ආණ්ඩුවේ මර්දනයට එරෙහිව දුම්රිය කම්කරුවන්ගේ සහායට රාජ්‍ය අංශයම බලඇණි පාරට !

දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය බලප‍ැම් දමා මර්දනය කිරීමට ආණ්ඩුව සුදානම් වුවහොත් දුම්රියේ ප්‍රධාන වෘත්තීය සමිති කිපයක් සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන ව‍ෘත්තීය සමිති රැසක් නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් සහයෝගය දැක්වීමට සුදානම් බව දුම්රිය ස්නාධිපතවරුන්ගේ සංගමය පවසයි .

දුම්රිය ව‍‍‍‍‍ෘත්තීය සමිති රැසක් නායකයින් පිරිසක් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සමග සාකච්ජා කළ බවත් ආ‍ණ්ඩුව වර්නයේ නියැලී සිටින දුම්රිය ස්ථානිධිපත්වරු ඇතුළු දුම්රිය සේවකයන් දඩයම් කිරීමට කටයුතු කළ හොත් දුම්රිය පද්ධතිය අකර්මන්‍ය කිරීමට සිදු වන බව එම සංගමය පැවසීය .

තැපැල් සහ අධ්‍යාපන යන සේවාවල ප්‍රධාන වෘත්තීය සමිති වල නායකයින් සමග සාකච්ජා කළ බව කී ස්ථානාධිපත්වරුන් සංගමය ආණ්ඩුවට දුම්රිය වැඩවර්ජකයින් මර්දනය කිර‍ිමට සුදානම් වුවහොත් ඊට එරෙහිව සහාය දක්වන බවත්ය .

දුම්රිය වැඩවර්ජනය නිසා අපහසුතාවයට පත් වන මගී ජනතාවට වගකිව යුත්තේ වැඩවර්ජකයන් නොව ආණ්ඩුව සහ දුම්රිය පාලනාධිකාරීය බව ද එම සංගමය වැඩිදුරටත් කීය.

වර්ජනයේ යෙදී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය සේවකයින් සේවය අතහැර ගියා යැයි සදහන් ලිපි මේ වන විටත් එම දුම්රිය කම්කරුවන්ගේ නිවෙස් වලට යැවීමට කටයුතු කර ඇති බවත් වාර්තාවේ .

මෙම වැඩවර්ජනයේ යේදී ගෙන සිටින්නේ දුම්රිය ස්ථානාධිපතිවරු , දුම්රිය පාලකවරු සහ දුම්රිය උප ස්ථානාධිපතිවරුන් එම වැඩවරජනයට සහභාගි වී සිටිති‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *