එක්වෙමු ! පරදවමු !
විදුලිය ,රක්ෂණය ,ටෙලිකොම් ඇතුළු ජාතික සම්පත් විකිණීම නතර කිරීමටත් නිදහස් අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමටත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රෝඩාව හකුළා ගන්නා ලෙසත් රනිල් -රාජපක්ෂ ආණ්ඩුවට බල කර වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඒකාබද්ධ සමුළුවක් මැයි ( 13 )කොළඹ නව නගර ශාලාවේ මුළු දෙන ලදි .
එක්වෙමු ! පරදවමු ! තේමා පාඨය යටතේ එම සමුළුව කැදවා තිබුණේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගිනි .
සමුළු ප්‍රතිඥාව සිංහලෙන් සහ දෙමළ භාෂා දෙකෙන් ඉදිරිපත් කළ අතර එම සමුළු ප්‍රතිඥවේ කොටසක් පහතින් ඵල වෙි .
“ඊනියා නිදහස් අධ්‍යාපනය ප්‍රතිපත්තිය රාමුව තුළින් ගෙන එන නිදහස් අධ්‍යාපන වනසන අධ්‍යාපන පෞද්ගලිකරණ කරන වැඩ පිළිවෙල පරාජය කළ යුතුය . ව්දුලිය ,රක්ෂණය ,ලෙිකොම් ඇතුළු ජනතා දේපොල විකුණා දමන පෞද්ගලිකරණ වැඩ පිළිවෙල පරාජය කළ යුතුය . එසේම පෞද්ගලිකරණ වැඩ පිළිවෙල බලහත්කාරීවතහවුරු කරන ATA ,PTA ,OSA ඇතුළු ප්රජාතන්ත්රවාදී විරෝධී මර්දන අණ පනත් පරාජය කළයුතුය . අද දින නව නගර ශාලාවෙහි මුළු දෙන වෘත්තීය සමිති ,බහුජන සංවිධාන ඒකාබද්ධ සමුළුව රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ මෙම ජනතා දෝහී වැඩ පිළිවෙල පරාජය කිරීම වෙනුවෙන් අඛණ්ඩව , ඒකාබද්ධව අරගල කිරීමට සපථ කර සිටින බව” සමුළුවට සහභාගි වු සියලු දෙනා ප්‍රතිඥා දුන්හ .
මහචාර්ය අර්ජුන පරාක්‍රම ,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නියෝජනය කරමින් ආචාර්ය අතුලසිරි සමරකොන් ,අකිලන් කදිරගාමන් , ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනුප නන්දුල ,අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැදවුම්කරු මදුෂාන් මදුසංඛ ,මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි ,ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් තැන්පිටියේ සුගතානන්ද , ටෙලිකොම් සේවක සංගමයේ ලේකම් පි.බි. ගුරුසිංහ ,ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් , වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ මහචාර්ය ඉන්දික කරුණාරත්න ,තැපල් සේවක සංගමයේ චින්තක බණ්ඩාර , වානිජ හා කාර්මික සේවක සංගමයේ අමරසිංහ සහ දේශපාලන විචරක විදර්ශන කන්නන්ගර යන අය සමුළුව අමතා කතා කළහ.
කම්කරුවන් ,තරුණයන් සහ විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක් එම සමුළුට සහභාගි වී සිටියහ .