ඊශ්‍රායල් – ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබදතා වහා නතර කරනු!

ඊශ්‍රායල් - ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබදතා වහා නතර කරනු!

අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය ඇතිව ඊශ්‍රායල් නෙතන්යාහු තන්ත්‍රය පලස්තීන ජනයාට එරෙහිව ගෙන යන ජන සංහාරක යුද්ධය වහා නතර කරන්නැයි බල කර අද (23) සවස 3ට කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

එම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ  පලස්තීන ජන සංහාරයට එරෙහි මහජන ව්‍යාපාරය මගින්ය.

මෙම විරෝධතා උද්ඝෝෂණයට වමේ පක්ෂ , වෘත්තීය සමිති , ධනපති පක්ෂ වල නියෝජිතයන් සහ සිවිල් සංවිධාන වල නියෝජිතයන්  ඇතුළු 400 ක පමන පිරිසක් සහභාගි වී සිටියහ.

විරෝධතාකරුවන් ලංකාවේ රැදී සිටින ඊශ්‍රායල් යුද අපරාධකරුවන් පන්නමු!   පලස්තීන ජන සංහාරය වහා නතර කරනු!  ට්‍රම්ප් – නෙතන්යාහු ජන ඝාතක යුද්ධයට එරෙහි වෙමු! පලස්තීන ජන සංහාරය වහා නතර කරනු ! ඊහ්‍රායල් – අරාබි  සමාජවාදී සමුහාණ්ඩු සංගමයක් වෙනුවෙන් සටන් වදිමු! සහ ලංකා  -ඊශ්‍රායල් රාජ්‍යතාන්ත්‍රික සබදතා වහා නතර කරනුූ! යන සටන් පාඨ ලිව් පුවරු ඹසවා ගත්  උද්ඝෝෂකයෝ පැයකට ආසන්න කාලයක් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නතර වුහ.

විරෝධතාතරුවෝ

ඇමරිකාව -බලුකුක්කකෝ

ඊශ්‍රායල් – ඹලුබක්කෝ

සියොන් වදේ – උන් රැක්කෝ

ලංකාවේ  -ආණ්ඩුවත්

එකත් හරි – පාණ්ඩුවක්

පලස්තීනෙ – කාගෙද බොල

කියන්න බැරි -හෝන්තුවක්

විපක්ෂයේදී -ජෙවිපී

ඊශ්‍රායල්  -ෆ කිව්වාහම

රුෂ්ඩි කූඩු – කලේ මොකද

මාලිමාව  -කැරකෙන්නනේ

සියොන්වාදය -දිසාවටද?

ඊශ්‍රායල් -මිනීමරුවෝ

ඇමරිකාවේ – කුලි මරුවෝ

පලස්තීනෙ – කිරි දරුවෝ

මරා දමයි – මේ මරුවෝ

ගසාවේ -ඝාතකයා

ළමයි මරයි – ඝාතකයා

නෙතන්යාහු – ඝාතකයා

පන්න දමව් – ඝාතකයා

ගසා ඒකේ -රෝහල් නෑ

කන්නත් නෑ – වතුරත් නෑ

බිම් අගලක් – බේරුනේ නෑ

වෙඩි බෝම්බ – අඩුවක් නෑ

නෙතන්යාහු -මිනී මරණවා

ෆැෂිට්වාදේ -රජ කරනවා

පලස්තීනෙ -අමු සොහොනක්

යුද විරෝධීන් – නිදිවදිනවාද? යන සටන් පාඨ කියමින් විරෝධතාකරුවෝ පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වුහ.

ඊශ්‍රායල් - ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබදතා වහා නතර කරනු!
ඊශ්‍රායල් - ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබදතා වහා නතර කරනු!
ඊශ්‍රායල් - ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබදතා වහා නතර කරනු!
ඊශ්‍රායල් - ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබදතා වහා නතර කරනු!
ඊශ්‍රායල් - ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබදතා වහා නතර කරනු!
ඊශ්‍රායල් - ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබදතා වහා නතර කරනු!
ඊශ්‍රායල් - ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබදතා වහා නතර කරනු!
ඊශ්‍රායල් - ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබදතා වහා නතර කරනු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *