතන මර්ගයෙනි. දුරකතන මර්ගයෙන් හදුනා ගත් සංජුලට ලොකු පැටි ලක්ෂ පහලොවක්  දමා ඇත. ලොකු පැටි එම මුදල දමා ඇත්තේ සංජුල කුලියට සිටින නිවසේ හිමිකරුගේ බැංකු ගිණුමටය. ලොකු පැටි පසුව සංජුලට මහේෂ් මදුසංඛ හෙවත් කේතු නැමැත්තෙක් හදුන්වා දී ඇත. සංජුල එතැන් සිට කටයුතු කර ඇත්තේ කේතුගේ මග පෙන්වීමට යටතේ බව පවසයි. ලොකු පැටි නමින් පෙනී සිටියේ කොස්ගොඩ සුජි ද නැතිනම් වෙනත් අයෙකු යන්න සොයා බැලීය යුතුය . මන්ද ලොකු පැටිලාට හෝ කන්ජිපානී ඉම්රාම්ට ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සදහා විශේෂ හේතුවක් නැත . ක්ලබ් වසන්ත මදුෂ්ව පාවා දුන් නිසා ලොකු පැටි සහ කන්ජිපානී එකතු වී ඔහුව ඝාතනය කළා යැයි  මතයක් හදන්න එම ඝාතකයන් පිටුපස සිට මෙහෙයු අය උත්සහ කරති .

කොස්ගොඩ සුජිට නාමල් බෙබිලා සමග ව්‍යාපාරික ඇසුරක් ඇතැයි පැවසෙන අතර ඒ නිසාම පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සමග ද ඔහුට සමීප ඇසුරක් ඇතැයි වාර්තාවේ . මදුෂ්ගේ මුදල් වලට ඉව අල්ලන ප්‍රබල දේශපාලන පවුලක කුමාරයෙකු ගැන හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධරයෙකු වන කීර්ති තෙන්නකොන් පවසන අතර එම කුමාරයා මොහු විය හැකිය .

බුස්ස බන්ධනාගාරයේ රදවා සිටි කොස්ගොඩ තාරකව විමර්ශන සදහා යැයි එළියට රැගෙන ගොස් මරා දැමුවේ එම සමීප සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් බවත් බන්ධනාගාර ආරංච් මාර්ග සදහන් කරයි.  කොස්ගොඩ තාරක මුලදී සුජි සමග වැඩ කර ඇති අතර පසුව ඇති වු ආරවුලක් නිසා ඔහුගෙන් වෙන් වී වෙනම කණ්ඩායමක් හදාගෙන ඇත.  රත්මලානේ රොහාව මිගමුවේදී අත්අඩංගුවට ගන්නේ පැලියගොඩ විහේෂ විමර්ශන එකකය මගින්ය  ඔහුව මරා දැමීමම සදහා එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට කෝටි හතරක් ලබාදුන් බව වාර්තාවේ . රොහා මරා දැමීම සදහා තෙන්නකොන්ට එම මුදල් ලබා දි ඇතැයි කියන්නේ රත්මලානේ අංජුය. රත්මලානේ අංජු සහ පොලිස්පති තෙන්නකොන් අතර දුරකතන මාර්ගයෙන් සිදු  ක‍ළ සංවාදයක හඩ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරයි .

ඝාතකයන් ආරක්ෂක අංශ වලට සම්බ්න්ධ අය ද?

ක්ලබ් වසන්ත ඝාතනය කළ ඝාතකයන් මනා පුහුණු ලත් ආරක්ෂක අංශ වලට සම්බ්න්ධ හෝ සම්බන්ධව සිටි පුද්ගලයන් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර  ඇතුළු විමර්ශකයින් සහ දේශපාලන විචාරකයන් පවසති.  ‍

ඝාතකයන් ටැටු කඩේ පිහිටි ගොඩනැගිල්ලට ඇතුල් වි ප්‍රහාරයක් එල්ල කරන අතර වෙඩික්කරුවන් පැමිණි වාහනයේ තුන් වැන්නෙක් කුවක්කුවක් අතැතිව හදිසි ප්‍රහාරයක් එල්ල වුහොත් ඊට මුහුණ දීම සදහා සුදානම්න් සිට ඇත. ටැටු කඩේ ඇතුල් වු ප්‍රහාරකයන් මුලින් වසන්ත ඇතුළු පිරිස බිම දමා ගැනීම සදහා බර්ස්ට් එකාක් එල්ල කරන අතර පසුව දෙවැනි තුවක්කුකරු ඉදිරියට පැමිණ ඇද වැටුනු අයගේ හිසට වෙඩි තබා මරා දමති .වෙඩික්කරුවන් ටැටු කඩේට ඇතුල් වී පහර දෙන්නේ මුහුදු රැලි නගන ආකාරයෙන්ය . එක් මැගසින් එකාක් අවසන් වෙද්දී ,අවසන් වු මැසින් එකට සම්බන්ධ කර ඇති අනෙක් මැසින් එක මාරු කිරීම සහ එය බද්ද කර තබා ගැනීමෙන් ඔවුන් ආරක්ෂක අංශ වලට සම්බන්ධ පුද්ගලයන් බව මනාව ප්‍රදර්ශනය වේ.

අතුරුගිරියේ ටැටු කඩේ සිට පොලිසියට ඇත්තේ මිටර් 150 පමණ දුරකි . පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් ආර්කෂිත නිවස්නයක් ඒ අසල තිබේ .  ආරක්ෂක කදවුර තිබියදීත් මහා දවල් නගරයක් මැදට කඩා වැදි පුද්ගලයන් දෙදනෙකුට වෙඩි තබා ඝාතකයෝ පලා යති.  

 මහජනයාට ආරක්ෂාවක් නැහැ . මහ දවල් මිනී මරලා යනවා. මේ රටත් චිකාගෝවක් බවට පත් වෙලා . පොලිස් දෙපාර්මේතනතුවට ලැජ්ජ නැති දැයි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සදහා එම ස්ථානයට පැමිණි කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිස් නිලධාරියෙකු ප්‍රශ්න කරන අයුරු මාධ්‍ය මගින් පෙන්විය.

 ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සදහා වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ සුදු පාට කාර් රථයකින්ය. පසුව ඔවුන් කාර් රථයෙන් වැන්රථයකට මාරු වී ඇති අතර නැවතත් වැන් රථයකට මාරු වී ඇත. එතැනින් පසුව ගියේ කොහේට ද නැවතත් වාහන මාරු කළා ද? යන්න පි‍ළිබදව කිසිම තොරුතුරක් පොලිසිය සතුව නැත.  පොලසිය එතැනින් පසු පාරේ සී.සී.ටි,වි. පරික්ෂා නොකරන්නේ ඉහලින් ආ බලපෑ මක් නිසාද?  ප්‍රහාරකයන් ප්‍රහාරය එල්ල කර නිරුපද්‍රිතව පලා යන්නේ ආරක්ෂක අංශ වල සහාය ඇතිවය . ප්‍රහාරය එල්ල කළ මොහොතේ සියලුම පොලිසි වලට හා ජංගම මුර පොල වලට අතුරුගිරිය පොලිසිය මගින් දැනුම් දුන්නා නම් වෙඩික්කරුවන් අල්ලා ගැනීමට හැකියාවක් තිබුණි. නමුත් අතුරුගිරිය පොලිසිය වෙඩික්කරුවන් අල්ලා ගැනීම සදහා එවැනි පියවරක් අනුගමන කර නැති බව එම පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි .

මෙම ඝාතනය පිළිබද විමර්ශන කටයුතු සිදු කරන විමර්ශන කණ්ඩායම් වෙඩික්කරුවන් අල්ලා ගැනීම සදහා  සී.සි,ටි.වි. අධාරයෙන් එම වෙඩික්කරුවන්ගේ ජායාරූප ප්‍රදර්ශනය කර , මහජන සහාය ලබා ගැනීමට මෙතෙක් කටයුතු කර නැත.

තුවක්කු සහ වෙඩික්කරුවන් අල්ලා ගැනිමටත් මත්තෙන් එම ආයුද එල්.ටි.ටි.ඊ. සංවිධානය සතු ආයුද බවත් වෙඩික්කරුවන් කවුද යන්න හදුනා ගෙන නැති තතු යටතේ ඔවුන් මන්නාරමෙන් නොව දකුණු මුහුදු මාර්ගය ඔස්සේ ට්‍රොලර් යන්ත්‍රාවකින් රටින් පැන ගොස් ඇති බව පොලිසිය කියයි. පොලිසිය ඔවුන් පැන ගියේ ට්‍රොලර් යන්ත්‍රාවකින් ගියා කියලත් දන්නවා නමුත් එම ට්‍රොලර් යාත්‍රාවේ ගිය පුද්ගලයන් කවුද කියා දන්නේ නැත.

බළලා මල්ලෙන් එළියට පනී

ක්ලබ් වසන්ත දේහය භුමීදානය කළ ජුලි 13වෙනිදා මදුෂ්ගේ මෘත දේහය තැන්පත් කර තිබු මහරගම කනත්ත ඉදිරිපිට “අපේ අයියේ එක එක්කෙනවා එවනවා . අපි එනකන් බලා ගන්න”යනුවෙන් බැනර් එකාක් ප්‍රදර්ශනය තිබුණි.  ඊට සමාන්තරව එදින සවස දෙමටගොඩ ප්‍රදේශයේ කන්ජිපානිගේ පවුලේ අයව මරණවා යැයි කියා තර්ජනය කර පෝස්ටර් අලවා තිබිණ . බැනරයක් පම‍ණක් නොව මදුෂ්ගේ පිළිරුව ඉදිරිපිට ඉටිපන්දමක් ද දල්වා තිබුණි.  

අපේ අයියේ එක එක්කෙනවා එවනවා. අපි එනකම් බලා ගන්න යැයි බැනරයේ ලියා ඇත. තෝපිවත් මදුෂ් ලගට යවන බවට කළ තර්ජනයකි . නමුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කළේ ක්ලබ් වසන්ත මරා දැමීම සමරමින් මදුෂ්ගේ කණ්ඩායම කළ වික්‍රමාන්විතයක් ලෙසිනි. මහරගම කනත්තේ වැටේ සවි ක‍ළ බැනරය සහ මාලිගාවත්තේ කන්ජිපානිගේ බෝඩරයේ ඇල වු පෝස්ටරය පොලිස් විශේෂ කාර්ය බලකායේ වැඩක් බව වාර්තාවේ . ආර් ඉසෙඩ් වර්ගයේ යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදනෙකු එම බැනරය කනත්ත වැටේ සවිකර ගොස් ඇත. ඔවුන් පැමිණ ඇත්තේ හිස්වැසුම් ද නොමැතිවය . පාතාලය ප්‍රවර්ධනය කරන අයට දැඩි දඩුවම් පමුණුවන බව පොලිස්පති මාධ්‍ය  සංදර්ශන දැමුව ද මේ වන තෙක් ඒ සම්බන්ධයෙන්  කිසවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

අනුරාධපුර හොරෝව්පොතාන ප්‍රදේශයේදී පොලිස් විහේෂ කාර්ය බලකාය මගින් පැහැරගෙන ගිය කපිල කුමාරව දින විසිපහකට පසුව පිටිගල පොලිසිය මගින් ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කරන ලදී . කපිල කුමාරව වහා නිදහස් කරන්නැයි බල කර සිරකරු අයිතිවාසිකම් සංවිධානය සහ අතුරුදන් වුවන්ගේ පවුල් එකතුව ඇලිපිටිය අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ. පොලිස් විශේෂ කාර්ය බලකාය ඊට එරෙහිව පාදඩ පිරිසක් යොදා ගනිමින් විරෝධය ඵල කළහ . පාතාලය විනාශ කළ යුතු යැයි සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සුදේශ නන්දිමාල් පාතාලේ මුදලට යට වී ඇතැයි ලිවි බෝඩ් ඔසවාගෙන ඔවුන් අධිකරණය ඉදිරිපිට සිටගෙන සිටියහ .

පසුව කපිල කුමාරගේ මව නෙළුම් කුමුදුනි ජයසේකරට එරෙහිව ගාල්ල අකුරල ප්‍රදේශයේ  පාතාල අම්මා පන්නා දැමීය යුතු යැයි පොස්ටර් ඇල වු බවට චෝදනා එල්ල වන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායටය.

ඊනියා යුක්තියේ මෙහෙයෙුමට එරෙහිව කොළඹ ක්‍රියාකාරී කමිටුව , කැස්බ‍ෑව ක්‍රියාකාරී කමිටුව සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මගින් කොටුව දුම්රිය පොල ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවට එරෙහිව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පාදඩ පිරිස් යොදා ගනිමින් අප අතර ගැටුමක් නිර්මානය කරන්නට උත්සහ කළහ .

ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මත්කුඩු ජාවාරම් කාරයෙකු වන හරක් කටා වෙනුවෙන් පෙනී සිටියා යැයි ඔහුගේ කාර්යාලය ඉදිරිපිට හරක් කටා විසින් ඝාතනය කළා යැයි කියන අයගේ ඥාතීන් බව කියන පිරිසක් පිරිස්ට එරෙහිව විරෝධතාවයක නියැලුනහ .

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්  මෙහෙවන පාදඩ බලකාය ඇල්පිටියේදී සහ කොළඹ දී ප්‍රදර්ශනය කරන ලද පොස්ටර් වල අකුරු සහ කන්ජිපානිගේ නිවසේ අය මරා දමන බවට අලවන ලද පොස්ටර් අකුරු අතර සමානකමක් ඇත.

පොස්ටර් සංස්කෘතිය පිටුපස මෙන්ම ක්ලබ් වසන්ත ඝාතනය පිටුපස පොලිස් විශේෂ බලකාය සිටින බවට බරපතළ සැකයක් අපට ඇත. කොස්ගොඩ සුජිට බලපිටියේ පොලිස් විශේෂ කාර්ය බලකා කදවුර සමග ප්‍රබල සම්බ්න‍්ධයක් පවතින බව යුටියුබ් නාලිකාව මගින් නම් ගම් සහිතව හෙළි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *