ආක්‍රමණශීලි ඉලක්ක සපුරා ගැනීමට නෙතන්යානු අසමත් වුවා පමනක් නොව ලැජ්ජාවට පත් කරන යුද අපරාධ පමනක් කිරීමට සමත් විය – හමාස් සංවිධානය
ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යානුගේ සභාග රජය හමාස් සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එකග වී ඇති අතර එම සටන් විරාම ගිවිසුම ඉරිදා GMT 6.30ට බලාත්මක වීමට නියමිතය.
සටන් වරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීීමෙන් පසු එහි “සම්පුරණ වගකීම” පලස්තීන අධිකාරීය විසින් භාර ගන්නා බව නිවේදනය කර ඇත.
පලස්තීනුවන්ගේ විමුක්තිය ආසන්න බවත් ඊශ්‍රායලයට ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වු බව හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගාසා හි මාස 15ක යුද්ධය අතර “ඊශ්‍රායලයේ උඩගුකම බිදදැමු ” බව පවසමින් පලස්තීන් කණ්ඩායමක් නිවේදනයක් නිකුත් කර තිබේ.
හෙට ආරම්භ වීමට නියමිත එකග වු සටන් විරාමයකට පෙර නෙතන්යානු යුද්ධය දිගු කිරීමට සහ තමන් සමුලඝාතනය කිරීමට උත්සහ කළ බවත් අපේ ජනතාවට එරෙහිව ආක්‍රමණ නැවැත්වීමට සහ ඉවත්වීමට වාඩිලා ගැනීමට බල කළේ නෙතන්යානුවන් විසින් බව හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇත.
“ආක්‍රමණශීලි”ඉලක්ක සපුරා ගැනීමට නෙතන්යානු අසමත් වු අතර මනුෂ්‍යත්වය ලැජ්ජාවට පත් කරන යුද අපරාධ පමනක් කිරීමට සමත් වු බවත් පලස්තීනුවන් දැඩි ආක්‍රමණය , විමුක්තිය සහ නැවත පැමිණීමේ අවසානය ආසන්න බව හමාස් පැවසීය.
ජන සංහාරක යුද්ධයෙදී අපගේ ජනතාවගේ කැප කිරීම් නිෂඵල නොවනු ඇත. අමතක නොවනු ඇත. හමාස් සංවිධානය වැඩිදුරටත් පවසා ඇත.
තොරතුරු අල් ජාසීරා වෙබ් අඩවිය ඇසුරෙන්.