අධිකරණ නියෝග ක්‍රියාත්මක කළේ නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අප්‍රසාදය පල කරයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමට ආදාළව මීට මාස හතරකට පෙර නිකුත් කළ ඇතැම් නියෝග ක්‍රියාත්මක නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) දැඩි අප්‍රසාදය පල කළේය.
මාස හතක් තිස්සේ මෙම නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්මේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරියගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කළ අධිකරණය ආදාළ නියෝග ක්‍රියාත්මක කර ඒ ගැන මෝසමක් මගින් අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ වාහනය ඉස්සර කිරිම සම්බන්ධයෙන් ඔහු විසින් පහරදීම , අඩතෙතේට්ටම් කිරීම සහ නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම ඇතුළු කරුණු කිහිපයක් යටතේ මිෂාර රණසිංහ නම් පුද්ගලයකු විසින් ගොනු කළ මුලික අයතිවාසිකම් පෙත්සමක් විභාගයට සදහා පෙරේදා (07) කැදවු අවස්ථාවේදී.
අද මෙම පෙත්සම කැදවුයේ දිලිප් නවාස් ,අර්ජුන් ඔබේසේකර සහ සම්පත් බී අබේකොන් යන විනිසුරුවන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරිපිටදිය.
පෙත්සම විභාගය වෙනුවෙන් අද කැදවුවද මෝසමක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මගින් රන්මල් කොඩිතුවක්කු ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් දැනුම් දී තිබුණේ විරෝධතා ගොනු කිරීම සදහා ඔවුන්ට ලැබිය යුතු ඇමනුම් ලේඛන තවමත් අධිකරණයට ඉදිරිපත් කර නැති බැවින් ආදාළ ලේඛන ලැබිමෙන් පසු විරෝධතා ගොනු කිරීම සදහා කාලය අවශ්‍ය බවයි .1 සිට 05 දක්වා වු වගඋත්තරකරුවන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් අද අධිකරණය ඉදිරියේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ සදහන් කළේ පසුගිය අගෝස්තු මාසයේ ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව ආදාළ වාර්තාව ලැබි නැති හෙයින් විරෝධතා ගොනු කිරීමට නොහැකි වු බවයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ඩිලාන් නාලක සමග පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වෙිරගොඩ සදහන් කළේ ශ්‍රේඨාධිකරණය ආදාල නියෝග ලබා දී ඇත්තේ පසුගිය අගොස්තු මාසයේ බවයි.මාස07ක් තිස්සේ ජාතික පොලිස් කොමිෂන් සභාව සහ අනිකුත් බලධාරීන් එම නියෝගය ක්‍රියාත්මක නොකර පැහැර හැර ඇති බවයි. නඩුවේ පලමු වගඋත්තකාර රන්මල් කොඩිතුවක්කු අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලස්පතිවරයා මෙන්ම වින්දිතයන් සහ සාක්කිකරුවන්ගේ කොට්ඨාසය අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ නිජෝජ්‍ය පොලිස්පතිවරයා ද වන බවත් එබැවින් හිතාමාතා ආදාළ බලධාරීන් මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.
අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ දිගින් දිගටම රජයේ නීතිඥවරියගේ ප්‍රශ්න කළ අතර ඊයේ දිනැතිව එනම් 2025 මාර්තු 03 වැනිදා දිනැතිව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා අධිකරණය වෙත ලියා එවා ඇති ලිපියක් ගැන ද ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය යොමු කළේය. ආදාළ කටයුතු සිදු කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු ගොනුවේ පිටපතක් ලබා දෙන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලිපියක් මගින් ඉල්ලා තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණ අලුත් කරුණු සොයා බැලීමක් සදහා නියෝග කළේය 2024 අගෝස්තු මස 08 වෙනිදා බවත් ආදාළ නියෝගය ක්‍රියාත්මක කිරීම සදහා ජාතික පොලිස් කොමිෂන් සභාව නඩු වාර්තාව ඉල්ලා ඇත්තේ මාස හතකට පසු බවත් නීතිඥ වෙිරගොඩ අධිකරණයේ අවධානයට යොමු කරමින් සදහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පල කළ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ක්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් මෝසමක් මගින් මැයි 08 වැනිදා වන විට අධිකරණ දැනුවත් කරන ලෙස රජයේ නීතිඥවරියට නියෝග කළේය. අධිකරණය එක් නියෝගයකට ආදාළව වාර්තාව ලබා දිය යුත බවත් වෛද්‍ය චන්න පෙරේරා විදේශ ගතව සිටින බවත් ඔහු නැවත ලංකාවට පැමිණෙන්නේ මැයි මාසයේ බවත් ඔහු පැමිණි පසු ආදාළ වාර්තාව ඉදිරිපත් කරනු ඇති බවත් රජයේ නීතිඥවරිය ප්‍රකාශ කළාය. ඒ අනුව ආදාළ වෛද්‍යවරයා සමග සන්නිවේදන කර මැයි මාසයේදී වාර්තාව අධිකරණයට ගොනු කරන ලෙස ද අධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම්කරු පහරකෑමෙන් පසු මුල්ලේරියාව රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති අතර ඊට ආදාළ ඇද හිසපත අතුරුදන්වීම ගැන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ සෘජු අධීකරෂණය යටතේ විමර්ශනයක් කරන ලෙස අගෝස්තු 08 වනදා නිකුත් කළ අධිකරණ නියෝගවල සදහන් වන අතර ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒ ගැන කරුණු විමසීය.ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරිය සදහන් කළේ අපරාධ කොට්ඨාසයෙන් සිදු කරන පෙබරවාරි මස අවසන් සතියේ උදෘත නීතිපති වෙත ඉදිරිපත් කර ඇති බවයි .ඒ අනුව වාර්තාව පරීක්ෂා කර බලා ඉදිරි ක්‍රියමාර්ග ගන්නා ලෙස ද අද ශ්‍රේෂ්ඨාධිකරණයය නියෝග කළේය.
මෛ සිද්ධියේ පෙත්සම්කරුට පහරදීම ගැන අපරාධ විමර්ශනයක් සිදු කිරීමට ආදාළ නිකුත් කර ඇති අධිකරණය නියෝගය මේ වන තෙක් ක්‍රියාත්මක කර නැති බව ද අද අධිකරණයේදී අනාවරණය විය .ආදාළ නියෝගය ද ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ නීතිඥවරියට දැනුම් දුන්නේය.
ආදාල නියෝගය ක්‍රියාත්මකවීම ගැන සොයා බැලීම සදහා මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 30 වෙනිදා කැදවීමට නියෝග කළ අධිකරණය පෙත්සම විභාග කිරීම සදහා ඔක්තෝම්බර් 21 වැනිදා කැදවන ලෙස ද නියෝග කළේය.