ආචාර්ය සුනිල් නවරත්න ජාඅආ ඉවත් කළේ ,දේශපාලන බලපෑමකටද?

ජාතික අධ්‍යාපන ආයතනයේ මුදල් හා පරිපාලන ප්‍රධානි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පියසේන විජේසුන්දරගේ අධ්‍යාපන සුදුසුකම් හා සේවා පළපුරුද්ධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත් කළා යැයි එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නව ඊයේ (23) එම ධුරයෙන් ඉවත් කර ඇතැයි වාර්තාවේ .

ආචාර්ය නවරත්න ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වන අවස්ථාවේ එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවා ආචාර්ය ජයන්ති ගුණසේකරය .

ආචාර්ය නවරත්නව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරන්නේ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම විසිනි .

විජේසුන්දර ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක හා මුදල් නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත්වීම ලබා පැමිණෙන්නේ, අකිලවිරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේදීය . ඒ කාලයේ කාරියවසම් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් විය.

ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන හා මුදල් නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර සදහා හෘස්ත්‍රපති හෝ විද්‍යාපති හෝ ක්‍ෂත්‍රය පිළිබද අවුරුදු 15 ක පළපරුදද්දක් අනිවාර්යෙන් තිබිය යුතුය . විජේසුන්දර නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත් කරද්දී , අධ්‍යාපන පති හෝ විද්‍යාපති උපාධියක් තිබි නැත.

විජේසුන්දර ජාතික අධ්‍යාපන ආයතනයට පැමිණෙන්නට පෙර නාවික හමුදාවේ උසස් නිලයක් දරා ඇති බවත් පසු පොල් සංවර්ධන මණ්ඩලයේ උසස් නිලයක් දරමින් සිටියදී , වංචාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරික්ෂණයක් පැවැත්වෙද්දී ,විජේසුන්දර පොල් සංවර්ධන මණ්ඩයෙන් ඉවත් වී ඇතැයි වාර්තාවේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ විජේසුන්දර ජාතික අධ්‍යාපන ආයතනයේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා වන අතර ඔහු එම සංගමයේ සමාජිකයින්ට මුල්තැන දෙමින් කටයුතු කිරීම නිසා අනිකුත් සේවකයින්ට බලවත් ආසාධාරණයක් සිදු වී ඇතැයි සේවකයෝ පවසති .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් සමග ජාතික අධ්‍යාපන ආයතනය තුළ දේශපාලන වශයෙන් දෙකට බෙදී ඇති බවත් එහි ප්‍රතිපළුයක් ආචාර්ය නවරත්නට ගෙදර යෑමට සිදු වු බව එහි ආචාර්යවරයෙකු පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *