අම්මලා තාත්තලාට දරුවන් නැති ,දරුවන්ට අම්මලා තාත්තලා නැති රටක් -සෑම් චන්ද්‍රසෝම
අද මේ රටේ අම්මලා තාත්තාලාට දරුවෝ නැහැ, දරුවන්ට අම්මලා තාත්තලා හැහැ ,නංගිලා මල්ලීලාට අයියලා අක්කලා නැති රටක් බවත් සියලුම දෙනා අද රට ගිහිල්ල නැතිනම් රට යන බවත් මෙසේ රට යැමත් සමග රටේ බුද්ධි ගලනයක් සිදු වී ඇති බව සෑම චන්ද්‍රසෝම පවසයි.
චන්ද්‍රසෝම ජිප් රථ ලකුණෙන් අංක 06 ස්වාධීන කණ්ඩායමෙන් කොළඹට පමනක් තරග කරන කණ්ඩායම අපේක්ෂයෙකු මෙන්ම ඔහු ව්‍යාපාරිකයෙකි.
ඉගන ගත්ත දේට රැකියාවක් නැහැ. රැකියාවට ගැපෙන වැටුපක් නැහැ. ආර්ථික තත්වයක් නැහැ. අපි කණ්ඩායමක් විධියට තමයි තරග කරන්නේ .ජනතාවට වඩා හොද ජිවන රටාවක් ලගා කරන්න තමයි අපේ කණ්ඩායම මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ . මනුර ඉස්සෙල් කිව්වා වගේ අපට හැම ජන්දයක්ම එපා . එක ගෙදරකින් එක ජන්දයක් දිලා අපේ කිප දෙනෙක් යවලා බලන්නැයි චන්ද්‍රසෝම කොළඹ ජනතාවගෙන් ඉල්ලා සිටියේය .
ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය
අපේ කණ්ඩායමේ ඉන්නවා අපෙක්ෂකයෝ විසි එකාක්. ඒ විසි එක අතර විවිධ සමාජ ස්ථරවලට අයත් ඉන්නවා. සැම සමාජ ස්ථරයක්ම නියෝනය කරන පිරිසක්.අපි කියන්නේ නැහැ පාර්මේන්තුව හැදෙන්න ඔනේ එකම ස්ථරයකින් කියලා. හැම පැත්තකින්ම සමාජ දෙස බලන්න පුළුවන් ඒ ඒ සමාජ වල සමාජ වල ප්‍රශ්න හදුනා ගන්න පුළුවන් අය මෙවර පාර්ලිමේන්තුවට එන්න ඔ්නේ .සමහර අය අහනවා අලුත් අයට පාර්මේන්තුවක් ගෙනි යන්න පුළුවන්ද කියලා . අලුත් අය පරණ වුනහාම තමයි මගේ අවබෝධය අනුව සොරකම් කරන්නේ. පරණ වෙන්න අවශ්‍ය නැහැ නීති රීති තියෙනවා අපි දැන ගන්න ඔ්නේ ඊට අනුකුව කටයුතු කරන්න.
මානුර බුවෙනක එකකනායක – අංක 06 ස්වාධින කණ්ඩායමේ නායකයා
මේ එළඹෙන මහ මැතිවරණයෙදි හොද පිරිසක් තොරලා පාර්ලමේන්තුවට යවන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා. පාර්ලිමේන්තුවේ හිටපු පරණ කට්ටියම පාර්ලිමේන්තුවට යවලා වැඩක් නැහැ කියලා තමයි අපි ස්වාධීන කණ්ඩායමක් සටනට දැම්මේ. අපි ගාලු මෝදර අරගලයේ අත්සන් ලක්ෂ 69 ක් එකතු කරමු කියලා හිතාගෙන අත්සන් කරපු අත්සන් තමයි මේතැන මේ තියෙන්නේ. එක තමයි අපි අරගලය වෙලාවේ කළේ. ගාලුමෝදර අරගලයට ආපු අත්සන් ලක්ෂ ගණනක් අපි ගාව තියෙනවා . ඒ අත්සන් සමග ජනතාවගේ හඩක් වෙන්න අපි පාර්ලිමේන්තුවට යවන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා. නැතුව පාලක පක්ෂයට කරදයක් කරන්න හෝ විරුද්ධය කටයුතු කරන්න නොවෙයි. අපි ඒ අයට සහයෝගය දක්වනවා . අපි ගිය පාර වුවත් රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වුවා . අපි පාර්ලිමේන්තුවට යන්නේ ඒ අයගේ කකුල් වලින් අදින්න නොවෙයි. ඒ අය සහය දෙන්න . හරි දේට අපි සහයෝගය දෙනවා වැරැදි දේට අපි නැගී සිටිනවා. එක තමා අපේ ස්ථාවය. අපි ජන්දය ඉල්ලන්නේ රටපාලනය කරන්නවත් තියෙන පාලනය වෙනස් කරන්නවත් නොවෙයි. හරි දේ ක්‍රියාත්මක කරන්න . වට්ස් ඇප් පේෂ්බුක් වලින් වලින් මිදිලා මහ පොලොවට බැහැලා ජන්දයක් ඉල්ලනවා.
අපි දන්නවා හැමෝට පක්ෂ සමග වගේම පුද්ගලයන් සමග විවිධ බැදීම් තියෙනවා එවා ඒ විදියටම තියා ගන්න හැම ගෙදරකින්ම අපට එක ජන්දයක් දිලා බලන්න .රටේ වෙනසක් තියෙන වේලාවේ අපටත් එක ජනදයක් දෙන්න.