අත්අඩංගුවට ගත් පාසල් සංවර්ධන නිලධාරීහු ඇප මත නිදහස් කෙරෙති
දෙසැම්බර් මස 02 දා කොලඹ, බත්තරමුල්ලේ, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පාසල් ආර්ථික සංවර්ධන නිලධාරීන් (පාආසනි) සිවුදෙනා ඊයේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරනය තීන්දු කලේ ය. මෙලෙස ඇපමත නිදහස් කෙරුනේ එල්.පී.එස්. අබේවික්‍රම, එච්.වයි.එල්. පෙරේරා, කේ.එම්.ජී. කොස්වත්ත, සහ එච්.ඩබ්ලිව්.ආරච්චිගේ යන පාආස නිලධාරීන් වන අතර, ඉදිරි පියවර සඳහා නඩුව 2025 මාර්තු මස 25 දා යලි කැඳවීමට නියමිත ය.
විරෝධතාවයේ නිරත පාආසනි යුක්ති යුක්ත ඉල්ලීම වන්නේ, ඔවුන් ගුරු සේවයට අන්තර්ග්රහනය කර ගුරුවරුන්ට හිමි අයිතිවාසිකම් ලබා දෙන ලෙසයි. 16000 ක් පමන පාආසනි 2021 පටන් පාසල් තුල ඉගැන්වීම් කටයුතුවල නිරත වී සිටිති.
දහසකට ආසන්න පිරිසක් සහභාගී වූ 02 පැවති විරෝධතාවයට කිහිප සියයක පොලිසිය මෙහෙයවා විරෝධතාකරුවන්ට පහරදී විසුරුවා හැරීමට අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව කටයුතු කලේ ය. මෙම ප්‍රහාරය මගින් ආන්ඩුව පෙන්නුම් කර තිබෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙල ක්රියාවේ යෙදවීමේ දී ඊට බාධාකාරී වන කවර කොටසකගේ ඉල්ලීමක් වුව මැඩීමට පියවර ගනු ඇත යන්නයි.
නීතිවිරෝධී රැස්වීමක කොටස්කරුවන් වීම, රථ වාහන ධාවනයට බාධා කිරීම සහ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරීන් තිදෙනෙකුට කැපුම් තුවාල සිදු කිරීම යන අභූත චෝදනා අත්අඩංගුවට ගත් පාආසං නිලධාරීන්ට එරෙහිව ගොනු කර තිබුනි. ඔවුන් ඇපමත නිදහස් කල ද, මෙම චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බවට අධිකරනය තීන්දු කලහොත්, වසර තුනක් දක්වා සිරදඬුවම් වලට සහ මුදල් දඩ වලට යටත් කිරීමේ අන්තරායට ඔවුහු මුහුන දී සිටිති.
පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම සම්බන්ධ සැක සහිත පුද්ගලයෙකු විරෝධතාකරුවන් විසින් එදින පොලිසියට භාර දීමට කටයුතු කර තිබුනි. එම තැනැත්තා හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු බව ඒ අවස්ථාවේදීම හෙලිදරව් වූ අතර ඊයේ උසාවියේ දී පොලිසිය විසින් ද එය පිලිගනු ලැබී ය. පාආසනි වෙනුවෙන් පෙනීසිටි නිතිඥවරුන් එම පුද්ගලයා පිහියක් වැනි ආයුධයක් අතැතිව විරෝධතාකරුවන් අතර සැරිසරන ඡායාරූප උසාවියට ඉදිරිපත් කර තිබූ අතර පසුව එය මාධ්‍යය මගින් ද ප්‍රචාරය කෙරුනි.
එසේ තිබියදීත් විරෝධතාකරුවන් සිවුදෙනා දින 08 ක් බන්ධනාගාර ගතකර සිටියා පමනක් නොව, ඊයේ තුවාල සිදු වූ පොලිස් නිලධාරීන් ඉදිරියේ ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කලේ ව්‍යාජ චෝදනාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් දඩයමක් ඉදිරියට ගැනීමේ එල්ලයෙනි. නමුත්, විරෝධතාකරුවන් සිවුදෙනා තුවාල සිදු කිරීමට සම්බන්ධ නැති බව හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී පොලිස් භටයන් විසින් තහවුරු කෙරුනි.
ආන්ඩුව, පාආසංනි ගේ අරගලය යටපත් කරනුවස් ඔවුන් නඩුවලට පටලවා දඩුවම්දීමේ තුච්ඡ කුමන්ත්රනයක යෙදී ඇති බව මේ සිද්ධියෙන් ඉතා පැහැදිලි ය. ඒ සමගම, අරගලවලට පිවිසියහොත් ඒවාට එරෙහිව රාජ්‍ය මර්දන යන්ත්‍රය භාවිතා කරන බවට, ආන්ඩුව මෙමගින් සමස්ත කම්කරු පන්තියට පනිවිඩයක් ද නිකුත් කර ඇත.
මෙය හොඳින් සැලසුම් කල ක්‍රියාවකි. කම්කරු පන්තිය මෙම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රකෝප කිරීම් විමර්ශනය කල යුතුය. එම තැනැත්තා කවරෙකුගේ නියෝග ක්‍රියාවට දැමුවේ ද ? එවන් පුද්ගලයින් තවත් එහි සිටියේ ද ? යන ප්‍රශ්නවලට ආන්ඩුවේ හෝ එහි ආරක්ෂක අංශවල කිසිවෙකු මෙතෙක් පිලිතුරු දී නැත. අදාල හමුදා බුද්ධි අංශ පුද්ගලයා සහ අදාල සිදුවීම සම්බන්ධ විමර්ශනයක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර ඇති නමුත්, සිද්ධිය සිදු වී මේ වන විට දින 10 ක් ගත වී ඇතත් එවැනි විමර්ශනයක් සිදුවන බවට මෙතෙක් වාර්තා වී නොමැත.
පාසල් ආර්ථික සංවර්ධන නිලධාරීහු පසුගිය කාලපරිච්ඡේදය පුරා අනුප්‍රාප්තික ආන්ඩුවලට ඉහත ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර, එම ඉල්ලීම ඉටු කරන ලෙස ඉල්ලා විවිධ විරෝධතා ද පැවැත්වූහ. ජවිපෙ/ජාජබ, ජනාධිපතිවරනයේ දී හා මහ මැතිවරනයේ දී පාආසනි ගැටලුව විසඳන බවට පොරොන්දු දුන්හ. එම පොරොන්දු ලබා දුන් ජවිපෙ වෘත්තීය සමිති නායකයන් දැන් ආන්ඩුවේ ඇමතිධූර හා පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දරමින් ප්‍රහාරය නරුම ලෙස යුක්ති සහගත කිරීම පාආසනි ගේ සහ අවශේෂ කම්කරුවන්ගේ පිලිකුලට හේතු වී තිබේ.
පාආසනි විරෝධය පිලිබඳව පාර්ලිමේන්තුවේ දී අදහස් දැක් වූ ලංකා ගුරු සේවා සංගමයේ (ලගුසේස) නායක, වත්මන් ජාජබ/ජවිපෙ ආන්ඩුවේ කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පොලිස් නිලධාරීන් කෙරෙහි සානුකම්පිත වෙමින් තුවාල සිදු කිරීම සම්බන්ධ කිසිදු වගවිභායකින් තොරව පාආසනි හෙලා දැක්කේ ය. “මේ උද්ඝෝෂනය නොවියයුතු දෙයක්. ආන්ඩුව යම් අපහසුතාවයකට ලක් කිරීමේ එල්ලයෙන් ද මේ විරෝධතාවය දියත් වුනේ කියන ප්රශ්නය අපිට තියෙනවා“ යයි ප්‍රකාශ කල ඔහු, “ආන්ඩුවට කල් දිය යුතුයි“ යන මන්තරය ජප කලේය.
ගුරු සේවයට බඳවා ගැනීම් සිදු කරන්නේ ගුරු සේවා ව්‍යාවස්ථාව අනුව බවත්, ඒ සඳහා තරඟ විභාග පැවැත්විය යුතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය. “ඔවුන්ගේ (පාආසනි) තර්කය තමයි පසුගිය කාලේ විභාග නොමැතිව බඳව ගෙන තියෙනවා කියන එක. කලින් ආන්ඩු කල වැරදි කරන්න නෙමේ ජාජබ ආන්ඩුව බලයට ආවේ“ යැයි ජයසිංහ තර්ජනය කලේ ය.
ආන්ඩුවේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීයෙකු වන සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිතියේ සභාපති චන්දන සූරියආරච්චි, ස්වාධීන ගුරු සංගමයක් යයි කියා ගන්නා ලංකා ගුරු සංගමයේ (ලගුස) ලේකම් ජෝසප් ස්ටාලින්, දක්ෂිනාංශික ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පත්වීම “ජනතා අභිලාෂයන් ප්‍රකාශයට පත්වීමක්“ යයි කියා සිටින ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යටතේ මෙහෙය වන ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් පැවැත්විය යුතු බවත්, ගුරු සේවයට බඳවා ගත යුත්තේ අවුරුදු 35 ට අඩු පුද්ගලයන් බවත් යන කරුනු ඉදිරියට දමා ආන්ඩුව සමග පෙලගැසී සිටිති.
සිවු වසරක කාලයක්, පාසල් ගුරු වෘත්තියේ යොදවා සිටි පාආසං නිලධාරීන්, ඔවුන්ගේ යුක්තියුක්ත ඉල්ලීම පරිදි, වහාම “ගුරු සේවයට” අන්තර්ග්රහනය කර, එම සේවයේ අනෙකුත් ගුරුවරුන්ට හිමි අයිතීන් ලබාදියයුතු බවට බල කෙරෙන කම්කරු පංතික ආස්ථානයක් මත, අනෙකුත් සියලුම ගුරුවරුන් සහ අවශේෂ කම්කරුවන්, පාආසංනි අරගලය ආරක්ෂා කිරීම සඳහා පෙරට පැමිනිය යුතු ය.
පාආසනි රැකියා අර්බූදය මගින් එලිමහනට පැමින තිබෙන්නේ ධනපති ආන්ඩු, නිදහස් අධ්‍යාපනය හා තරුනයන්ගේ රැකියා ප්රශ්නය සම්බන්ධව දක්වන තුච්ඡ නොතැකීම මෙන්ම ධනපති ලාභ පද්ධතියට හා එහි ජාතික රාජ්‍යයට තදින් ම බැඳුනු වෘත්තීය සමිතිවල ද්‍රෝහි ක්රියාකලාපයයි.
2021 වසරේ 50000 ක් පමන උපාධිධාරීන් හට, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව යටතේ, අවම වැටුප් මට්ටම් සහිත සහ නිශ්චිත වෘත්තීමය භූමිකාවක් රහිත මෙවන් රැකියා ලබා දීමක් සිදු කලේ, රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ඉල්ලා අඛන්ඩව ගෙනගිය අරගලය යටපත් කිරීමේ අරමුනෙනි. මේ වනවිට ද උපාධිධාරීන් 30000 ක් රැකියා විරහිතව සිටිති.
ප්‍රාථමික, ද්විතික පමනක් නොව උසස් පෙල අංශවලත් පසුගිය ඉගැන්වීමේ කටයුතුවල නිරත මෙම පාආසං නිලධාරීහු විෂය කටයුතුවල මෙන්ම විෂය සමගාමී කටයුතුවල ද නිරත වී සිටිති. පාආසනි වැටුප, ගුරු සේවයේ නවක ගුරුවරයෙකුගේ වැටුපට වඩා රුපියල් 6500 ක් පහලින් පවතී.
පාආසං නිලධාරීන් ගුරුවරුන් නොවන බවත්, ඔවුන් ගුරු සේවයට අන්තර්ග්රහනය කරගත යුත්තේ තරඟ විභාගයකින් බවත් කියාපාමින් ශ්‍රේනිවාදී භේදකරන අවුලුවා, කම්කරු පන්තියේ ඒකාබද්ධ ශක්තිය දුර්වල කර ජාමූඅ හි කප්පාදු ඇතුලු ජාජබ/ජවිපෙ ආන්ඩුවේ ප්‍රහාර වලට ඔවුන් යටත් කිරීමේ ද්‍රෝහී භූමිකාවේ වෘත්තීය සමිති යෙදී සිටින්නේ මෙම පසුබිම තුලයි.
ජාමූඅ වැඩපිලිවෙල “නැවත සාකච්ඡා කරන බවට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අතුලු මර්දන අන පනත් අහෝසි කිරීම, විදුලිය බිල ගාස්තු, තෙල්මිල ඇතුලු ජීවන වියදම හා නිදහස් අධ්‍යාපනයට සියයට 6 ක් වෙන් කිරීම වැනි සිය මැතිවරන පොරොන්දු කඩාදමා ඇති දිසානායක ආන්ඩුව පිලිවෙත වන්නේ පැන නංවන අනිවාර්ය පන්ති සටන් රුදුරු ලෙස තලා තැබීමේ පොලිස්-මිලිටරි ආඥාදායක පාලනයක් වෙත වේගයෙන් ගමන් කිරීමයි.
නිදහස් අධ්‍යාපනය මුහුන දී ඇති ගැටලු විසඳීමට නම් දහස් ගනනින් ගුරුවරු බඳවා ගැනීම, ඉහල පහසුකම් සහිත පන්ති කාමර, විද්‍යාගාර, පුස්තකාල, ගුරු පුහුනු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගුරු හා සිසු නේවාසිකාගාර ඉදි කිරීම ඇතුලු වැඩ කටයුතු සඳහා බිලියන ගනනින් ප්‍රතිපාදන වෙන් කල යුතු ය. එය ධනපති ක්‍රමය තුල ජාතික රාජ්‍ය සීමා තුල ධනපති ආන්ඩුවක් යටතේ ක්‍රියාවට දැමීය නො හැක.
එය සිදු කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන එම මගින් පමනි. ඒ සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් පෙරට ගැනීම සඳහා වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂවලින් ස්වාධීනව සෑම ක්ෂේත්රයක් තුලම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය.
මෙම ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා, අධ්‍යාපන, සෞඛ්‍ය, වරාය, වතු, ඇගලුම් හා දුම්රිය යන ක්ෂේත්රවලින් සමන්විත කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය විසින්, “පාසල් ආර්ථික සංවර්ධන නිලධාරීන් සිවුදෙනාට එරෙහි චෝදනා ඉවත්කරගනු! පාසල් ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සටනට පූර්න සහාය! යන මැයෙන්, දෙසැම්බර් 15 ඉරිදි සවස 7 ට පවත්වන ඔන්ලයින් සූම් රැස්වීමට සහභාගීවන මෙන් සියලුම කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.
ලෝක සමාජවාදී බෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.