අවුරුදු 200ක් දෙමළ ජනයාගේ ජිවිත උදුරා ගත්ත වුන්ට එරෙහිව “වතු කිකිළියෝ ” සටන අරඹයි
ලයත්තු කෝළිගල් (වතු කිකිළියෝ ) නාට්‍යය දෙවන වරටත් ජුලි (16) බොගවන්තලාව මඩුල්සිමා (Madulsima ) Kiroswald (middle divition) වත්තේ දී පෙන්වන ලදි.
මෙම නාට්‍ය ජුලි ( 09) බොගවන්තාලාවේ කොටියාගල වත්තේ දී ප්‍රදර්ශනය කිරීමට යෑමේදී වතු අධිකාරීයෙන් සහ හමුදාවෙන් බාධා එල්ල විය. නමුත් එම බාධා නොතකා නාට්‍ය ප්‍රදර්ශනය කෙරිණ.
මෙම නාට්‍ය වෙිදිකා නාට්‍යයක් වුවද Kiroswald වත්තේ ඒවැනි පහසුකම් නොමැති නිසා වතුකම්කරුවන් නිවාස මැද පාරක වතු කිකිළියෝ රග දැක්විණ .
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියාවේ සිට මෙරට වතු කම්කරුවන් වහලුන් ලෙස රැගෙවිත් අවුරුදු 200 ගතවීමත් ඒතැන් පටන් ඔවුන්ගේ පරම්පරා කීපයක් මෙන්ම අදටත් වතුකම්කරුවන් මුහුණ දුන් දුක්ඛිත තත්වයත් ඒවා එතෙිහාසික ජය ගන්නේ කෙසේද යන්න ගැනත් “වතු කිකිළියෝ “නාට්‍යයෙන් කතා බහා කෙරේ .
වතු කිකිළියේ නාට්‍ය රචනය , නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය රාසයියා ලෝගානන්දන් විසින් සිදු කර ඇතිෙ අතර ඔහු තිත්ත කහට වෙිදිකා නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ද වේ . ලෝගාන්නදන් චිත්‍රපට අධ්‍යක්ෂක පරාක්‍රම නිරිඇල්ලගේ” සෙක්කුව නාට්‍යය ” ඇතුළු සිංහල නාට්‍ය වල රගපා ඇති අතර සිංහලෙන් සහ දෙමලෙන් නාට්‍ය ගණනාවක් නිර්මාණය කර ඇත.
ලෝගානන්දන් සුමුදු මල්ලවාරච්චි සමග අධ්‍යක්ෂණය කළ “වටඔලුවෝ සහ උල්ඔලුවෝ ” (මෙය බර්ටොල් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක්) නාට්‍යයට 2016 රාජ්‍ය සම්මාන නාට්‍ය උළලේදී හොදම සහාය නළුවාට හිමි සම්මානය ලෝගානන්දන්ට හිමි විය.
පරාක්‍රම නිරිඇල්ල ,එච් .ඒ. පෙරේරා සහ අමිත වීරසිංහ වැනි නාට්‍යකරුවන්ගෙන් නාට්‍ය හැදැරූ නාට්‍ය ශිල්පීන් කිපදෙනෙක් මෙම නාට්‍යයේ චරිත වලට පණ පෙවුහ.
වතු කිකිලියෝ නාට්‍ය නිෂ්පාදනය කරද්දී ඔහු දෙමළ නාටය කාලාවේ ප්‍රකට කුත්තු නාට්‍ය සෛලය මෙන්ම නාඩගම් සෛලය ද නිර්මාණශීලිව ලෙස යොදාගෙන ඇත.
තප්පුව ,ඩොල්කිය ,තාලම්පට සහ සිම්බල් එක සංගීත භාණ්ඩ වශයෙන් යොදාගෙන තිබුණි .
මෙම නාට්‍යයේ භාෂාව දෙමළ වුවත් එහි රගන වින්‍යාසය අපට එම නාට්‍ය රසවිදීමට බාධාවක් නොවු අතර හාත්සෝපාදක ජවනිකා ප්‍රෙක්ෂකයා නාටය සමග ඇද බැද තබා ගන්නට සමත් විය .
මෙම නාට්‍ය ලොකු කුඩා විශාල පිරිසක් ඉතාමත් උද්යෝගයෙන් නරඹනු දක්නට ලැබුණි.
මෙම නාට්‍ය කිකිළියෝ වටා ගෙතුනු කතාවකි . කිකිළියගෙන් සංකේතවත් කරන්නේ වතු ජනයාවය . වතුකරයේ බහුතරයක් ගෙවල් වල කුකුළන් ඇති කරති . කාන්තාවක් ගෙදරක කුඩුවක දමා ඇති කරන කුකළෙක් සොරකම් කිරීමට පිටස්තර පුද්ගලයන් දෙදනෙක් පැමිණේති. ඔවුන් දෙදනා කලින් නාදුනන නමුත් තමන්ට කිකිළිය සතු කර ගැනීම සදහා විවිධ උත්සහායන් වල නියැලෙති . කිකිළිය සොරකම් කිරීමට සොරුන් පැමිණ සිටින බව දැන ගත් කාන්තාව කිකිළිය ආරක්ෂා කර ගැනීම සදහා දරුවාට බාර දෙයි . සොරුන් පිරිමි දරුවාට සෙල්ලම් බඩු දී කිකිළිය ලබා ගැනීමට උත්සහ කරති . අවසානයේ එක සොරෙක් ළමයාට කුවක්කුවක් පෙන්වා ළමයා භය කරයි . තුවක්කුවක් පෙන්වා ළමයා භය කර කිකිළිය රැගෙන යෑමට සුදානම් වුව ද අනෙක් සොරා ඊට ඉඩ දෙන්නේ නැත . කිකිළිය සොරා ගැනීම සදහා සොරුන් අතර තියුනු සටනක් ඇරඔ්ති. ගැටුමෙන් බැරි තැන අල්ලාප සල්ලාපයේ යෙදිමින් සහ ව්‍යාජ යාලුකමක් පෙන්නා දෙන්නාම එකින්නෙකාට හොරෙන් කිකිලිය සොරා ගැනීමට තැත් කරයි . අවසානයේ ඉන්ද්‍රජාලිකයෙකු කඩා පැන කිකිළියව අත්පත් කර ගන්නා අතර ඉන්ද්‍රජාලිකයා කිකිළියගේ බඩට අත දමා මුදල් ඇතුළු විවිධ සම්පත් මවා පෙන්වයි . සොරුන් ඉන්ද්‍රජාලිකයාට භය වෙති . ඔවුන් ඉදිරිපිට ගරුසරු ඇතිව සැසිරෙති . අවසානයේ සොරුන්ට දැල් වු පන්දම් දෙකාක් දී ඉන්ද්‍රජාලිකයා කුකුළා රැගෙන මාරු වෙයි. අවසානයේ ඉන්ද්‍රජාලිකයා ඔවුන්ව රැවටු බව සොරුන්ට වැටහෙති. කාන්තාව කුකුළා සොයා ඇවිද යයි . එවිට තවත් කුකුළන් නැති වු පිරිසක් ඇයට මුහුණ ගැසෙයි . අපෙන් වුන් සොරා ගත්තේ කුකුළන් විතරක් නොවෙයී අපේ ජිවිතත් වුන් සොරා ගත්තා යැයි කියා කාන්තාව පිරිස අමතා පවසන්නිය. පසු සියලු දෙනා ඇය පිටුපස ගමන් කරන්නට වුහ . වතු ජනයාගේ ජිවිතය සොරාගත් වුන්ට එරෙහිව ඇය එම ජනයා අරගලයට කැදවන්නීය . කාන්තාව ඒ සදහා හක් ගෙඩියක් පිඹින්නිය . හක් ගෙඩිය දෙමළ ජනයාගේ අරගලයේ සංකේතයකි .
වතු කිකිළියෝ නාට්‍ය පිළිබද විචාරයක් පසුව පල කිරිමට නියමිතය.
ජායාරූප සහ සටහන -ශාන්ත විජේසුරිය