ඇදිරි නීතිය පැන විම සහ ඉවත් කිරීම පිළිබද සැකයක්

2024 ජනපතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත්වීම ආරම්භයේදීම දැනට බලයේ සිටින ජනපතිවරයා විසින් ඇඳිරි නීතිය පනවන ලදි.21 වෙනි සෙනසුරාදා දින ප.ව.10 සිට පසුදින පෙ.ව.06 දක්වා පනවන ලද ඇඳිරි නීතිය එදින දහවල් 12 දක්වා දීර්ඝ කරන ලද බව මාධ්‍ය මගින් නිවේදනය කරන ලදි.

මෙම ඇඳිරි නීතිය පනවන ලද්දේ සාමකාමී ජනපතිවරණයක් පවත්වන ලද බව මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් හා මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබියදීය සැලකිය යුතු ප්‍රචණ්ඩකාරිත්වයක් ගැන සදහන් දෙම ඇඳිරි නීතිය පනවන ලද්දේ සාමකාමී ජනපතිවරණයක් පවත්වන ලද බව මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් හා මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබියදීය සැලකිය යුතු ප්‍රචණ්ඩකාරිත්වයක් ගැන සදහනක් ද වාර්ථා නොවු ඇඳිරි නීතිය පනවන ලද්දේ සාමකාමී ජනපතිවරණයක් පවත්වන ලද බව මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් හා මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබියදීය සැලකිය යුතු ප්‍රචණ්ඩකාරිත්වයක් වාර්ථා නොවු අවස්ථාවකය.මෙම ක්‍රියාකාරිත්වය පිළිබඳ විවිධ අදහස් සමාජයේ මතු වෙමින් තිබේ.මේ අතර බණ්ඩාරනායක ගුවන් තොටුපලේ විශේෂ ආරක්ෂක විධි විධාන තරකර ඇති බවද සමාජ මාධ්‍යයේ ප්‍රකාශ වේ.

ගැටුම්,ප්‍රකෝපකාරී ක්‍රියා වැළැක්වීමට ඇඳිරි නීතිය පැනවූ බව සන්නිවේදනය වන අතර ඇතමුන් අදහස් කරන්නේ පරාජිත පුද්ගලයින්ගේ විදෙස්ගතවීම්වලට පහසුකම් සැපයීමක් මේ යටතේ විවෘත කර දී ඇති බවය.ඇඳිරි නීතිය තුල තවත් යටි අදහසක් තිබේ ද යන්න ගැන ඇතැම්හු සැක පල කරති.ඊට හේතු වන්නේ රටේ විධායක බලය තවදුරටත් රනිල් වික්‍රමසිංහ සතු වීමයි.

ප්‍රකාශිත ප්‍රතිඵල මත දැනට ඉදිරියෙන් සිටින ජාතික ජන බලවේගය, සාමකාමී පශ්චාත් ජනපතිවරණ ක්රියාන්විතයක අපේක්ෂාව වගකීමකින් නිකුත් කර ඇත.ඒ අනුව මෙම ඇඳිරි නීතිය පැනවීමට හේතුව කුමක්ද යන්න ගැන ජන සමාජයේ විවිධ සැක සංකා මෙන්ම විවේචන මතු වෙමින් තිබේ.

 පැවති තත්ත්වය යටතේ ඇඳිරි නීතිය පැනවීමේ තීරණයක් ගැන ජනතාව බලාපොරොත්තු වූයේද නැත.කෙසේ වුවද මේ ස්භාවය යටතේ ජනතාව බලවත් පීඩාවකට මුහුණ දී සිටිති.මෙම ඇඳිරි නීතිය පැනවීම පිටුපස පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව ද ජනතාව විමසිලිමත් වෙති.

සැප්තැම්බර් 21 දා ජනාධිපතිරණ ජන්ද විමසීමෙන් පසු පැන වු ඇදිරි නීතිය අද (22) දා දහවල් 12 ඉවත් කෙරිණ . ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතයෙන් 50% ක් අපෙක්ෂකයෙකුට ගත නොහැකි වුවහොත් වැඩිම ජන්ද ගන්නා අපෙක්ෂකයා දෙදනා ඉවත් කර තුන්වන අපෙක්ෂකයාගේ සිට දෙවන මනාපය ගණන් කෙරේ. මානප ගණන් කරන අවස්ථාවේ රට තුළ යම් කලබලයක් ඇති වෙතැයි විරුද්ධ පක්ෂයේ දේශපාලකයන් මෙන්ම දේශපාලන විචාරකයන් අනතුරු අගවා තිබියදීත් ජන්දය විමසන මොහොතේ හෝ පසුව කිසිදු මැතිවරණ නීති කඩ කිරීමකින් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් තොරව පැන ඇදිරි නීතිය ඉවත් කළේ ඇයිද යන්න බරපතළ සැකයක් පවති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *