ඉන්දික ප්‍රභාත්ගේ ඝාතකයා රටින් පැනලාද?

කේ .ඒ.මහේෂ් ඉන්දික ප්‍රභාත්ව වෙඩි තබා ඝාතනය කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩි. ජානක ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට නියෝග කර තිබියදීත් ඔහු රටින් පැන ගොස් ඇතැයි වාර්තාවෙි .

මරණකරුගේ මරණයට හේතුව උප ‌පොලිස් පරික්ෂක කොළඹගේ විසින් අත්මාරක්ෂාව සදහා සිදු කළ වෙඩි තැබිමක් නොව හිතාමතා සිදු කළ වෙඩි තැබිමක් යැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා ඔහුව වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට නියෝග කළේය .

බලපිටිය මහේස්ත්‍රාත්වරයා උප පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර ඇත්තේ 2024 ජුලි 09 වෙනිදා වන අතර හෙටට දින 20ක් ගත වී ඇතත්, ඔහුව අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටිය අසමත් වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර තිබියදීත් ඔහුව අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කළේ කොළඹගේට රටින් පැන ය‍ෑමට ඉඩ සලසාදීමක් දැයි බරපතළ සැකයක් මතු වෙයි.

ඉන්දික ප්‍රභාත් පැහැරගෙන ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිස් අතර එම බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් නීතිඥ වරුණ ජයසුන්දර සිටි බව ඔහුගේ දෙවන බිරිද වන නාඔටුන්න ආරච්චිගේ පියුමි වත්සලා අධිකරණය හමුවේ සාක්කි දෙමින් පවසා ඇත.

ඉන්දික ප්‍රභාත්ව වෙඩි තබා ඝාතනය කළ උප ‌පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවට නොගැනීමට එරෙහිව අගතියටපත් පාර්ශ්වයේ නීතිඥවරු හෙට (29) මෝසමක් මාර්ගයෙන් ඔහු වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක් කිරීමට යති.

කොළඹගේ ඉන්දික ප්‍රභාත්ට වෙඩි තබා ඇත්තේ ඔහුගේ නළලටය. නළලට මොනතරම් සමීපව සිට වෙඩි තබා ඇද්දැයි කිවහොත් පිසිතෝල බටයෙන් පිටවන හින්දරට ප්‍රභාත්ගේ නළල පිච්චි ඇත. ඔහුගේ නළලට වෙඩි තබා ඝාතනය කරන ලද ජායාරූපය මාධ්‍ය සදාචාරයට පටහැනි වුවත් අප එම ජායාරූපය ඵල කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මිලේච්ජත්වව මහජනයාට දැක ගැනීමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *