ආණ්ඩුව දේශබන්දු සමග ඩීල් තිබෙන බව පැවසුවත් ප්‍රසන්න රණවීර සමග ඩීල් ඇතැයි කවුරුවත් පවසන්නේ නැහැ – ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යවරයා

දේශබන්දු තොන්නකොන් පමනක් නොවෙයි ඔබ කතා බහා නොකළ තව කිප දෙනෙක්ම අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් යොදවා සිටින බවත් ප්‍රසන්න රණවීර සමග ඩීල් එකාක් තියෙන බව කවුරුත් කියන්නේ නැති බවත් රණවීරවත් සෙව්වන්දීවත් සොයන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යා නලින් ද ජයතිස්ස පැවසීය.
ඔබ දන්න අය විතරයි ඔබ දන්නේ නැති අයත් පොලිස් කණ්ඩායම් යොදවලා සොයන බවත්. සංජිව ඝාතනයට ආදාළව 13 දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තිබෙන බවත් ඒ 13 දෙනා අතර පොලිස් නිලධාරීන් දෙදනෙක් සහ බන්ධනාගර ජේලරවරයෙක් සිටින බවත් පරික්ෂණ කරගෙන යන කොට රාජය යන්ත්‍රය තුළටත් මේක විහිදිලා ඇති බවත් අපි සහ පොලිසිය නොදන්න තොරතුරු ඔබ සතුව තියෙනවා නම් පොලිසියට දෙන්නැයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට බෝලය පාස් කළේය.
ඔහු මෙසේ බෝලය පාස් කළේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීම සදහා ඊයේ (18) දහවල් පැවති සාකච්ජාවේදී ලංකා ස්කයි මාධ්‍යවේදීයා නැගු ප්‍රශ්නයට පිළිතරු දෙමින්ය.
ලංකා ස්කයි නිව්ස් මාධ්‍යවේදීය නැගු ප්‍රශ්නය.
හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ලන්නේ නැත්තේ ආණ්ඩුව සමග වෙන ඩීල් එකාක් තියෙනවාද? නැතිනම් පොලිසිය ආණ්ඩුවේ පාලනයෙන් බැහැර වෙලා පොලිසයේ අයට අව්‍යශ විධියට ද කටයුතු කරන්නේ. නැතිනම් වෙන වෙන කණ්ඩායම් වලට උවමනා විධියටද? අභියාචනාධිකරණ දුන්නා තීන්දුවක්. මේ උසාවියට පැමිණිමේ චේතනාව අවංක නැහැ. රජයේ විශේෂයෙන් සාමය නිතිය ආරක්ෂා කරන තැනක ඉහලම ධුරය හෙබවු නිලධාරියෙක් විධියට අධිකරණය මග හරිමින් වැරැදි ආදර්ශයක් දෙන්නේ කියලා .නමුත් ආණ්ඩුවට පොලිසිය මෙහෙ වලා ඔහුව අත්අඩංගුවට ගන්න බැරිද? මාර විහිළුවක්නේද?
ප්‍රශ්නය – භියාචනාධිකරණය සදහන් කළා දැනට වැඩ තහනම් වෙලා ඉන්න පොලිස්පති සම්බන්ධයෙන්. ඒ නඩු තීන්දුව ප්‍රකාරව රජය හැටියට පොලිස්පති සම්බන්ධයෙන් ගන්න පියවර?
පිළිතුර -කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හය දෙනා මේ වන විට වැඩ තහනමට ලක් වෙලා තියෙනවා. ඔවුන් මිට කලියෙන් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කරලා තිබුණා අත්අඩංගුවට ගන්න එක වළක්වන්න කියලා. ඒ අනුව ඒ මොහොතේ දී නීතිපති දෙපාර්මේන්තුව පැත්තෙන් යම් එකගතාවයකට ආවා අභියාචනාධිකරණයේ දී ඔවුන්ව අත්අඩංගුවට ලන්නේ නැහැ කියලා. එම නඩුව මාර්තු 21 එක ගැනෙනවා. එක ආදාළ වෙන්නෙ නැහැ දේශබන්දු තෙන්නකොන්ට.
ප්‍රශ්නය – භියාචනාධිකරණය කියනවා එහෙම නියෝගයක් දුන්නේ නැහැ කියලා. වැඩ තහනමට ලක් වෙච්ච පොලිස්පති සම්බන්ධයෙන් රජයේ රජයේ තීන්දුව මොකක්ද?
පිළිතුර -රජයේ තීන්දුව අනුව අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව කණ්ඩායම් හයක් ඔහුව සොයමින් ඉන්නවා. රජය උත්සහ කරමින් ඉන්නේ ඔහුව අත්අඩංගුවට ගන්න.
ප්‍රශ්නය – අධිකරණය මග හරිමින් සිටින විවෘත වරේන්තු ලත් පුද්ගලයෙක් . ඊයේ වෙන කොට ඔහුගේ බිරිද සහ දරුවා ඇවිල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ හමුවේ කටඋත්තර දුන්නා. අපිට මතකයි මිට කලියෙන් ගනේමුල්ල සංජිව ඝාතනයේ සම්බන්ධයෙන් සොයන සෙව්වන්දිගේ අම්මා සහ මල්ලි වගේ බල්ලා පුසා පමනයි අපරාධ පරික්ෂක දෙපාර්මේන්තුවෙන් අරගෙන ආවේ නැත්තේ . නමුත් මෙතැනි එහෙම දේයක් වෙන්නේ නැහැ. නීති දෙවිධියකට ක්‍රියාත්මක විමක්, මොහු අධිකරණ නියෝග කඩකරමින් කට්ටිපනින රජයේ සේවකයෙක්.ඉහලම තනතුරක් දරණ සේවයෙක්? මේ ගැන රජයේ ස්ථාවරය කුමක්ද?
අත්අඩංගුවට ගැනිමක් නොවෙයි විනයානුකුල පරිකෂණයක් සිදු කෙරේනවාද? මේ සිද්ධියට සම්බන්ධ අනෙක් හය දෙනා වැඩ තහනම් කරලා තියෙනවානේද? නමුත් පොලිස්පතිවරයාගේ වැඩ තහනමට ලක් වෙලා නැහැ. රජයේ පැත්තෙන් ඔහු සම්බන්ධයේන විනය පරික්ෂනයක් සිද්ධ වෙනාවද?
පළිතුර – අධිකරණය ලබාදුන් තින්දුව තිබෙන්නේ ඔහුට පොලිස්පති ධුරයේ කටයුතු අත්හිට වලා. වැඩ තහනමක් නොවෙයි. එතකොට ආණ්ඩුව හැටියට මට කියන්නට පුළුවන් කම තියෙන්නේ නීතිය කාටත් සමාන හා සාධාරණ ලෙස ක්‍රියාත්මක කරනවා? ඊයේ අබියාචනාදිකරණය මගින් ලබා දුන් තින්දුව වටිනවා. ඔහුව අත්අඩංගුවට ගැනිම පමනක් නොවෙයි ඔහුට රැකවරණ දෙන අය නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. සෙව්වන්දි සොයාගෙන යන කොට නිතිය ක්‍රිාත්මක කළා වගේම අනුරාධපුරයේ වෛද්‍යවරිය දුෂනයට සම්බන්ධ චුදිතයාගේ පවුලේ අයට නීතිය ක්‍රියාත්මක කළා මෙන්ම දේශබන්දු තෙන්නකොන් සගවාගෙන සිටින අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවා. වැඩි දවසක් යන එකාක් නැහැ. පොලිසිය උපරිම වශයෙන් කටයුතු කරමින් ඉන්නේ.
ප්‍රශ්නය – දවස් දහඅටකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා සැකකරු අත්අඩංගුවට ගන්න? ගනේමුල්ල සංජිවගේ අපරාධකාරයා පැය කිපයක් යන්න කලියෙන් අත්අඩංගුවට ගත්තා? අපේ මාධ්‍යවේදිය සදහන් කළා නීතිය සුරකින ආයතනයේ ප්‍රධානීයා ඔහුව සොයා ගන්නට නීතිය සුරකින ආයතනයට බැරි ඇයි?
පිළිතුර -දේශබන්දු තොන්නකොන් පමනක් නොවෙයි ඔබ කතා බහා නොකළ තව කිප දෙනෙක්ම ඉන්නවා පොලිස් කණ්ඩායම් යොදවාලා ඉන්නවා අතුඅඩංගුවට ගන්න. ප්‍රසන්න රණවිර සමග ඩීල් එකාක් තියෙන්වා කියලා කියන්නේ නැහැනේ. එයත් සොයනවා. සෙව්වන්දීත් සොයනවා. ඔබ දන්න අය විතරයි ඔබ දන්නේ නැති අයත් සොයනවා. පොලිස් කණ්ඩායම් වොදවලා තියෙන්නේ. සංජිව ගාතනයට ආදාළව 13 දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඒ 13 දෙනා අතර පොලිස් නිලධාරීන් දෙදනෙක් සහ බන්ධනාගර ජේලර්වරයෙක් ඉන්නවා. පරික්ෂණ කරගෙන යන කොට රාජය යන්ත්‍රය තුළටත් මේක විහිදිලා තියෙනවා. අපි නෙදන්න පොලිසිය නොදන්න තොරතුරු ඔබ සතුව තියෙනවා නම් පොලිසියට දෙන්න කියලා ගමයි මම කියන්නේ.
ප්‍රශ්නය – නිලධාරීයා වෙනුවෙන් රජය ගන්න ස්ථාවරය කුමක්ද?
පිළිතුර – මට එක දැන්ම කියන්න බැහැ .පොලිස් දෙපාතර්මේනතුව පැත්තෙන් හෝ මහජන ආරක්ෂක අමාත්‍යංශය පැත්තෙන් ප්‍රකාශයක් කරයි. නීතිපතිවරයා කතා කරයි.