ඊශ්‍රායල හමුදා සටන් විරාම ගිවිසුම කඩකර, ගසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරයි.
සටන් විරාම ගිවිසුම පකාශයට පත් කිරීමෙන් පසු ඊශ්‍රායලයේ නොනවතින ගුවන් ප්‍රහාර උත්සන්න විමත් සමග මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 78 ක් බව අල් ජාසීරා වෙබ් අඩවිය පවසයි.
ගුවන් පුහාර වලින් මිය ගිය 78 දෙනා අතර ළමුන් 21 ක් සහ කාන්තාවන් 25 දෙනෙකු සිටින බව අල් ජාසීරා වාර්තා කරයි.
හමාස් සංවිධානය සමහර කොන්දේසි “ප්‍රතික්ෂේප කළ” බවට චෝදනා කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සටන් විරාම ගිවිසුම පිළිබඳ කැබිනට් ඡන්දයක් අවලංගු කර – පලස්තීන කණ්ඩායම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් චෝදනා කරයි.
කටාර් අගනුවර වන දෝහා හි ඇති කරගත් ගිවිසුම අනුව, ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීම, ගසා හි අවතැන් වූ ජනතාව ඔවුන්ගේ නිවෙස්වලට ආපසු යැවීම සහ යුද්ධය ස්ථිර ලෙස අවසන් කිරීම ඇතුළුව සියලුම කොන්දේසි ඉටු කළ බව හමාස් නිලධාරි ඉසාත් අල්-රිෂෙක් පවසයි.
2023 ඔක්තෝබර් 7 වන දින සිට ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධයෙන් අවම වශයෙන් පලස්තීනුවන් 46,788 ක් මිය ගොස් 110,453 ක් තුවාල ලබා ඇත. එදින හමාස් ප්රමුඛ ප්රහාරවලදී ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 1,139 ක් මිය ගොස් 200 කට වැඩි පිරිසක් වහල්භාවයට ගෙන යන ලදී.
ඉරිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත ගාසා සටන් විරාම ගිවිසුම “ප්‍රමාදයකින් තොරව” ආරම්භ කළ යුතු බව ඊජිප්තු විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය “පාර්ශවයන් එහි විධිවිධාන පිළිපැදීමේ සහ නිශ්චිත දිනවලදී එහි අදියර ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය” අවධාරණය කළේය.
ගාසා තීරයේ ප්‍රතිසංස්කරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට ද අමාත්‍යාංශය සූදානම් බව පැවසීය.
මාස 15 ක යුද්ධයෙන් විනාශයට පත් පලස්තීන භූමියේ “ප්‍රතිසංස්කරණය සඳහා සූදානම් වීමේ දී මුල් ප්‍රතිසාධන ව්‍යාපෘති” මෙන්ම මානුෂීය ආධාර කඩිනම්, ආරක්ෂිත සහ ඵලදායී ලෙස බෙදා හැරීම සඳහා එය ඉල්ලා සිටියේය