අරගලයට අපි පහර දුන්නේ නැහැ – පොලු මුගුරු රැගත් පිරිසක් කොල්ලුපිටියේදී අතුරු පාරකින් මතු වී අරගලකරුවන්ට පහර දුන්නා – මහින්ද කහදගම

ගාලුමුවදොර අරගලයට පහර දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරාධනාවක් මත අරලියගහ මැදුරට රැස් වු පොහොට්ටු සමාජිකයන් සහ හිතවතුන් නොව අතුරු පාරකින් පැමිණි පිරිසක් බව ස්ව්‍යං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහදගම යුටිබ් නාලිකාවක් සමග පැවති සංවාදයකදී හෙළිදරව් කළේය .

කහදගම එසේ පැවසුවේ එම යුටිබ් නාලිකාවේ වැඩ සටහන මෙහෙයු චමුදිත සමරවික්‍රම ගලුමුවදොර අරගලයේ අරගලකරුවන්ට පහර දුන්නේ ඔබ ඇතුළු අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි පිරිස නේදැයි නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්ය.

අපි අරලිය ගහ මන්දිරයේ සිට ගාලුමුවදොර දෙසට ගමන් කරන කොට , අතුරු පාරකින් පොලු රැගත් පිරිසක්  ගාලු පාරට පිවිසි බවත් ඔවුන් අපිව පසු කරගෙන ගොස් අරගලකරුවන්ට පහර දෙන්නට වු බවත් අරගල භුමීය දෙසට  ගමන් කළේ අරගලකරුවන්ට පහර දෙන්නට නොවන බව කී කහදගම පසුදා මුද්‍රිත මාධ්‍ය වල  මෙන්ම විද්‍යුත් මාධ්‍ය වල අරගලකරුවන්ට පහර දුන්නේ සිරකරුවන් පිරිසක් බවට ප්‍රවෘත්ති ඵල වුවත් එම සිද්ධිය පිළිබදව ඊට පසු ආරක්ෂක අංශ මගින් හෝ මාධ්‍ය මගින් සොයා බැලීමක් නොකළ බවත් පැවසීය .

හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන අවස්ථාවට විවිධ පළාත් වලින් පැමිණි පොහොට්ටු සමාජිකයන් සහ හිතවතුන්ට පිරිසට අමතරව අරගලකරුවන්ට පහර දීම සදහා වෙනත් පිරිසක් සහභාගි වු බව කහදගම එම සාකච්ජාවේදී හෙළි කරයි. එම පිරිස රැගෙන ආවේ බලවත් පුද්ගලයෙකු යැයි පැවසු කහදගම ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ ඇවන්ගාඩ් අධිපති නිස්සංක සේනාධිපතිට බවත් පැවසීය .

ගාලුමුවදොර අරගලයට ආණ්ඩුවේ මැරයෝ පහර දුන්නේ මැයි 09 වෙනිදාය. එදින සවස කොළඹ සිට බස් රථයකින් වටරැකට රැගෙන යමින් සිටි සිරකරුවන් පිරිසකට එම ප්‍රදේශයේ අරගලකරුවන් පිරිසක් විසින් පහර දෙන ලදී. වටරැක ප්‍රදේශයේ මහජනයා එම බස් රථයට පහර නොදෙන්නට එකි රහස හෙළි නොවන්නට ඉඩ තිබුණි .

 ඇවන්ගාඩ් සමාගම ගොඩනැගිලි ඉදි කිරීම්  සහ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා සිරකරුවන් යොදා ගත් අතර ඔවුන්ට ද සෝච්චම් වැටුපක් ගෙවන ලදී. මැයි 09 වෙනිදා ගාලුමුවදොර ප්‍රහාරයට පැමිණි බව කියන පිරිස කොල්ලුපිටිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක වැඩ කරමින් සිටි පිරිසක් බව ද වාර්තාවේ .

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සේනක පෙරේරා මැයි 10 වෙනිදා මාධ්‍ය හමුවක් තබා මැයි 09 වෙනිදා අරගලයට පහර දිම සදහා ආණ්ඩුව සිරකරුවන් යොදාගෙන ඇතැයි ප්‍රකාශ කළේය . නිතිඥ පෙරේරාට එම ප්‍රකාශය කිරීමට ආසන්නතම සිද්ධි වුයේ වටරැක දී මහජනයා සිරකරුවන්ට පහරදිමත් එම සිරකරුවන් එළමහන් වැඩ සදහා රැගෙන යන බවට ඇවන්ගාඩ් නිස්සංකගේ නම ඇදී තිබිමත්ය.

නීතිඥ පෙරේරාගේ ප්‍රකාශයත් සමග කුලුප්පු වු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පවත්වා ඔහුගේ නීතිඥ ලෝගුව ගැලවිමට පිඹුරුපත් සැකසිණ .  අරගලයට ආදාළ වැලි තලාව යට සැග වී යන්නට තිබු රහස් දැන් දැන් හෙළි වන්නට පටන් ගෙන ඇත. අරගලය පොලුමුගුරු රැගෙනවිත් පහර දුන්නේ පොහොට්ටුවේ මැරයෝද නැති නම් වෙනත් පිරිසක් ද ඒසේ නැතිනම් ඔවුන් සිරකරුවන් ද යන්න ආදාළ විමර්ශන ආයතන සොයා බැලිය යුතුය. කහදගම නොකියා කියන්නේ එම පොලුමුගුරු රැගෙන පැමිණියේ සිරකරුවන් බවයි . පොලුමුගුරු රැගෙන අරගලයට පහර දුන්නේ සිරකරුවන් දැයි මාධ්‍ය ප්‍රශ්න කරද්දී ,ඒ ගැන පොලිසිය හෝ කොළඹ අපරාධ කොටිඨාශය සොයා බැලීමක් නොකළේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *