අරගලකරුවෙකුට පිහි ප්රහාරයක්
සමාජ ක්රියාකාරිකයෙකු මෙන්ම ගාලුමුවදොර අරගලයේ හිටපු අරගලකරුවෙකු වන ඩිලාන් සේනානායකට නාදුනන පුද්ගලයන් දෙදනේ විසින් එල්ල කළ පිහි ප්රහාරයක් නිසා ඔහු අකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන මුලස්ථාන පොලිසිය පවසයි .
පිහි ප්රහාරය එල්ල කර ඇත්තේ සේනානායකගේ උරහිසට සහ පාදයකට බවත් ඔහු මේ වන විටත් කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
නුගේගොඩ පාගොඩ පිහිටි ඔහුගේ නිවසට කඩා වැදුනු නාදුනන පුද්ගලයන් දෙදනෙක් පිහි ප්රහාරය ඉල්ල කර පලාගොස් තිබේ .
පිහි ප්රහායට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර ප්රහාරයට පැමිණි පුද්ගලයන් කවුදැයි මෙතෙක් හදුනාගෙන ද නැත .