එක්සත් සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ප්‍රසාද් වැලිකුඹුර පරිගණක අපරාධ කොට්ඨාශයට කැදවයි

ආණ්ඩුවට විරෝධය පා පල කරන ලද වැකියක් මුහුණු පොතේ share කළා යැයි කියා කොටුව පරිගණක අපරාධ කොට්ඨාශය මගින් එක්සත් සමාජවාදී පක්සයේ මධ්‍යම කාරක සභික ප්‍රසාද් හේමකුමාර වැලිකුඹුරට එම අපරාධ කොට්ඨාශයට හෙට (13) උදේ (10) ට පැමිණ කටඋත්තරයක් ලබා දෙන්නැයි ලිඛිතව දන්වා ඇත.

“තෝපි සුපිරි වාහන වල යනවා, රටේ මිනිස්සු බඩ ගින්නේ යැයි” මොරටුවේ ගමන් කළ රථ පෙළකට විරෝධය දක්වමින් පල කර තිබු වැකියක් share කළා යැයි මෙසේ පැමිණෙන්නැයි දන්වා ඇත.

වැලිකුඹුර ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීයෙකු මෙන්ම මහජන සභාවේ සමාජිකයෙකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *