ඉන්දික ප්‍රභාත්ගේ ඝාතකයා තවමත් නිදැල්ලේ, පොලිසිය අධිකරණ නියෝග නොසලකා හැරලා

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන වෙඩි තබා ඝාතනය කරන ලද කේ .ඒ.මහේෂ් ඉන්දික ප්‍රභාත්ගේ ඝාතකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩි. ජානක ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට නියෝග කර අදට (03) මාස දෙකකට ආසන්න කාලයක් ගත වි ඇත්ත ,එම ඝාතකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට ඔහු අසමත් වී ඇත.

ඉන්දික ප්‍රභාත්ට වෙඩි තබා ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කළ පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේ විසිනි.

ඔහුට වෙඩි තබන ඝාතනය කරන ලද 9එම් වර්ගයේ ස්ව්‍යංක්‍රීය ගිනි අවිය පවා අධිකරණයට බාර තිබියදීත් එම ගිනි අවිය භාවිතා කර ඉන්දික ප්‍රභාත්ව ඝාතනය කළ ඝාතකයා අත්අඩංගුවට නොගැනීමෙන් පොලිසිය අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කර ඇති බව පෙනේ.

 ඉන්දික ප්‍රභාත්ගේ මරණ ආත්මාරක්ෂාව සදහා සිදු කළ වෙඩි තැබිමකින් සිදු වු මරණයක් නොව චෙිතාන්විතව සිදු කළ ඝාතනයක් බව තින්දු කළ බලපිටිය මහේස්ත්‍රාත් ආර්. ඩි. ජානක, ඉන්දික ප්‍රභාත්ට වෙඩි තැබු පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට නියෝග කළේය .

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඉන්දික ප්‍රභාත්ව 2022 ඹක්තෝම්බර් 12 වන දින රාත්‍රියේ නො 213 වෙලේගෙදර බෙලිදෙනිය කෝට්ටෙිගොඩ බිරිදගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අමානුෂික පහර දි ආයුධ පෙන්නන්න යැයි අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත් එහි ද‍ි ඔහු විසින් සගවා තිබු ආයුධයක් රැගෙන පොලිසියට වෙඩි තබන්නට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය ආත්මාරක්ෂාව සදහා තැබු වෙඩි පහරකින් ඉන්දික ප්‍රභාත් මිය බව පොලිසිය පවසයි.

ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුන්ගල්ල ආර්.අයි.යු.  සංචාරක හෝටලය අසල ටි 56යේ ගිනි අවියකින් පුද්ගලයන් කිපදෙනෙකුට සිදු කළ වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිටය.

ඔහුව කෝට්ටේගොඩ නිවස පැමිණ රැගෙන යන අවස්ථාවේ විශේෂ කර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ද එම ස්ථානයේ සිටි බව ඉන්දික ප්‍රභාත්ගේ බිරිද වන නාඔටුන්න ආචාරිගේ පියුම් අධිකරණය හමුවේ සාක්කි දෙමින් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *