එල් . සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ‌ෆුනේෂ්ට වසර 14 ක සිරදඩුවමක්

එල් .සැල්වදෝර අධිකරණය මගින් හිටපු ජනාධිපති මෞරීසියෝ ෆුනේෂ්ට අපරාධ කණ්ඩායම් සමග සබදතා පැවැත්වීම සහ රාජකාරී පැහැර යන චෝදනා වලට වරදකරු කරමින් , වසර 14 ක සිරදඩුවමක් නියම කර ඇත.

ඔහුගේ හිටපු අධිකරණ සහ ආරක්ෂක අමාත්‍යවරුන්ට ද වසර 18ක සිර දඬුවම් නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ . 

2009 වසරේ සිට 2014 වසර දක්වා ජනපති ධුරයේ කටයුතු කළ ෆූනේස් මැතිවරණ වාසි වෙනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමග සබදතා පැවැත් වු බවට කරුණු අනාවරණය වී තිබේ  

හිටපු ජනාධිපතිවරයා පදිංචි වි සිටින්නේ නිකරගුවාවේ වන අතර ඔහුට එරට පුරවැසිභාවය ලබා ගෙන ඇත්තේ 2019 වසරේදීය . 

නිකරගුවාවේ නීතිවලට අනුව එරට පුරවැසියෙකුට විදෙස් රටවලින් අපරාධ චෝදනා එල්ල වුව ද ඔහුව එම රටවලට භාර නොදෙන බව විදෙස් වාර්තාවල සඳහන් කරයි .

මීට වසරකට පමණ පෙර එල් සැල්වදෝරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර එහි දී අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස සැක කෙරෙන පුද්ගලයින් 68,000කට පමණ පිරිසක් ඒ රට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත්හ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *