ආණ්ඩුවේ කුලි මැර හමුදා කපිල කුමාරගේ මවට එරෙහිව මහජනයා උසිගැන්විමේ ප්රයත්නයක්
ගොනපිනුවල කපිල කුමාර ද සිල්වා නීති විරෝධීව පැහැරගෙන ගොස් දින විසිපහක් අතුරුදන් කර තැබු විශේෂ කාර්ය බලකායේ කුලී මැරයන් විසින් කපිල කුමාර සොයා ගැනීම සදහා අභිතව සටන්ව වැදුණු ඔහුගේ මව කුමුදුනී ජයසේකරට සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව සභාපති සුදේශ් නන්දිමාල්ට එරෙහිව මඩ පෝස්ටර ව්‍යාපාරයක් දියත් කර ඇත.
මිටියාගොඩ අකුරල පාතාල අම්මා ජයසේකරව ගමෙන් පන්නමු යැයි කපිල කුමාරගේ මවට එරෙහිව අකුරල ප්‍රදේශයේ අලවා තිබු පෝස්ටර් සදහන්ව තිබිණ .
මිට පෙර ඇල්පිටියේදි සහ කොළඹ දී නන්දිමාල්ට සහ අතුරුදන් වුවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දුට එරෙහිව විශේෂ කාර්ය බලකායේ අනුග්‍රහය ඇතිව පාදඩ පිරිස් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළහ . ආණ්ඩුව හා ආණ්ඩුවේ කුලි මැර හමුදා පවතින නීතිය ක්‍රියාත්මක කරන්නැයි බල කරන පිරිස් වලට එරෙහිව මහජනයා උසිගැන්විමේ ව්යාපාරයක්ර ද ආරම්භ කර ඇත .
කපිල කුමාරව මාර්තු 26 වනදා සවස 6.30ට පමණ හොරොව්පොතාන නගරයේදී සුදු වැන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් පැහැරගෙන ගොස් ඇත. දින 25 ඔහුව අතුරුදන් කර සිට පසුව පිටිගල පොලිසියෙන් කපිල කුමාර මතු වු අතර පසු පිටිගල පොලිසිය මගින් ඔහුව ඇල්පිටිය අධිකරණයට ඉදිපත් කර තිබුණි .
කපිල කුමාරව අතුරුදන් කර තබා ගැනීමට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව මෝසමක් මාර්ගයෙන් අනුරාධපුර කැබැතිගොල්ලැව මහේස්ත්‍රාත් අධිකණයට කරුණු වාර්තා කළ අතර ඊයේ (17) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ කපිල කුමාරව පැහැරගෙන ගොස් අතුරුදන් කර සිටි බව හොරොව්පොතාන පොලිසිය අධිකරණයේදී පිළිගෙන ඇත.
කපිල කුමාරව පැහැරගෙන ගොස් අතුරුදන් කර තබා ගැනීමට එරෙහිව 2018 අංක 05 බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත යටතේ පලමු නඩු විශේෂ කාර්ය බලකායේ කුලී මැරයන්ට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව මගින් කොළඹ මහාධිකණයේ පවරන්නට යන බැවින් , පිස්සු වැටුණු සුනඛයන් මෙන් ආණ්ඩුවේ කුලී මැරයන් හැසිරෙන්නට පටන් ගෙන ඇත.
පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය සොබනා නන්දන ජයලත් හෙවත් කරන්දෙණිය සුද්දාට විරුද්ධ පාතාල කණ්ඩායම් පවතින ධනපති නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කරන පිරිස් බිය ගැන්වීම සහ මර්දනය කිරීම සදහා යොදා ගනිමින් සිටින බව අප වෙත වාර්තා වී ඇත.
පසුගිය ද්‍ර සුදේශ් නන්දිමාල් දුම්රිය දෙපාර්මේන්තුවේ සේවය කරන ගමන් පාතාල නායකයන්ගේ මූදල් රැගෙන රජයේ ආරක්ෂක අංශ වලට එරෙහිව කටයුතු කරනවා යැයි පැමිණිල්ලක් දැමීමට ඩෑන් ප්‍රියසාද් නැමත්තා එම දෙපාර්මේන්තුවේ සමාන්යාධිකාරීවයා මුණ ගැසීමට මාධ්‍ය ද පිරිවරාගෙන පැමිණ ඇත. පසුව දුම්රිය දෙපාර්මේන්තවේ ආරක්ෂක අංශ මගින් සමාන්‍යාධිකාරීවරයා නැතැයි ඔහුව හරවා යවා ඇත.
ප්‍රියසාද් යනු රාජපක්ෂලාගේ අසුචි කා වැඩුණු සිංහල බෞද්ධ ස්වෝත්තමවාදියෙකි . ගාලුමුවදොර අරගලයට පහර දීම සදහා පැමිණ සිටි මැරයන් අතර මොහු ද සිට ඇත . ප්‍රියසාද්ට ධනපති දේශපාලකයන් සමග මෙන්ම රජයේ ආරක්ෂක අංශ සමග සමීප සම්බන්ධතා පවතින බවත් මහජන අරගල වලට පහර දීමට සහ එම අරගල කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත් ලබා දෙන්නෙ මොහුට බවත් වාර්තාවේ .
නන්දිමාල් එරෙහිව පැමිණිල්ලක් දැමීම සදහා ඔහු දුම්රිය දෙපාර්මේන්තුවට පැමිණෙන්නේ ද ඒ වැනි කොන්ත්‍රාත්තුවක් සදහාය .