ඉන්දික ප්‍රභාත්ට සාධාරණය ඉටු කර දෙන්නැයි ඔහුගේ පෙම්වතිය ජනපතිගෙන් ඉල්ලයි !

 කටුවන ගම් ආචාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත්ව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් 2022 මක්තෝම්බර් 12 වන දින කොට්ටේගොඩ දි අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වන්නැයි අහුන්ගල්ලට රැගෙන ගොස් අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කළ බවත් පසුව බලපිටිය මහේසත්‍රාත්වරයා එම ඝාතනය අත්මාරක්ෂා සදහා සිදු කළ ඝාතනයක් නොව චේතාන්විතව සිදු කළ ඝාතනයක් බවට තින්දු කර ,පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරික්ෂක කොළඹගේ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කර මාස තුනක් ගත වී ඇතත් , මේ වනතෙක් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පනුවා නැති අතර  සිදු වි ඇති ආසාධාරණය සම්බන්ධයෙන් සොයා බලා නීතිය ඉෂ්ට කර දෙන්නැයි ඉන්දික ප්‍රභාත් විවාහ අපේක්ෂාවෙන් සිටි නාඔටුන්න ආචාරිගේ පියුමි ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලයි.

  ජනාධිපතිවරයගෙන් පියුමි එම ඉල්ලීම කර ඇත්තේ , ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් යොමු කරමින්ය.

ඇය ජනාධිපතිවරයගෙන් එම ඉල්ලීම කිරීමට හේතු වී ඇත්තේ   හිස ඔසවමින් ඇති පාතාලය මර්දනයට කැපවුණු නිලධාරීන්ට පවරා ඇති මානව හිමිකම් නඩු හා අත්අඩංගුවට ගැනීමේ නියෝග වලින් ඔවුන් මුද්‍රහැර දෙන්නැයි  පොලිස් විශේෂ කාර්ය බලකායේ  ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ජනාධිපතිවරයාගෙන් කර ඇති ඉල්ලීමයි.

අහුන්ගල්ලෙ දී 2022 ඹක්තෝම්බර් 12 වන දා සිදු වු වෙඩි තැබිමේ සිද්ධියට මගේ සැමිය සම්බන්ධ නැති බව පසුව හෙළි විය. ඒවැනි තත්වයක් ඇතුලේ මගේ සැමියා වෙඩි තබා ඝාතනය කිරීම සමාන්‍ය නිරායුධ පුරවැසියෙකු මරා නොවේද? පසුගිය රජයේ සමයේ මේ සිදු අසාධාරණය සම්බන්ධව ඔබතුමාගේ රජය නිසිලෙස නීතිය ඉටුවේ යැයි මා බෙහෙවින් බලාපොරෝත්තු වන අතර “ ඔබතුමා එක් අවස්ථාවක පැවැසු පරිදි තම සමීපයන් නොමැති වු විට එහි වේදනාව ආදාළ පාර්ශ් වලට කිසිදා තුරන් වී නොයනු ඇත”. මා හට මගේ සැමියා අකල් වියෝව දරා ගත නොහැක යනු පියුම් සිය ලිපියේ වැඩිදුරටත් සටහන් කර ඇත.  

ඇය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකට යවන ලද සම්පුර්ණ ලිපිය පහතින් පල වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *