ලෝක වැඩ කරන ජනතාවට මෙම මැතිවරණය උගුලෙන් එළියට පැමිණීමට මාවතක් අවශ්‍ය වී ඇත

ඒසියා කොමියුනයේ මාධ්‍ය නිවේදනය

“2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වූ ජනාධිපතිවරණය ගැන ආසියා කොමියුනයේ මතය asiacommune.org වෙබ් අඩවියේ පල කරන ලදි. එම ප්‍රකාශනයේ ද්විත්ව මැතිවරණ ප්‍රතිඵලයක් ගැන කතා කරන ලදි.

උපුටා ගැනිම asiacommune.org 2024/09/20 දින “2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත“

 ජනතාව, ජනතාව විසින්ම සිදු කරනු ලබන වෙනසේ ප්‍රතිඵලය
වාම මුහුණුවරින් පෙනී සිටින ව්‍යාජ වාම කණ්ඩායම් සහ පක්ෂ වල දේශපාලනයේ අවසානය දැනුම්දෙන ප්‍රතිඵලය
ආසියා කොමියුනය ප්‍රකාශ කල පරිදි එම ප්‍රතිඵල දෙකම නිකුත් විය.

දශක ගනණාවක් ධනවාදයෙන් බැට කෑ ජනතාව ඡන්දයෙන් කළ හැකි දෑ සිදු කළේය. වසර 76 ක් තමන්ව පාලනය කළ සියලුම දූෂිත පවුල් ඡන්දයෙන් පරාජය කළේය.

ඒ වෙනුවට 1965 සිට ව්‍යාජ වාම මුහුණුවරක් පෙන්නුම් කල ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නායක අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත් කලේය. 2024 සැප්තැම්බරයේ ඔවුන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජාතික ජනබල වේගය( NPP) නමිනි. නමුත් එහි අභ්‍යන්තර ශක්තිය ජනතා විමුක්ති පෙරමුණ (JVP ) විය.

2024 සැප්තැම්බරයේ ඔවුන් බලය ලබා ගැනිමට පෙර කිසියම් හෝ නව සමාජ ආර්ථික වැඩපිළිවෙලක පෙර පුහුණුවක සිටියේ නැත. ලෝකයේ නව සමාජ ආර්ථික මොඩලයන් අත්හදා බලන විප්ලවිය කණ්ඩායම් සමඟ ජාත්‍යන්තර ගණුදෙනුවක පෙර සූදානමකද නොසිටියේය. දශක ගණනාවක් ජාතිවාදි පදනමෙන් වේදනා විදි දමිළ ජනතාවගේ දේශපාලන ගැටළු ප්‍රමුඛත්වයේ ලා සැලකුවේ ද නැත. දකුණු ආසියානු කලාපිය ජනයා සමඟ සහයෝගිතාවයක් සදහා ඉදිරි දර්ශනයක්ද තිබුනේ නැත.

එවැනි තත්වයක් තුළ 2024 සැප්තැම්බර් 21 වන දින සිටම අනුර කුමාර දිසානායක ගෝලිය ධනවාදයේ ශ්‍රි ලංකාවේ නියෝජිතයා විය. කඩා වැටෙන ගෝලිය ධනවාදයේ ජරා වාස වූ නිවසට ඔහු සොම්නසින් ඇතුල් වී ඇත.

එසේ ඇතුල්විමත් සමග ඔහුගේ ව්‍යාජ වාම මුහුණුවර සම්පූර්ණයෙන්ම අවසන් විය. 2024 නොවැම්බර් 14 වන දිනෙන් පසු ධනපති නීති සම්පාදනයට ද බලය ලබා ගන්නවා  ඇත. 225 ක්ම සොරුන් සිටි ව්‍යවස්ථාදායකයට ඔවුන් බැති සිතින් ඇතුල්වනු ඇත.

එම දිශාව බලාගෙනම පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අනෙකුත් ව්‍යාජ වාම කණ්ඩායම් ද මැතිවරණයෙන් මෙන්ම දේශපාලයෙන්ද පරාජය විම ස්ථීරය.

2024 නොවැම්බර් 05 වන දින 30% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ( අන්ත දක්ෂිණාංශික) ඇමරිකානු ජනාධිපති විය. ඔහුගේ ප්‍රතිවාදියා වූ කමලා හැරිස් 29% ජන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.  මෙහිදී ජන්ද දිමෙන් වැලකී සිටි ඇමරිකානුවන් ප්‍රමාණය 40.3% ක ප්‍රතිශතයකි. ලෝකය පුරාම ප්‍රධාන මැතිවරණ වල මෙවැනි තත්වයක් දැකිය හැක. 30% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඉන්දියානු හින්දු ජාතිවාදී මෝදි පාලනයට ද ශක්තියක් විය.

ලෝක වැඩකරන ජනතාවට මෙම මැතිවරණ උගුලෙන් එළියට පැමිණිමට මාවතක් අවශ්‍යය වි ඇත. මෙම පාර්ලිමේන්තු මැතිවරණ මොහොතේදී නූතන අදහස් ඇති වාමාංශිකයන්ට නිර්මාණාත්මකව සිතන මෙන් ආසියා කොමියුනය ආයාචනය කරමු.

දකුණු ආසියානු කලාපයේ පීඩිත ජනයාට ගැටළු විස්තර කිරිම නවතා දමා විසඳුම් විස්තර කරන ලෙස ආයාචනය කරමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව, ලෝක වෙළද සංවිධානය (WTO), ආසියානු සංවර්ධන බැංකුව පිළිබඳ විස්තර කිරීම පමණක් නොකර නූතන ආර්ථික මොඩලයක්, බැංකු ක්‍රමයක් ප්‍රායෝගිකව වැඩ කරන ජනතාව සමඟ අත්හදා බැලිමට ආයාචනය කරමු.

මෙවැනි විප්ලවිය ගමනක් ආරම්භ කිරීමට නම් ව්‍යාජ වාමාංශික ව්‍යාපාර අවසන් විය යුතුව ඇත. එය එසේ වෙමින් පවති. අපට සතුටු විමට නම් නුතන කලාපිය විප්ලවිය ව්‍යාපාරයකට පණ දිය යුතුය. ආසියා කොමියුනය ක්‍රියා කරන්නේ මේ සදහාය. එම අරගලය සමඟ එක්වන ලෙස ආසියා කොමියුනය ඔබට ආයාචනා කර සිටිමු.

අපගේ වෙබ් අඩවිය –www.asiacommune.org

විද්‍යුත් තැපෑල – asiacommune22@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *