උතුරේ ජනතාවගේ ඉඩම් සිංහල ස්වොත්තමවාදී අල්ලා ගනිද්දී ,දකුණේ මාධ්‍ය මුනිවත රකියි
ඒ . නික්සන් විසිනි
බෞද්ධ භික්ෂුන් ඊසානදිග සෑම තැනම බුදු පිළිම තැන්පත් කරන බවත් ,පසු එම ස්ථාන වල බෞද්ධ විහාරස්ථාන ඉදිකර පුරාවිද්‍යා ස්ථාන යැයි නම් කර දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනිති .
මේ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සම්පුර්ණ සහාය බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ලැබෙයි .
2009 න් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකා හමුදාවේ සහයෝගය ඇතිව දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සිදු විය. 2015 ඊනියා මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුවේ සිංහල ඉහළ නිලධාරීන් කේන්ද්‍ර කරගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉඩම් අධිකාරිය වැනි රජයේ දෙපාර්තමේන්තු මගින් දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගත්හ .
දෙමළ ජනයාගේ ඉඩම් බගහත්කාරයෙන් අල්ලා ගැනිම නතර වන්නේ හිටපු ජනාධිපති ජේ.ආර්.ගේ බෑනා වන රනිල්ගේ බලයට පැමිණිමෙන් පසුය . ප්‍රේමදාස, චන්ද්‍රිකා සහ රාජපක්ෂ පාලන කාලවලදීත් දෙමළ ජනයාගේ ඉඩම් අල්ලා ගැනීම සිදු විය .
දෙමළ ජනයාගේ ප්‍රශ්න විසදීමට ඇති නීතිමය බාධා තමන් කාලය තුළ ඉවත් කිරීමට උත්සහ කරන බව ජනාධිපති වික්‍රමසිංහ ජාත්‍යන්තරයට පොරෝන්දු වි ඇත.
ඒ අනුව මේ වනවිට උතුරු-නැගෙනහිර සම්බන්ධ කිරීමට නොහැකි වන පරිදි උතුරු-නැගෙනහිර සම්බන්ධ කරන මායිම් ගම්මානවල සිංහල ජනාවාස ඉතා වේගයෙන් ඉදිවෙමින් පවතී. මහවලි සංවර්ධනය නමින් මුලතිව් සහ ත්‍රිකුණාමලය ප්‍රදේශ යා කරන දෙමළ ගම්මාන රැසක් සිංහල ජනාවාස බවට පත් වි ඇත.
නමුත් රජය පැහැදිලි කරන්නේ එම ඉඩම් පවරාගෙන නොමැති බවත් එම ඉඩම් රජයට අයත් පොදු ඉඩම් බවයි. එම ඉඩම් දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් බවත්, උතුරු නැඟෙනහිර ප්‍රදේශය දෙමළ කතා කරන ජනතාවගේ නිජබිම ලෙස පිළිගැනීමට රජය සුද්‍රනම් නැත
මෙම හේතූන් මත 1948 දී උතුරු නැඟෙනහිර සිංහල ජනාවාස ආරම්භ කළ බවත් පසුව 1979 දී මහවලි සංවර්ධන අධිකාරිය යටතේ ජේ.ආර්.ජයවර්ධන රජය විසින් විශේෂ සිංහල කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවත් එම ඉඩම අත්පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැතියත් ලැබිණි. එහි ප්‍රධාන අරමුණ වූයේ උතුරු-නැගෙනහිර දෙමළ ජනයාගේ ඉඩම් අත්පත් කර ගැනීමයි.
උතුරු -නැගෙනහිර සිංහල ජනාවාස ඉදි කිරීම ද නතර වුයේ යුද්ධය පැවති 1983 – 2009 කාලය තුළ පමණි.
නමුත් යුද්ධයෙන් (2009) පසු දෙමළ ජනතාවගේ ඉඩම් අල්ලා ගැනීම වේගවත් වු අතර බෞද්ධයන් ජීවත් නොවන දෙමළ ප්‍රදේශවල බුදු පිළිම බලහත්කාරයෙන් ස්ථානගත කිරීම් සිදුවෙමින් පවති .
විශේෂයෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ජනතාවගේ උපන් ප්‍රදේශ වන කොක්ලායි, කොක්කුතොඩුවායි, කරුණාටුකේනි සහ චෙම්මලෙයි යන ගම්මානවල ග්‍රාම සේවා ඒකක අට මහවැලි අධිකාරියේ පාලනයට නතු කිරීමට සැලසුම් කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.
බුදු දහම වැළද ගත් දෙමළ ජනතාවක් උතුරු -නැගෙනහිර ප්‍රදේශ වල අතීතයේ මෙන්ම වර්තමානයෙත් සිටියේය . ඒ බවට පුරාවිද්‍යාත්මක සලකුණු තවමත් උතුරු නැගෙනහිර ඇතැම් ස්ථානවල දක්නට තිබේ. එල්.ටී.ටී.ඊ.ය සහ ශ්‍රී ලංකා රජය අතර යුද්ධයේ පැවති අවධියේ දී එම සංකේත විනාශ වූයේ නැත.
නමුත් යුද්ධය අවසන් වූ 2009 මැයි මාසයේ සිට පසුගිය වසර දහතුන තුළ ථෙරවාදී බුදුදහම වැළද ගත් සිංහල බෞද්ධ භික්ෂුන් පුරාවිද්‍යාත්මක ස්ථාන අල්ලාගෙන ගත්හ .
බෞද්ධ පුරාවිද්‍යාත්මක සලකුණු නැති ප්‍රදේශවල පවා දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන බෞද්ධ වෙහෙර විහාර ඉදිකර ඇත.
බෞද්ධ භික්ෂුන් දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන බෞද්ධ විහාරස්ථාන ඉදි කිරීම පිටු පස ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුද සිටිති .
උදාහරණයක් ලෙස යාපනයේ නාවකුසි ප්‍රදේශයේ බෞද්ධ විහාරය ඉදිකර විවෘත කිරීමේ උත්සවයට ඇතැම් ඇමැතිවරුන් සහභාගි වූහ. එලෙසම මුලතිව් කුරුඳුර් කන්දේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමට මුල්ගල් තැබීමේ උත්සවයට ද අමාත්‍යවරයකු සහභාගී විය. මුලතිව්, වවුනියාව වැනි ප්‍රදේශවල බෞද්ධ වෙහෙර , විහාර ඉදිකර ඇත්තේ දෙමළ ජනයාගේ ශෛව (හින්දු) සිද්ධස්ථාන කඩා බිඳ දමමින්ය .
යාපනයේ කන්කසන්තුරේ පිහිටි ශෛව (හින්දු) කෝවිලක් කඩා දමා එහි ඉඩම රජයට පවරාගෙන ජනාධිපති මන්දිරය ඉදිකරන කර ඇත.
නැඟෙනහිර ත්‍රිකුණාමලය සහ අම්පාර පොතුවිලරේස්වල දෙමළ මුස්ලිම් ජනතාවගේ ආගමික සංකේත විනාශ කර බෞද්ධ විහාරස්ථාන ඉදිවෙමින් පවතී. මේ අනුව පුරාවස්තු දෙපාර්තමේන්තුව උතුරු නැගෙනහිර තවත් ප්‍රදේශ රැසක් හඳුනාගෙන ඇත.
පුරාවස්තු දෙපාර්තමේන්තුව ආරක්ෂා කරන්නේ බුදුදහම පමණි. බෞද්ධ විහාරයක් හදන්න බෑ කියලා අධිකරණය දෙන නියෝග පවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගණන් ගන්නේ නැත .
දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් අත්තනෝමතික අල්ලා ගනිමින් ,සිදු කරන ආක්‍රමණය දකුණේ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍ය මගින් කතා නොකර සිටිමට වගබලා ගත්තේය . එත් සමහර විකල්ප සිංහල සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති වෙබ් අඩවිවල සහ සමහර සිංහල විකල්ප පුවත්පත් පමණක් මේවා ගැන කතා කෙරිණ .
මෙම තත්ත්වයන් ඇතුළේ විශේෂයෙන් යුද්ධයට පෙරත් (2009) පසුවත් දෙමළ ජනයාට එරෙහිව සිංහල බෞද්ධ ජාතිකවාදී ක්‍රියාකාරකම් හමුවේ ජාත්‍යන්තර රටවල් ශ්‍රී ලංකාව සමඟ සංහිඳියාව ගැන කතා කළේය .
උතුරු-නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ ආරාම හෝ සිංහල ජනාවාස ඉදි කිරිමට එරෙහිව ජිනිවා මානව හිමිකම් කවුන්සිලය වචනයක් හෝ කතා කර නැත .
මෙම ආක්‍රමණයට සමාන්තරව බෞද්ධ ආගමික ඉතිහාස දමිළ සිසුන්ගේ පෙළපොත්වල බලහත්කාරයෙන් ඇතුළත් කර ඇත. හයවන පන්තියේ සිට එකොළොස්වන පන්තිය දක්වා දෙමළ ඉතිහාස පෙළපොත් සිංහල භාෂාවෙන් මුද්‍රණය කර තිබේ.
යාපනය, වන්නි රාජධානි ගැන දෙමළ රජවරුන්ගේ ඉතිහාසයක් හෝ නැඟෙනහිර පළාතේ දෙමළ ඉතිහාස පොත්වලත් නැත .
2015 මෛත්‍රී-රනිල් ආණ්ඩු (යහපාලනය සමයේ ) දෙමළ ඉතිහාස පෙලපොත්වලට බෞද්ධ ආගමික ඉතිහාස ඇතුළත් කළා පමනක් නොව දෙමළ රජවරුන්ගේ ඉතිහාස පෙලපොත් වලින් ඉවත් කෙරිණ . පැරණි පෙළපොත්වල දෙමළ රජවරුන්ගේ ඉතිහාසය ඇතුළත්ව තිබිණ .
2009 මැයි මාසයේ දී සතුරුකම් නැවැත්වීමෙන් පසුව ද දෙමළ ජනතාව නොයෙක් ආකාරයෙන් පීඩාවට පත්වෙමින් සිටිති. උතුරු නැගෙනහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියට ද හමුදාව මැදිහත් වේ. දමිළ ප්‍රදේශවල හමුදා ඝණත්ව වැඩි කරමින් ඇත.