ආණ්ඩුව ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවිමට පියවර ගනී

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සදහා තීරණය කර ඇතැයි අධිකරණ හා ජාතික එකාබද්ධ අමාත්‍යංශය පවසයි.
ජාතික ජන බලවේගයේ” පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් කර ඇති පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවිම අධිකරණ හා ජාතික එකාබද්ධ අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එහි මුලික පියවර ලෙස විද්වත් කමිටුව පත් කිරීම යෝජිත අතර එම කමිටුවට පහත සදහන් අංශ වලින් සමන්විත වනු ඇත.
01) නීතිපතිවරයා හෝ නීතිපතීවරයා විසින් නම් කරන ලද නියෝජිතයින් දෙදනෙක්.
02) අධිකරණ අමාත්‍යංශ ලේකම්.
03) අධිකරණ සේවයේ උක්ත විෂයන් ගැන ප්‍රමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවයෙක්
04)ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ ඔහු විසන් පත් කරන නියෝජිතයෙක්
සංකල්ප පත්‍රයට කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනයගේ සහ සිවිල් සංවිධාන වල අදහස් ලබා ගැනීමට අධිකරණ හා එකාබද්ධ අමාත්‍යාංශය සැළසුම් කර ඇත.