ඉන්දික ප්‍රභාත්ව වෙඩි තබා ඝාතනය කිරීමට පෙර ඔහුගේ ඇගිලි සහ දණිස් කඩලා! පොලිස් මිලේච්ජයින්ව වහා අත්අඩංගුවට ගනු !
කටුවනගම ආචාරීගේ මහේෂ් ඉන්දික ප්‍රභාත්ව අමානුෂිකව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව පරික්ෂණ කටයුතු භාරව සිටි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටිය එම පරික්ෂණ කටයුතු වලින් ඉවත් කර, ඔහුගේ ඝාතනයට ආදළා විමර්ශන කටයුතු නැවත මුල සිට කිරීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පවරා ඇත.
ප්‍රභාත්ගේ අත් වල ඇගිලි ඇත්තේ භාගයකි.
ඉන්දික ප්‍රභාත්ගේ ඝාතනය අද වන විට අන්දොලනාත්මක සිද්ධියක් මෙන්ම නීති ක්ෂත්රයේ සහ මහාජනයා අතර කතා බහාට ලක්වන සිද්ධියක් බවට පත්ව ඇති බවත් නීතිපති මැදිහත් බලපිටිය අධිකරණයේ හමුවේ විභාග වන නඩු අංක ඒආර් /2049/22 යටතේ විභාග වන නඩු බහා තබන්නැයි කළ ඉල්ලීම බලපිටිය මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර , නීතිපතිවරයාට දෙසැම්බර් (10) වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කළ නියෝගය ඊට හේතු වී ඇත.
ඉන්දික ප්‍රභාත්ව 2022 ඔක්තෝම්බර් 12 වනදා කොට්ටේගොඩ ඔහුගේ බිරිදගේ නිවසේදී අත්අඩංගුවට ගෙන අමානුෂිකව පහර දී ආයුධ පෙන්වන්නට යැයි අහුන්ගල්ලට රැගෙන ගොස් බවත් එහි දී ඉන්දික ප්‍රභාත් සගවා තිබු ආයුධයක් ගෙන පොලිසියට වෙඩි තබන්නට උත්සහ කළ අවස්ථාවේ ආත්මාරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් තැබු වෙඩිල්ලකින් ඔහු මියගිය බව පොලිසිය විසින් අධිකරණයට කරුනු වාර්තා කර තිබුණි.
ඉන්දික ප්‍රභාත්ව අහුන්ගල්ලට රැගෙන ගොස් එස්ලොන් බටයක් මාර්ගයෙන් ඔහුගේ ඇගිලි උඩ අතට නවා කඩා ඇති අතර දණිස් වලට පොලු වලින් පහර දී කඩා දමා ඇතැයි වාර්තාවේ. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඉන්දික ප්‍රභාත්ට වධ හිංසා පමුනුවා ඉල්ලා ඇත්තේ ආයුධයි. එම වධහිංසා පැමිණවීම සම්බන්ධව කරුණු වෛද්‍ය වාර්තාවේ සදහන් නොවන බැවින් ඉදිරි නඩු කටයුතු වල දී නැවත මරණ පරික්ෂණයක් සිදු කරන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට ඉන්දික ප්‍රභාත්ගේ බිරිද වන නාඔටුන්න ආරච්චිගේ පියුමි සුදානම් වන බව ද අපට දැන ගන්නට ලැබි ඇත.
පාශ්චාත් මරණ පරික්ෂණයේදී ලබා ගත් සාක්කි වලින් සහ අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව හෙළි වී ඇත්තේ මරණකරුගෛ් මරණය ආත්මාරක්ෂාවට තැබු වෙඩි තැබිමකින් සිදු වු ඝාතනයක් නොව චේතනාන්වත සිදු කළ ඝාතනයක් බව බලපිටිය මහේස්ත්‍රාත්වරයා තීන්දුව දෙමින් ප්‍රකාශයට පත් කළ අතර ඉන්දික ප්‍රභාත්ට වෙඩි තබා ඝාතනය කළ පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කළේය.
මහේසත්රාත්වරයා පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කර මාස හතරක් ඉක්ම වී ඇතත්, පොලිසිය පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීමෙන් අධිකරණයට අපහාස කර තිබේ.
මහේස්ත්‍රාත්වරයා තින්දු දෙමින් පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර ඇත්තේ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්ලපිටියටය. ඇල්පිටිය අධිකරණ නියෝග නොතකමින් පොලිිිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර රූකඩයක් බවට පත් විම නිසා ඔහුව එම විමර්ශන කටයුතු ඉවත් කර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පැවරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා කටයුතු කර ඇතැයි අප වෙත වාර්තාවේ.