ඝාතකයෙකුගේ සානුකම්පාව

බලලෝභී පාලකයන් පවසන පරිදි රාජ්‍ය පාවාදීමේ අශ්ලීල දුර්ජන පරමාර්ථයක් නොපැවතුනාක් මෙන්ම විදේශ රටක බ‍ළල් අතක් වීමට හෝ විදේශ තානාපති කාර්යාලයක සුරතලෙකු විමේ පහත් ආශාවන් තමාට නොතිබුනු බව හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී විශ්‍රමික ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

හිටපු හමුදාපතිවරයා එසේ පවැසුවේ විශ්‍රාම ගැන්විමෙන් අනතුරුව දෙසැම්බර් 31 වනදා කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේදීය.

2022 අරගලයේ යනු අභ්‍යන්තර ජන නොසන්සුන්තාවයක්. එම නොසන්සුන්තාවය පාලනය කිරීම සදහා තමා හමුදාපතිවරයා ලෙස හමුද්‍රවට අවම බලය භාවිතා කරන්නැයි විධාන නොකළේ, හමුදා වෙඩි උණ්ඩයකින් අහිංසකයෙකු මිය යෑම තමා ඝාතකයෙකු වන නිසා බව හිටපු හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

හිටපු හමුදාපති ශාවේන්ද්‍ර සිල්වාට අනුව උතුරේ සහ දකුණේ ජනතාව යනු දෙවර්ගයකි. උතුරු-නැගෙනහිර යුද්ධයෙදී දෙමල මහ ජනයාගේ දුපුතුන් ලක්ෂ ගණනක් මරා දැමු දකුණේ ධනපති කුලී හමුදාවේ ප්‍රධානියෙකුව සිටි හිටපු හමුදාපතිවරයා 2022 අරගලයට වෙඩි තබන්නැයි නියෝග නොකළේ ඝාතකයෙකු වන නිසා බව පවසා ඇත.

උතුරු- නැගෙනහිර අහිංසක ජනයා ආරක්ෂාව සදහා කෝවිල් වල සහ පල්ලි වල රැදි සිටියදී ගුවනින් බෝම්බ දමා කිරි දරුවන් පවා මරා දමපු හමුදාවක සිටි ප්‍රධානියෙකු 2022 අරගලයට අදළාව කරන කතාව විශ්වාස කළ හැකි ද? 1988-89 කාලයේ ශවේන්ද්‍ර සිල්වා ඇඹිලිපිටිය ප්‍රදේශයේ මෙහෙයුම් වල නිතර වී ඇතැයි වාර්තාවේ.

හිටපු හමුදාපතිවරයා 2022 අරගලයේ නියැලුනු අරගලකරුවන්ට වෙඩි තබන්නැයි හමුදාවට නියෝග නොකළේ ශ්‍රී ලංකා ඇමරිකන් තානාපතිනියගේ බලපෑම මත ද නැතිනම් වෙඩි තබන්නැයි නියෝග කළහොත් අරගලය තිව්‍ර වෙතැයි බියෙන්ද? ශවේන්ද්‍ර සිල්වා පිළිබද අපේ අවබෝධය අනුව දෙන ක්‍රියා මාර්ගයට වඩා පලමු ක්‍රියා මාර්ගය අනුගමනය කරන්න ඇතැයි අපි ද විශ්වාස කරමු. ඔහු ඇමරිකන් තානාපතිනිගේ රූකඩයක් බවට පත් වී අරගලකරුවන්ට වාසි ගෙන දෙන අයුරින් කටයුතු කළා යැයි සිල්වා හමුදාපතිකමට පත් කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ඇමතිවරයෙකු වන විමල් වීරවංශ විසින් චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *