අමාත්‍ය මණ්ඩල තීරණ

අමාත්‍ය මණ්ඩල තීරණ

එක් එක් පළාත් සභාව වෙනුවෙන් 2025 වර්ෂයේ ජාතික අයවැය මගින් වෙන් කර දීම සදහා මුදල් කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලබන පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් අවශ්‍ය ඇතුළත් වර්තාව එම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී වාර්තාවේ සදහන් නිර්දේශ ක්‍රියාත්මක කිරිමට , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ (70) අනුව්‍යස්ථාවේ විධිවිධාන පරිදි එම නිරිදේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් , ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවට අමාත්‍ය මණ්ඩලය අන්මැතිය ලබා දෙන ලදී.

ශ්‍රී පාලි මණ්ඩපයට ක්‍රීඩා පිටියක්

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ශ්‍රී පාලි මණ්ඩපයේ ඉගනුම ලබන 850 පමන සිසුන් පිරිසකට ක්‍රීඩා කිරීම හා උත්සව පැවැත්වීම සදහා ක්‍රීඩා පිටියක් ලබාදීමට කොටගල වැවිලි සමාගමට අයත් එම මණ්ඩපයට යාබද අක්කර 2.5 ඉඩමක් ලබා දීමට එම සමාගම එකගතාවය පල කොට ඇත.

එම ඉඩම වන්දි රහිතව නිදහස් කිරීමට කොටගල වැවිලි සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය ලැබි ඇති අතර එම කාර්යය සදහා එකී ඉඩමට කොටස් වෙන් කර දීම සම්බන්ධයෙන් එම ඉඩම්මේ ස්වර්ණමය කොටස් හිමිකරු වශයෙන් භාණ්ඩාරායේ ලේකම්ගේ අනුමැතිය ලැබී ඇත. කොටගල වතු යායට අයත් අක්කර 2.5 ක ඉඩම කො‍ළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ශ්‍රී පාලි මණ්ඩපය වෙත පවරා ගැනීම පිණිස අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රමාත්‍යතුමීය විසින් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩය විසින් අනුමත කරන ලදී‍.

තෝරාගත් රෝහල් වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම

චින රජයේ ආධාර යටතේ වෛද්‍ය පහසුකම් සහ අනෙකුත් උපකරණ සපයමින් , රෝහල් වල සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම කෙරේ.

ඒ යටතේ රෝහල් 13ක විවිධ විශේෂිත ඒකකයන්ගෙන් සමන්විත රෝහල් ගොඩනැගිිිලි සංකීරණ ඉදිතිරීමටත් ,ඒ සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් සැපයීමට මේ වන විටත් කටයුතු කරමින් පවති. එම ව්‍යාපෘතිය යටතේ රෝහල් 08 ක් ඉදිකිරීම් කටයුතු අවස්න කර ඇති අතර ,ඒක් රෝහලක් හැර අනෙකුත් රෝහල් 04 හි ප්‍රගතිය 90% ක් පමණ ඉක්මවා තිබීම සැලකිල්ලට ගනිමින් ව්‍යාප‍ෘතියේ කටයුතු කඩිනමින් නිම කිරීමට හැකි වන පරිදි ව්‍යාපෘතිය කාලසීමාව 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණ.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සහ විදේශ විශ්ව විද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් වලට එළඹීම

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකරණය උදෙසා විදේශීය විශ්වවිද්‍යාල සමග උසස් අධ්‍යාපනික සහයෝගතාවයන් වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව මෙරට විශ්වවිද්‍යාල හා විදේශ විශ්වවිද්‍යාල සමග පහත සදහන් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පිණිස අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රමාත්‍යතුමීය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා චින සමුහාණ්ඩුවේ වුහාන් ක්‍රීඩා විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

උසස් අධ්‍යාපන විද්‍යාත්මක පර්යේෂණ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධව තොරතුරු අධ්‍යයන කාර්ය මණ්ඩඩ පර්යේෂකයින් හා ශිෂ්‍යයින් හුවමාරුව සහ ඒකාබද්ධ පර්යේෂණ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ජපානයේ අයිසු විහ්වවිද්‍යාලය අතර අවබෝධකා ගිවිසුම.

ඒකාබද්ධ පර්යේෂණ, අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් සංවර්ධනය කිරිම සහ ප්‍රවර්ධනය කිරීම මෙන්ම ශිෂ්‍ය හා අධ්‍යනය කාර්යමණ්ඩලය හුවමාරු වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වබ විද්‍යාලය හා නෝර්වේ අග්ඩාර් විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම.

අනෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන කෙටිකාලීන පුහුණු පාඨමාලා හා ව්‍යාපෘති හදුනා ගැනීම අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල හා ඔ්ස්ට්‍රේලියවේ ඩිකින් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

පශ්චාත් උපාධි වැඩසටහන් වල සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව චිනයේ ලින්සි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

පේරාදෙනිය විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ මහත්මා ගාන්ධි වෛද්‍ය විශ්ව විද්‍යාලය හා තාක්ෂණ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

ප්‍රථම උපාධි , පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි ඇතුළුව පරිවාස කථීකාචාර්යවරුන් සදහා සේවාරම්භක පුහුණු වැඩසටහන් පැවැත්විම ආදිය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය හා චිනයේ ෂැන්ඩොන්ග් විද්‍යාලය හා තාක්ෂණ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

සායනික අත්දැකීම් , උපදේශාත්මක සහ සංස්කෘතික වැඩසටහන් ආදිය ප්‍රවර්ධනය කිර‍ීම අරමුණ කර ගනිමින් කැළණි විශ්ව විද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ කෝට්ලන්ඩ් හි නියෝක්ර්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

උපාධි , පශ්චාත් උපාධි පාඨමාලා වැඩසටහන් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම.

අධ්‍යාපන සහ ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ වැඩමුළු හා සම්මන්ත්‍රණ සංවිධාන කිරීම සහ ඒකාබද්ධ වැඩමුළු හා සම්මන්ත්‍රණ සංවිධානය කිරීම අරමුණු කර ගනිමින් කැලණිය විශ්ව විද්‍යාලය සහ කොරියානු ජනරජයේ ජාතික කොරියානු සමුද්‍රීය හා සාගර විශ්ව විද්‍යාලයේ අතර අවබෝධතා ගිවිසුම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *