ඉන්දික ප්‍රභාත්‌ගේ බිරිද පියුමි අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන වෙඩි තබා ඝාතනය කළ ඉන්දික ප්‍රභාත්ව බිරිද වන නාඔටුන්න ආචාරිගේ පියුම්ව අද (03) පාන්දර කොළඹ අපරාධ කොට්ටාශය මගින් ඇයගේ නිවස වටලා අත්අඩංගුවට ගෙන ඇත.

පියුමිව අද (03) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි .

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් 2022ඔක්තොම්බර් 12 වනදා කෝට්ටේගොඩ පියුමිගේ නිවස වටලා ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගෙන තිබු අතර එම මෙහෙයුම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසේකර ද පැමිණි සිටි බවට ඇය විසින් අධිකරණය හමුවේ සිදු කරන ලද ප්‍රකාශය පියුමිව අත්අඩංගුවට ගැනීමට ආසන්න හේතු වී ඇත.

පියුමි විසින් අධිකරණය හමුවේ සිදු කරන ලද ප්‍රකාශය අසත්‍ය බව පොලිසිය පවසන අතර කිප අවස්ථාවක් එම පැමිනිල්ල ඉල්ලා අස් කරගන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව බලපෑම් කළ බව ඇය අප සමග පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *