අපරාධ සහ සිවිල් නඩු වශයෙන් බේදන්නේ නැතිව, අරගලකරුවන් සියලුම නඩු වලින් කොන්දේසි විරහිතව නිදහස් කරනු !

අපරාධ සහ සිවිල් නඩු වශයෙන් බේදන්නේ නැතිව, අරගලකරුවන් සියලුම නඩු වලින් කොන්දේසි විරහිතව නිදහස් කරනු !

ශාන්ත විජේස්රිය විසිනි.

ධනපති ක්‍රමයට මෙන්ම රාජපක්ෂ රේජිමයට එරෙහිව 2022 මාර්තු 09 දා ගාලුමුවදොරින් ඇරඹි අරගලය ජුලි 09 අතිවිශාල ජන ගගක් කොළඹට කඩා වැදි නගර මන්දිර ,මැදුරු සහ ලේකම් කාර්යාල අත්පත් කර ගනිමින් ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීමට කටයුතු කළහ.

 එම අරගලය සදහා ධනපති පන්තියේ සමහර ප්‍රගතිශීලි කොටස්, ඉහල මධ්‍යම පාන්තිකයන් , මධ්‍යම පාන්තිකයන් , සුළු ධනේශවර කොටස් , නිර්ධන පන්තිය ඇතුළු නිර්ධන පන්ති  පහල කොටස් දක්වා විවිධ පන්ති ස්ථීර ඊට සහභාගි වුහ. ‌

මෙම ‌ෙඑතිහාසික අරගලය සදහා ලක්ෂ සංඛ්‍යාත මහ ජනතාවක් සහභාගි වු අතර ඒ අය අතරින් අපරාධ , මංකොල්ලකෑමේ , රජය ආයතන වලට බලහත්කාරයෙන් ඇතුල් විම ,නීති විරෝධී විරෝධතා  පැවැත්විම ‍,රජයේ ,ඇමතිවරු සහ මන්ත‍්‍රීවරුන්ගේ නිවාස වලට අලාභානි කළා යැයි සහ පුද්ගයින්ට පහර දුන්නා යැයි චෝදනා කොට රටපුරා තුන්දහසක පමණ පිරිසක් පොලිසිය සහ හමුදාව මගින් අත්අඩංගුවට ගෙන නඩු පැවරුණී.

අපරාධ සහ සිවිල් නඩු වශයෙන් බේදන්නේ නැතිව, අරගලකරුවන් සියලුම නඩු වලින් කොන්දේසි විරහිතව නිදහස් කරනු !

ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් අරගලකරුවන්ගෙන් සමහරුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලදි. තවත් සමහරුන්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර කෙටි කාලයක් ඇතුළත ඇප මත මුදා හැරියේය. අපරාධ චෝදනා ගෙනුකරමින් තවමත් බන්ධනාගාරගතව සිටින පිරිසක් ද සිටිති. ඒ අය අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාළ සමග ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාව  නිට්ටඹුවේදි ඝාතනය කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් පිරිසක් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ ගෙට ගිනි තැබුවා යැයි සැකපිට අත්අඩංගුවට ගත් පිරිස් තවමත් බන්ධනාගාරගත සිටි.

අරගලයට සහභාගි වු ලක්ෂ සංඛ්‍යාත මහජනයා මෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පිරිස් ද අරගලයට සහභාගි වුයේ එදා වෙිල කන්න නැති ස්ථීර ආදායම් මාර්ගයක් හෝ රැකියාවක් නැති  , රැකියාවක් තිබුන ද ගන්න වැටුපෙන් ජිවිතය ගැට ගහ ගන්න  බැරි , සල්ලි තිබුනත් වෙළදපොලේ බඩු නැති , තෙල් සහ ගෑස් නැති නිසා සැතපුම් ගනන් පෝලිම් වල උදේ දවල් සහ රාත්‍රියක්ම මහ පරේ රස්තියාදු ගැසීමට සිදු විම, උයාපියා ගන්නට යමක් තිබුන ද ගෑස් නැති නිසා බඩගින්නේ සිටින්නට බල කළ, විදුලිය ද නැතිව වායුසමන ද නැතිව තට්ටු නිවාස සිර වි සිටි , ඖෂධ නැති නිසා මිය යෑම අනිවාර්ය කර තිබු  සහ ජංගම දුරකතන පාවිච්චි කිරීමට නොහැකිව අයිතිවාසිකම් අහිමි කිරීමට එරෙහිවය.

අපරාධ සහ සිවිල් නඩු වශයෙන් බේදන්නේ නැතිව, අරගලකරුවන් සියලුම නඩු වලින් කොන්දේසි විරහිතව නිදහස් කරනු !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උසිගැන්විම නිසා  කුලප්පපු සමහර ඇමතිවරු මන්ත්‍රිවරු , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ සහ මැරයෝ අරගලයට පහර දිම නිසා ඊට මහජනයා ප්‍රතිචාර දැක්විම නිසා ඇති අහඹු තත්වයකි . ආණ්ඩුයේ මැරයෝ අරගලයට පහර නොදුන්නේ නම් ඒ වැනි තත්වයක් කිසිසෙත් ඇති නොවන්නේය. මේ සියලුම අපරාධ වලට සහ විනාශයන්ට වගකිව යුත්තේ හිටපු ජනාධිපති රාජපක්ෂ ඇතුළු මෙරට පාලනය කළ ධනපති පාලක හැත්තයි. හොරු ,මංකොල්ලකරුවන් සහ මිනීමරුවන් පන්නා දැමීමට පැමිණි තරුණයන්ට එම චෝදනාම එල්ල කර ඔවුන්ව හිටපු ජනාධිපති රනිල්ගේ ආණ්ඩුව ඔවුන්ව හිරේ විලංගුවේ දැමුවේ මහජන දේපල කොල්ල කෑ ,මිනිමරුවන්ගේ ද සහාය ඇතිවය.  

ජාතික ජන බලවේග ආණ්ඩුවේ බලයට ගෙන එමේ ප්‍රධාන සටන් පාඨය වුයේ හොරු ඇල්ලීමයි. මාධ්‍යවේදීන් ඇතුළු උතුරු- නැගෙනහිර සහ දකුණේ ආරක්ෂක අංශ විසින් ඝාතනය කරන ලද මිනීමරුවන් අධිකරණය හමුවට රැගෙන එන බවටද ජාතික ජන බලවේගය පොරෝන්දු විය. නමුත් නීතිපති පාරින්ද රණසිංහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි චුදිතයන් තිදෙනෙකු නිදහස් කරන්නට අනුමැතිය ලබා දුනි. ජාජබ ආණ්ඩුව නිතිපතිගේ නියෝගය හමුවේ ගොළුවත රැක්ක ද මාධ්‍යවේදීන් වෘත්තීය සමිති නායකයින් සහ මහජනයා පාරට බසිද්දී  ආණ්ඩුව බොරු නින්දෙන් නැගිට්ටා සේ රගපාන්නට විය. ජනමාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රවෘත්තී සාකච්ජාවලදී ඇමතිවරු එම ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත්  ආණ්ඩුවට එරෙහිව මහජනයා පෙළ ගැසෙතැයි බිය වු ආණ්ඩුව නීතිපතිට එම නියෝග හකුළා ගන්නැයි බල කළේය. ඒ අනුව නීතිපති එම නියෝගය හකුළා ගත්තේය.

අපරාධ සහ සිවිල් නඩු වශයෙන් බේදන්නේ නැතිව, අරගලකරුවන් සියලුම නඩු වලින් කොන්දේසි විරහිතව නිදහස් කරනු !

මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංගගේ නඩුව අත තියන්නට පෙර ආණ්ඩුව රැදවියන් සහ සිරකරුවන් 11 දෙනෙකු මර දැමු මහර බන්ධනාගාර නඩුවත් ,බලපිටියේ ඉන්දික ප්‍රභාත් ඝාතනය කළ නඩුවත් වසා දමමින්  නීතිපති මගින් මුට්ටිය දමා බැලුවේය.  වැලිසර සහ බලපිටියේ පැවති අපරාධ නඩු නීතිපති වසා දමන්නේ ජනාධිපති අනුර කුමාර දිසානයකගේ උපදෙස් මතය. නමුත් ජනාධිපතිවරයාට අරගලකරුවන්ගේ සියලුම නඩු එසේ වසා දමන්නැයි නීතිපතිට අවශ්‍ය නම් උපදෙස් දිය හැකිව තිබුණි. නමුත් එසේ නොවන්නේ ජවිපෙ සහ ජාජබය සම්පුර්නයෙන් පිහිටා සිටියේ මහජන අරගලයට හතුරු අස්ථානයකය.   “කවන්දයක් නැති අරගලයකට “සම්බන්ධ වන්නේ නැතැයි පුච්චානම් කතා කියමින් අරගලය වටේ කැරකෙමින් එම අරගලය පවා දෙන්නට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාජබය, පැහැදිලි විද්‍යාත්මක ඉදිරිදර්ශනයක්  සහිත නායකත්වයක්  පෙනමානයක නොතිබුණු නිසා ඔවුන්ට අරගලය ධනපති පාර්ලිමේන්තුවට කොටු කර ගත හැකි විය. අරගලයේ මුදුනේ වසා සිටි අනෙකුත් වාම සංවිධාන වල ව්‍යාජ බව ද හෙළි විය. ධනපති ක්‍රමය මහ පොලොවෙන් අතුගා දැමිම සදහා පෙළගැසුනු ජනයාව ආපු හරවා යැවුණේ රනිල් වික්‍රමසිංහ බලයට ගෙන එමින්ය.  ජුලි 05 ගාලුමුවදොර අරගලය විසින් සකස් කරන ලද වැඩපිළිවෙල ධනපති ගැති වැඩපිළිවෙක් විය . අන්තර්වා ආණ්ඩුවක් පිහිටු විමේ යෝජනාව මහජන අරගලය මගින් ධනපති කුවේරයන් දේපල අත්පත් කර ැනීම දක්වා දිග්ගැසෙතැයි බියෙන් ඇටවු මරගුලකි. ලියුම්කරු එම වැඩපි‍ළිවෙල සකසන සාකච්ජාවේදී ඊට විරෝධය පල කර එම සාකච්ජාවෙන් ඉවත් වුයේය.

අපරාධ සහ සිවිල් නඩු වශයෙන් බේදන්නේ නැතිව, අරගලකරුවන් සියලුම නඩු වලින් කොන්දේසි විරහිතව නිදහස් කරනු !

”අරලගයේ මුවාවෙන් අපරාධ කරපු ,මංකොල්ල කාපු අය ඉන්නවා ඒ අයව නිදහස් කළොත් ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බවත් අපරාධ නඩු නැති අය නිදහස් කිරීමට ආණ්ඩුව නීතිපති සමග සාකච්ජා කරමින් සිටින බවත් සමස්තයක් විධියට නොව එකින් එක නඩු වෙන වෙනම සලකා බලා කටයුතු කරන බව” ලියුම්කරු කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවේදී සියලුම අරලගකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනවා දැයි නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස එසේ පැවසීය.

අරගලකරුවන් සිදු කළා යැයි කියන අපරාධ ඔවුන් සැළසුම් සහගතව හෝ චේතාන්විතව සිදු කළ අපරාධ නොවෙති. අවුරුදු 76 මහජන දේපල කොල්ලකමින් කම්කරු- පීඩිත මහජනයා බඩ පොත්තටම සුරා කෑමට එරෙහිව චෞර පන්තියකට එරෙහිව පැනනැගි මහජන අරගලයකි. එම අරගලය ප්‍රචණ්ඩ විම  හෝ රෞද්‍ර විම ගැන අපි පුදුම නොවන අතරම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඝාතනය කිරීම ද අනුමත නොකරන්නෙමු.  අරලියාගහ මන්දිය අත්පත් කර ගැනීමට යෑමේදී පොලිසිය කල්ඉකුත් වු කදුළු ගෑස් භවිතා කිරීම නිසා කුරුණෑගල ප්‍රදේශයේ අරගලකරුවෙකු ඝාතනය කෙරිණ. ඒ සම්බන්ධයෙන් කිසිදු පොලිස් නිලධාරියෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. කදුළු ග‍ැස් උද්ෂකයන් ඉල්ලක කර විදිම තහනම් කර තිබියදීත් පොලිසිය අරගලකරුවන්ගේ මුහුණට .ඔලුවට සහ ශර‍ිරය ඉලක්ක කදුළු ගෑස් විදිම නිසා විශාල පිරිසක් තුවාල ලැබුහ . රජය කල්ඉකුත් වු කදුළු ගෑස් භාවිතා කිරීම නිසා අරගලකරුවන් විශාල පිරිසක් ශ්වසන රෝග වලට පවා ගොදුරු වුහ. කල්ඉකුත් වු කදුළු ගෑස් භාවිතා කිරීම මානව විරෝධී මෙන්ම නීති විරෝධීය. තවත් සමහරු මැයි 09 වෙනිදා අරගල භුමීයට පහර දිම නිසා  ඔලු කටු ගැලවී ගොස් අබාධිත තත්වයට පත් අය අතර අනුරංගලා ද සිටි. එදා එවා ගැන කතා කළ අරගලකරුවන් යැයි කියා ගත් සමහරු අද ජාතික ජන බල ආණ්ඩුවේ තනතුරු වලට සහ දෘෂ්ටිවාදයට යට වී අපරාධ නඩු හැර අනිකුත් නඩු වල සිටින අරගලකරුවන් පමනක් නිදහස් කරනවා බවට තොරෝම්බල් කරති. නඩුව අනුව අරගලකරුවන් බේදීමට අප විරුද්ධ වන අතර වහාම  සියලුම අරගලකරුවන් කොන්දේසී විරහිතව නිදහස් කරන්නැයි ආණ්ඩුවට අනතුරු අගවමු.

අපරාධ විනිශ්චය කොමිසම් සභාවෙන් වැරැදි කරුවන් කරන ලද 1971 අරගලයට නායකත්වය දුන් ජවිපෙ හිටපු නායක රෝහණ විජේවීර ඇතුළු පිරිස පසු විශේෂ කොමිසම් සභාවකින් මගින් නිදහස් කළා මෙන්ම අරගලකරුවන් ද නිදහස් කිරීමට ආණ්ඩුවට බල කර සිටින්නැයි මේ රටේ කම්කරු -පිඩිත මහජනයගෙන් ඉල්ලන්නේමු.

01) අපරාධ නඩු ඇතුළු නඩු තිබෙන සියලුම අරගලකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්නැයි  ජාතික ජන බල ආණ්ඩුවට බල කරනු !

02)  මරා දැමු  සහ ආබාධිත අරගලකරුවන්ගේ පවුල් වලට වන්දියක් ගෙවනු!

03) අරගලකරවන් මර දැමීමට, අබාධිත කිරීමට සහ ඔවුන්ගේ දේපල කොල්ලකෑ පොලිස් සහ ආරක්ෂ අංශ නිලධාරීන් නීතිය හමුවට පමුනුවනු!

අපරාධ සහ සිවිල් නඩු වශයෙන් බේදන්නේ නැතිව, අරගලකරුවන් සියලුම නඩු වලින් කොන්දේසි විරහිතව නිදහස් කරනු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *