ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් 05 දෙනා කොන්දේසී විරහිතව නිදහස් කරනු ! – කොක්‍රික

නොවැම්බර් 24, ඇමරිකානු තානාපති කාර්‍යාලය ඉදිරිපිට දී පල්ස්තීනය තුළ ඊශ්‍රායලය කරගෙන යන සමූලඝාතනයට එරෙහිව උද්ඝෝෂනයට සහභාගී වූ අයගෙන් 5 දෙනෙක් පොලිසිය මගින් අත්අඅංගුවටඪ ගනු ලැබ ඇත. කොලඹ ක්‍රියාකාරී කමිටුව මෙම මර්දනය තරයේ හෙලා දකී. ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කර්නු යැයි බල කරමු.

වර්තමාන ධනවාදය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. නිදහස නැත. කම්කරුවන් හා තරුනයන් ගත යුතු මූලික පාඩම නම් මෙම ධනවාදය පිරිසිදු කර භාවිතයට ගැනීම යෝජනා කරන පක්ෂ හා සංවිධානවල විරෝධතා කිසිවක් ලබා දෙනු නැති බව ය. ස්වාධීන කම්කරු පන්ති ක්‍රියා එනම් ධනවාදය අවසන් කිරීමේ එල්ලයට යටත් පන්ති ක්‍රියා සූදානම් කරන ක්‍රියාකාරි කමිටු ගොඩ නගමු. කොලඹ අවට ප්‍රගතිශීලි ජනයාට අප ආරධනා කරන්නේ කොලඹ ක්‍රියාකාරී කමිටුවට බැදී අරගලය පෙරට ගැනීමට සූදානම් ලෙසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *