ඉන්දික ප්‍රභාත්ගේ ඝාතකයා මරා දමා එහි වගකිම මරණකරුගේ බිරිද මත පැටවිමේ සැලැස්මක්

කේ .ඒ . ඉන්දික ප්‍රභාත්ගේ ඝාතනය සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරදකරු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරික්ෂක කොළඹගේ අධිකරණයට භාර විමට පෙර ඝාතනය කිරීමේ සැලැස්මක් ඇතැයි ස්කයි නිවිස් වෙත වාර්තවේ.

ඉන්දික ප්‍රභාත්ගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වු පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්ලපිටියට නියෝග කර තිබියදීත් මේ වන තෙක් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පනුවන්න ඇල්පිටිය අසමත් වී ඇත. ඉන්දික ප්‍රභාත්ගේ නඩුව ඹක්තෝම්බර් 08 වන දා නැවත කැදවන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදිනට අනිව්‍යිීයෙන් කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පනුවන්නැයි පොලිසිිියට නියෝග කළේය.

පොලිස් පරික්ෂක කොළඹගේ ඉන්දික ප්‍රභාත්ට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ , පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර නියෝගයකට බවත් ඉන්දික ප්‍රභාත්ගේ මරා දැමු බවට වරදකරු වු පොලිස් පරික්ෂක කොළඹගේ ඒ සම්න්ධයෙන් අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරතැයි බිය වු පිරිසක් ඔහුව ඝාතනය කිරිම සදහා සැලසුම් කර ඇතැයි අප වෙත වාර්තාවේ .

පොලිස් පරික්ෂක කොළඹගේට වෙඩි තබා මරා දමා , එම ඝාතනය ඉන්දික ප්‍රභාත්ගේ බිරිදි වන නාඔටුන්න ආරච්චිගේ පියුුුමි පොලිසිය පාතාල නායකයෙකු යැයි හදුන් වන කරන්දෙණිය සුදා ලවා සිදු කළා යැයි ඇයට චෝදනා කොට, අත්අඩංගුවට ගැනිමේ සැලැස්මක් ඇතැයි අප වෙත වාර්තාවේ. ඉන්දික ප්‍රභාත් සැග වු ආයුධ ඇය දන්න බවට බොරු ප්‍රචාරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ගෙන යන බවත් පියුමි අප සමග පැවසුවාය .

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඉන්දික ප්‍රභාත්ව 2022 ඔක්තෝම්බර් 12වන දින රාත්‍රියේ ඔ අංක 213 වෙලේගෙදර ,බෙලිදෙනිය කෝට්ටේගොඩ යන නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන පසුව අහුන්ගල්ලට ආයුධ පෙන්විම සදහා යැයි රැගෙන ගොස් ඔක්තෝම්බර් 13 වනදා පාන්දර වෙඩි තබා ඝාතනය කර ඇත.

ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගත් 2022 ඔක්තෝම්බර් 12 වෙනිදා රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ද එම කෝට්ටේගොඩ නිවසට පැමින සිටි බව මරණකරුගේ බිරිද වන පියුමි අධිකරණය හමුවේ සාක්කි දෙමින් පවසා ඇත. ඇය ජයසුන්දරට එරෙහිව බොරු සාක්කි දුන්නා යැයි කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ මංකොල්ලා අංශය මගින් සැප්තැම්බර් 03 වෙනිදා පාන්දර අත්අඩංගුවට ගෙන දික්වැල්ල පොලිසියට රැගෙන ගොස් පසුව එදිනම බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පියුමි අධිකරණය හමුවේ ලබා දුන් සාක්කිය බොරු සාක්කියක් ද සත්‍ය සාක්කියක් දැයි තින්දු කරන්නේ අවසානයේ මහේස්ත්‍රාත්වරයා විසින් වන අතර අධිකරණ නියෝගයක් නොමැතිව බොරු සාක්කි දුන්නා යැයි පියුමි හෝ වෙන යම් අයෙකු අත්අඩංගුවට ගැනීමට ජයසුන්දරට හෝ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට නීතිමය අයිතියක් නැත. ජයසුන්දර ඔහුට එරෙහිව පියුමි සාක්කි දුන්නා යැයි බලය අත්තනෝමතික ලෙස පාවිච්චි කරමින් ඇයගෙන් පලි ගන්නට අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව උසිගන්වා ඇත.

ඉන්දික ප්‍රභාත්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිගේ වාර්තාවත් සහ සක්කි වල පරස්පරතා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මරණකරුගේ මරණය චේතනාන්විත සිදු ඝාතනයක් බවට තින්දුව 2024 ජුනි 09 වෙනිදා ප්‍රකාශයට පත් කළේය.

කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බලපිටිය මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර අද ට (28) මාස හතරකට ආසන්න කාලයක් ගත වී ඇත. පොලිසිය අධිකරණ නියෝගය කඩකරමිිින් ජයසුන්දරගේ උවමනාවට කටයුතු කර ඇති බවක් පෙනේ. නීතිය යනු බලවතුන්ට එක විධියක් සමාන්‍ය මහජනයාට තවත් විදියක් යන්න මෙයින් පැහැදිලිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *