ඇමරිකන් තානාපති කාර්යාලය අරුම්ගම්බේට පැන වු අනතුරු ඇගවිමේ නිවේදනය ඉවත් කර ගනී
අරුම්ගම්බේ ප්‍රදේශයේ නැවත දැනුම් දෙනතුරු සංචාරය කිරීමෙන් වැළකි සිටින්නැයි ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්යාලය මගින් මෙරට සංචාරයේ යෙදී සිටින ඇමරිකානු ජාතිකයින්ට පසු ගිය 23 දා නිකුත් කළ අනතුරු ඇගවිමේ නිවේදන අද (13) ඉවත් කර ගත් බව එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඇමරිකානු තානාධිපති කාර්යාලය විසින් නිකුත් කළ එම අනතුරු ඇගවිම ඉල්ලා අස්කර ගන්නැයි විදේශ කටයුතු අමාත්‍යංශය ද මිට පෙර එම තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණි.
අරුම්ගම්බේ ප්‍රදේශ සංචාරක ස්ථාන වලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිමේ අවදානමක් තිබෙන බවට විශ්වාසද්රයි තොරතුරු ලැබි ඇති බැවින් නැවත දැනුම් දෙන තෙක් එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි එර තිබුණිම අවදානම් නිවෙිදනයේ සදහන් කර තිබුණි.
ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇගවිම පසු ශ්‍රී ලංකාවේ සංචාර කරන විට දැඩිට සැලකිමත් වන්නැයි එක්සත් රාජධානිය, නවසීලන්තය, කැනඩාව,ඔස්ට්‍රෙලියාව ,චින සහ රුසියාව ද සිය පුරවැසිය අනතරු ඇගවිය.
ඇමරිකාව ඇතුළු රටවල් නිකුත් කළ නිවේදනය උපුටා දක්වමින්, ඊශ්‍රාලය ජාතික කවුන්සලය ද මෙරට සංචාරය අරුම්ගම්බේ ප්‍රදේශය ,දකුණු සහ බටහිර පළාතේ වෙරළ තිරයන්හි වාසය කරන ඊශ්‍රායල ජාතිකයන්ට එම ප්‍රදේශ වලින් ඉවත් වන්නැයි දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ වල සිටින ඊශ්‍රයාල ජාතිකයින්ට දැඩි සැලකිල්ලෙන් පසු වන ලෙසත් ජනතාව එක්රැස් වන ස්ථාන මගහැර සිටින ලෙසත් ඊහ්රයාල ජාතික කවුුුුුුන්සිලය උපදේස් ලබා දී ඇත.