අඩවි වන නිලධාරීන්ට පහර දුන් නාවික හමුදා මැරයෝ නිදැල්ලේ

ත්‍රිකුණාමල අඩවි වන නිලධාරීන්ට කර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසකට අප්‍රේල් පළමු වැනිදා පහර දීමක් සිදු කළ නාවික හමුද්‍රවේ උස්ස් නිලධාරීන් පිරිස තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව තඹලගමුව පොලිසය පවසයි .

අප කළ විමසුමකදී තඹලගමුව පොලිසියේ නිලධාරියෙකු පැවසුවේ , ඒ පිළිබද විමර්ශන යටයුතු තවමත් සිදු කරමින් පවතින බවය .

පහර කෑමට ලක් වු අඩවි වු අඩවි වන නිලධාරීන් සිවු දෙනා ,වැටලීමක් සදහා පාලම්පටාල් නාවික වැඩබිම අභය භුමියට ලොස් ඇති අතර, එහි දී අයිතිකරුවන් නොමැති යතුරු පැදියක් (ඊ.පී.ටි .බී 0660)පිහියක් හා මාලු දැලක් දැක ,ඒවා ඔවුන්ගේ භාරයට ගෙන තිබේ .

එම භාණ්ඩ ද රැගෙන අඩවි වන නිලධාරීන් පිරිස නැවත කාර්යාලයට පැමිණෙමින් සිටිය දී මෙම පහර දීම සිදු කර ඇති බව පොලිසිය පැවසීය .

උස්ස නිලධීරීන් වන ලුතිනන් කමාන්ඩ කන්දේගෙදර ,ලුතිනන් කමාන්ඩ පියරතන සහ ලුතිනන් කමාන්ඩර් ජයමග යන අය එම පහර දීම සිදු කර ඇති බවට හදුනාගෙන ඇත.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ ,නාවික හමුදාව , පොලිසිය හා අඩවි වන කාර්යාලය යනුවෙන් රාජ්‍ය ආයතන තුනක් ම මෙම සිද්ධියට ආදාළ නිසා තවදුරටත් සිද්ධිය පිළීබද විමර්ශන සිදු කරමින් පවතින බවයි .

තරිදු අමරසිංහ – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *