ඇමතිවරයා -කවුද වෙඩි තබලා ඝාතනය කළ අපෙක්ෂකයා ? මාධ්‍යයවේදීය -ඩෑන් ප්‍රියසාද්

ඇමතිවරයා -කවුද වෙඩි තබලා ඝාතනය කළ අපෙක්ෂකයා ? මාධ්‍යයවේදීය -ඩෑන් ප්‍රියසාද්

ඔය පුද්ගලයා ගැන පොලිසිය විමර්ශනය කරගෙන යනවා . වෙඩිකරුවන් කියලා කිපදෙනේ අත්අඩංගුවට අරගෙන තියේනවා. ඊයේ රාත්‍රියේ පානදුර බටහිර මාලමුල්ල ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක වෙනවා . දැනට අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස පවසයි.

හඩ පට නම් කොච්චර තියෙනවාද? . පොලිසිය නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ. ඉදිරියේදී ප්‍රකාශයක් නිකුත් කරයි. විමර්ශන වල දී හෙළිදරව් වෙමින් පවතිනවා මෙම වෙඩි තැබීම් බොහෝමයක් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාතාල කල්ලි අතර පවතින ගැටුුුම් කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. පොලිසිය මැදිහත් වෙලා ක්‍රියා මාර්ග ගනිමින් ඉන්නවා . එකාක්වත් අතහරින්නේ නැති බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ රාජයේ ප්‍රවාත්තී දෙපාර්මේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දිම සදහා අද (29) දහවල් පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයට පිළිතරු දෙමින්ය.

මාධ්‍යවේදිය නැගු ප්‍රශ්නය

අද උදෙත් පානදුර මාලමුල්ල ප්‍රදේශයේ පාතාල ක්‍රියාකාරකමක් වාර්තා වුණා.මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වු ඩෑන් ප්‍රියසාද්ව ඝාතනයට ලක් වෙනවා . ඇමතිවරයා කවුද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා බාර දුන් ඩෑන් ප්‍රියසාද් ඔබතුමා දන්නේ නැද්ද? ඇමතිවරයා පොහොට්ටු අපේක්ෂකයානේද? ඔබතුමා දන්නේ නැද්ද? පොහොට්ටුවත් මුලින් කිවේ නැහැ එගොල්ලන්‌ගේ අපේක්ෂයෙක් කියලා මාධ්‍යවේදීය හැලලුවට ලක් කරන්න එපා ඇමතිතුමා ඝාතන රැල්ලක් ඇති වෙලා තියෙනවා. අපිට එක අනුමත කරන්න බැහැ. මේ පාතාල අපරාධ රජයට පාලනය කර ගන්න බැරි ඇයි? හඩ පටයකුත් නිකුත් වුනා . ඒ හඩ පටයේ කතා කරන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලට හරස් වන බැහැ මු කවුද ජනාධිපති අභියෝග කරන්න කියලා කියනවා . ප්‍රියසාද්ගේ මරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වෙලා තියෙනවා .

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

ආදාළ සියලුම විමර්ශන සිදුවෙමින් පවතිනවා . අත්අඩංගුවට ගැනිම් සිදුවෙනවා. රටින් පැනලා යන්න උත්සහ කළ අය අත්අඩංගුවට අරලෙන තියේනවා. රට පැනලා ඉන්න අය ලංකාවට ගෙන්න ගන්න කටයුතු කරලා තියේනවා. එක්තරා කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය , පාතාලය සහ දේශපාලන අධිකාරිය එකාබද්ධ වෙලා සමහර රාජ්‍ය යන්ත්‍රයේ කොටස් බන්ධනාගාර සමහර අයෙක් ආරක්ෂක අංශ වල සමහර අයෙක් පොලිසියේ සමහර අයෙක් සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වු ජාලයක් අපි ක්‍රමානුකුලව අඩපණ කරමින් ඉන්නවා .අත්අඩංගුවට ගනිමින් ඉන්නවා. ප්‍රශ්න කරමින් ඉන්නවා .ජාලය හදුනා ගනිමින් ඉන්නවා. රාජ්‍ය තාන්ත්‍රික සබදතා උපයෝගි කරගනිමින් සමහර ගෙන්වා ගැනිමට කටයුතු කරමින් ඉන්නවා. මේවා කිසිවක් සංදර්ශනකාරීව කරන්නේ නැහැ. කුඩු අල්ලනවා කියලා ළමුන්ගේ බැග් පරික්ෂා කරලා සංදර්ශන පැවැත්තුවා. ස්ටිකර් ගහගෙන කළා .ඒ කිසිවක් නැතුව පාතාලය සහ කුඩු ජාවාරම් මඩින මෙහෙයුම දියත් කරලා තියේනවා. අපි අපේ සම්පුර්න බලය යොදවලා මේ ඝාතන රැල්ල නතර කරන්න කටයුතු කරනවා.

ප්‍රශ්නය – ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රකාශයක් කරලා තියේනවා විල්පත්තුවේ හරහා විකල්ප මාර්ගයක් ඉදි කරන්න යනවා කියලා. 2010 වර්ෂයේ මහින්ද රාජපක්ෂ, විජේදාස රාජපක්ෂ, ඊෂාඩ් බදුදරීන් විල්පත්තුව වනාන්තර පද්ධතියේ තුලිත පැවැත්ම බිද දැමීමට කටයුතු කළා . ජවිපෙ විපක්ෂයේ ඉන්න කොට ඊට එරෙහිව විරෝධය පෑවා. අද ජාතික ජන බල ආණ්ඩුව විල්පත්තුව හරහා විකල්ප මාර්ගයක් හදන්න යනවා. එදා විරෝධය හේතු වු සාධක අදට බලපාන්නේ නැද්ද?

පිළිතුර – ජනතාවගේ ඉල්ලීමක් තියේනවා . ඒ වගේම අපි දිස්ත්‍රික් ලේකම්ගේ වාර්තාවක් කැදවලා තියේනවා ජනතාවගේ කැමැත්ත සහ පරිසරික තත්වය සලකා බලලා ආණ්ඩුවට වාර්තා කරන්න කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *