ඔගොල්ලන්ගේ ලොක්කන්ගේ යුක්තිය මෙහෙයුම කියන්නේ මේකටද? – ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ

කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ මංකොල්ල අංශය මගින් සැප්තැම්බර් 03 වෙනිදා  පාන්දර නාඔටුන්න ආරච්චිගේ පියුමිව මාතර කෝට්ටේගොඩ ඇයගේ නිවස වටලා අත්අඩංගුවට ගෙන පසුව දික්වැල්ල පොලිස් ස්ථානයට වෙත රැගෙන ගොස් කටඋත්තරයක් ලබා ගෙන,එදිනම බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් පියුමිව ගෙදරිිින් රැගෙන ගොස් ඇත්තේ දික්වැල්ල පොලිසියට ගෙන ගොස් කටඋත්තරයක් ලබා ගෙන නැවත ගෙදරට ගෙනැවිත් ඇරලන බව පවසා ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ අපරාධ අංශය මගින් පියුමිව අත්අඩංගුවට ගෙන ඇත්තේ,පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට එරෙහිව බලපිටිය අධිකරණය හමුවේ බොරු සාක්කි දුන්නා යැයි චෝදනා කරමින්ය. ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ සමුහ මංකොල්ල අංශයේ උප පොලිස් පරික්ෂක ජයරත්න ඇතුළු කණ්ඩායමක් විසිනි .

පියුමි පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන වෙඩි තබා ඝාතනය කරන ලද කේ .ඒ.මහේෂ් ඉන්දික ප්‍රභාත්ගේ බිරිද වේ. ඉන්දික ප්‍රභාත්ව 2022 ඔක්තෝම්බර් 12 වෙනි දින රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් නො: 213 වෙලේගෙදර බෙලිදෙනිය කෝට්ටේගොඩ පියුමිගේ නිවසේ සිටියදී  අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන බලපිටිය  ප්‍රදේශයට රැගෙන ගොස් ඔහුට වෙඩි තබා මරා දමන ලදි.  ඉන්දික ප්‍රභාත් විසින් සගවා තිබු ආයුධයක් රැගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්නට ඔහු උත්සහ කළ අවස්ථාවේ ආත්මාරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් වෙඩි තැබු බවත් එම තැබු වෙඩිල්ලකින් ඔහු මිය ගිය බව පොලිස් නිලධාරීහු පවසති.

ඉන්දික ප්‍රභාත්ව අත්අඩංගුවට ගැනීම සදහා  පැමිණි කණ්ඩායම සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර සිටි බව ඉන්දික ප්‍රභාත්ගේ පශ්චාත් මරණ පරික්ෂණ හමුවේ සාක්කි  දෙමින් පියුමි පවසා ඇත. ඊට අමතරව ඇයගේ මව ද ජයසුන්දරව හදුනාගෙන තිබිණ .

“මෙම සිද්ධියදී ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර නිලධාරීයා සම්බන්ධ බවට පැමිනිල්ලේ සාක්කි මගින් පැහැදිලිව ලෙස අනාවරණය නොවන අතර මේ අවස්ථාවේදී ඔහු පිළිබද නියෝගයක් නොකරමි . කෙසේ වෙතත් පසු අවස්ථාවක පවත්වනු ලබන විමර්ශන වල දී ඔහු මෙම සිද්ධියට සම්බන්ධ බවට අනාවරණය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම නියෝගය බාධාවක් නොවන බව ද සටහන් කර තබමි .” යනුවෙන් නඩු වාර්තාවේ සදහන් කොට තිබියදීත් කෙසෙල් කෑනට පෙර වැට පැන්නාසේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ජයසුන්දර අනවශ්‍ය ලෙස කලබල වී නීතියට අතට ගෙන කටයුතු කරන්නට ගොස් හත්පලේ උලාගෙන ඇත.

 පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී වරුණ ජයසුන්දරට එරෙහිව අධිකරණය හමුවේ සාක්කි දුන්න නිසා තමයි මගේ සේවාදායකයාට මරණ තර්ජන එල්ල වෙලා තියෙන්නේ. ස්වාමිනි මගේ සේවාදායකයාට මරණ තර්ජන එල්ල වෙලා තිබෙන නිසා වින්දිත අධිකාරීය යටතේ රැකවරණ ලබන අයෙක් .  වින්දිතයන්ගේ අධිකාරීයට දන්වන්නේ නැතුව කොහොම ද මගේ සේවදායකයා අත්අඩංගුවට ගත්තේ යනුවෙන් ජනාධිපති නීතිඥ මැද්දෙගොඩ අපරාධ නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය . අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් ජනාධිපති නීතිඥ මැද්දෙගෙඩගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තර වී බලා සිට ඇත.

ස්වාමිනි මගේ සේවාදායකයගේ ස්වාමි පුරුෂයා නැති වේදනාවෙන් ඇය ජිවත් වන්නේ . පොලිස් විශේෂ බලකාය මගේ සේවදායකයාගේ ස්වාමි පුරුෂයා මරා දැමුවා වගේ මගේ සේවාදායකයාවත් මරා දමන්නයි  මේ උත්සහ කරන්නේ .  ඉදිරියේ දී මගේ සේවාදායකයා මරා දමනත් පුළුවන්. මේක ද ‘ යුක්තියේ  ‘ මෙහෙයුමද? මේ . ඔගොල්ලන්ගේ ලොක්කන්ගේ යුක්තිය මෙහෙයුම කියන්නේ මේකටද? මෙතරම් අසාධාරණයක් වෙලා තියෙද්දීත් මගේ සේවාදායකයාගෙන් කටඋත්තර ගන්නේ ඇයි ? වැඩිම අසාධාරණයක් වෙලා තියෙන්නේ අපට. අවශ්‍ය නම් මගේ සේවාදායකයා ගරු අධිකරණයට කැදවලා කටඋත්තරයක් ගන්න තිබුණා . ස්වාමිනි මගේ සේවාදායකයා කුඩු ,අයිස් වෙළදාම් කරලා හෝ මිනී මරලා හෝ මංකොල්ලා කළා නැහැ.මගේ සේවාදායකයා අධිකරණය මග හැරලත් නැතැයි ජනාධිපති නීතිඥ මැද්දෙගොඩ පැවසා ඇත.

 ඇප පනතට ප්‍රකාරව පියුමිට ඇප ලබා දෙන්නැයි ජනාධිපති නීතිඥ මැද්දගොඩ මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා ඇත . එම ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත් ආර්.ඩි. ජානක ඇයව ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි නියෝග කර ,පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන ගොස් පියුමිව නිවසට ඇරලවන ලෙසට ද නියෝග කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් ඇයව අත්අඅඩංගුවට ගන්නේ ඉන්දික ප්‍රභාත්ගේ නඩුව පැවති 03 වනදා පන්දරය.  එදින උදේ ඉන්දික ප්‍රභාත්ගේ ඝාතකයා පොලිස් පරික්ෂක කොළඹගේ සහ පොලිස් විශේෂ බලකායේ ප්‍රධානී ජයසුන්දර අත්අඩංගුවට ගන්නැයි බල කර උද්ඝෝෂණයක් සංවිධානය කර තිබු අතර එය ව්‍යාර්ථ වුයේ එදින පාන්දර පියුමිව අත්අඩංගුවට ගැනිම නිසාය .සමහර විට ඇය අත්අඩංගුවට ගැනීමේ ආසන්න හේතුව එම උද්ඝෝෂණය විය හැකිය.

ස්වාමිනි ඉන්දික ප්‍රභාත් ඝාතනය කළ පොලිස් විශේෂ බලකායේ පොලිස් පරික්ෂක කොළඹගේ ගන්න කියලා ඔබතුමා නියෝග කරා අදට (03) මාස දෙකකට ආසන්න කාලයක් ගතවෙලා ඇති බවත් මේ වනතෙක් අත්අඩංගුවට අරගෙන ඔබතුමා හමුවට ඉදිරිපත් කරන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ඇල්පිටියට කටයුත කර නැති බවත් ඔබතුමා ඔය පුටුවේ ඉදලා වැඩක් නැතැයි කී ජනාධිපති නීතිඥ මැද්දේගොඩ අධිකරණයට කටයුතු කරන්න වෙලා තියෙන්නේ කෙහේවත් ඉන්න පොලිස්කරයෙකුගේ බලපෑමකට බවත් පැවසිය . උසාවියට බලපෑම් කරන්න ජයසුන්දර කවුද කියලා විමසු ජනාධිපති නීතිඥ මැද්දෙගොඩ ඔගොල්ලන්ට ඔහුව ලොකු ඇති මට ලොකු නැතැයි අපරාධ පරික්ෂණ නිලධාරීන් වෙත ඇගිල්ලකු දිගු කරමින් කීය .

මැද්දෙගොඩ කතා කරගෙන යද්දී , නීතිඥවරයෙකු මැදට පැන කතා කරන්නට විය. ඔබතුමා කතා කරන්නේ කවුරු වෙනුවෙන්ද? මම තමයි වින්දිතයා වෙනුවෙන් කතා කරන නීතිඥවරයා. ඔබතුමාට නිත්‍යානුකුලව කතා කරන්න අයිතියක් නැතැයි කී මැද්දෙගොඩ ඔබ කතා කරන්නේ කවුරු වෙනුවෙන් දැයි ප්‍රශ්න කර සිටියේය. මම කතා කරන්නේ ජයසුන්දරගේ අයිතිවාසිකම් වෙනුනේ යැයි එම නීතිඥවරයා පැවසීය .

ජයසුන්දරගේ කඩ වු අයිතිවාසිකම් මොනවා දැයි ප්‍රශ්න කළ මැද්දේගොඩ කඩ වුණු තරමක් අයිතවාසිකම් කඩ වුනේ අපේ අයිතිවාසිකම් යැයි පෙන්වාදුන්නේය .

පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි මැද්දේගොඩ පොලිසියෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ නිතිපති උපදෙස් ලැබෙන තෙක් බලා සිටින බව පොලිසිය පැවස‍ිය.

නීතිපති උදෙස් ගන්න ඔිනේ කියන කොට අපි නිහඩ සිටි බවත් දැන් මොකක් ද වෙලා තියෙන්නේ මිනීමරුව එළියේ ,සාක්කිකරුව මහ පාන්දර ගහිල්ලා කුදලාගෙන රැගෙනවිත් ඇති බවත් තවමත් ජයසුන්දර අත්ඩංගුවට ගන්න නියෝග නිකුත් කර නොමති බවත් සාක්කි දුන්නට නියෝග නිකුත් කළේ නැති බවත් ලබා දුන් සාක්ෂී තවමත් බොරු වී නොමති බවත් එවන් තත්වයක් ඇතුළේ අත්අඩංගුවට ගත්තේ කෙසේද යන්න ජනාධිපති නීතිඥ මැද්දගොඩ ප්‍රශ්න කර සිටි අතර එසේනම් එම සාක්ෂී සැලකිල්ලට ගත්තා නම් මේ මොහොතේම වරුන ජයසුන්දර අත්තඩන්ගුවට ගන්න නියෝග නිකුත් කරන්න යැයි ද මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ජයසුන්දර ගැන දි ඇති සාක්ෂී කිසිවක් මෙතැනට ගාව ගත්තේ නැති බවත් මොකක් ද මේ කරන්නේ යන්නේ කියා ප්‍රශ්න කළ මැද්දෙගොඩ මෙතැන දී ජයසුන්දර සම්බන්ධව කිසිම නියෝග ‌මේ වනතෙක් නිකුත් කර නොමති බවත් පැවසීය.

විත්තියේ දේශනය අශා සිටි මහේස්ත්‍රාත්වරයා නිතිපතිගේ උපදෙස් මට ආදාළ නැති බවත් මම නියෝග කර ඇති පරිදි පොලිස් පරික්ෂක කොළඹගේ වහාම අත්අඩංගුවට ගෙන ඔක්තෝම්බර් 08 වෙනිදාට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කළේය.

පියුමි ඉන්දික ප්‍රභාත්ගේ පශ්චාත් මරණ පරික්ෂණය හමුවේ සාක්කි දුන්නේ බලපිටිය මහේස්ත්‍රාත්තුමා  ඉදිරිපිටය .එම සාක්කි බොරු සාක්කි යැයි කියා ඇයව අත්අඩංගුවට ගන්න ජයසුන්දරලාට නෛතික බලය ලැබුනේ කාගෙන්ද? පියුමිගේ සාක්කිය බොරු ද සත්‍ය සාක්කි ද යන්න තිරණය කිරිමේ බලය ඇත්තේ අධිකරණයට පමණි. පියුමි ජයසුන්දරට එරෙහිව බොරු සාක්කි ඉදිරිපත් කර ඇත්නම් ඊට එරෙහිව නීතිඥයෙකු මාර්ගයෙන් ජයසුන්දරට අභියෝග කළ හැකිය.

ජයසුන්දර පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානීයා යැයි නීතිය අතට ගෙන කටයුතු කළ නොහැකිවාක් මෙන් ම ඊට මේ රටේ කම්කරු -පීඩිත මහජනයා ඉඩ දෙන්නේ ද නැති බවද කිව යුතුය. ජයසුන්දර කුලප්පු විම ඇතුලේ ධනපති නීතිය ඉදිරියේ සියලුම දෙනා සමාන යැයි යන වැකියේ පන්ති ස්වභාවය එළිමහනට කාන්දු විමට පටන් ගෙන ඇත.

පියුමිගේ නිවසට මහ පාන්දර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ සමුහ මංකොල්ලා අංශය මගින් වටලා ගෙන සිටින අවස්ථාවේ ඇය වින්දිතයන්ගේ අධිකාරීයට දුරකතනයෙන් කතා කොට සිද්ධිය දන්වා ඇති අතර දොර අරින්නට එපා යැයි පැවසුවා මිස ඇයව බලහත්කරයෙන් අත්අඩංගුවට ගෙන දික්වැල්ල පොලිසියටත් එතැනින් බලපිටිය අධිකරණයටත් රැගෙන ගියාට පසුවත් ඔවුන් පියුමි ගැන සොයා බැලුවේ නැත.

වින්දිතයන් අරාක්ෂා කිරීමේ අධිකාරීය වැනි ආයතන ධනපති ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වීම සදහා අටවාගත් ව්‍යාජ සංවිධාන වන අතර පංති සටන තියුනු අවස්ථාවලදී ඊනියා ස්වාධීනත්වයේ  සහ අපක්ෂපාතිත්වයේ නිරුවත පෙන්වීමට වාස්තවික තත්වයන් විසින් ඔවුන්ට බල කරනු ඇත. වින්දිතයන් ආරක්ෂා කිරිමේ අධිකාරීයට මෙහි දී වැදගත් වන්නේ පියුමිට වඩා පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ජයසුන්දර බව ඔප්පු කර හමාරය.

කම්කරු-පීඩිත මහජනයා තමන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂක කමිටු සහ ක්‍රියාකාරී කමිටු පිහිටුවාගෙන ධනපති ක්‍රමය පෙරළා දැමිමෙන් මෙපිට සැබෑ සුරක්ෂිතතාවයක් අත් කර ගත නොහැකි බව දින පතා සිද්ධීන් වලින් තහවුරු කෙරේ.

 පියුමිට එරෙහිව පොලිස් විශේෂ කාර්ය බලකායේ , අපරාධ පික්ෂණ දෙපාර්මේන්තවේ , නිතිපති සහ පොලිස් දෙපාර්මේන්තුවේ මෙහෙයුමට අමතරව පුවත්පත් කිපයක පොලිසිය කියනවිට ලියන ජඩ මාධ්‍යවේදීන් කිප දෙනෙක් ජයසුන්දර බේරා ගැනීමේ මෙහෙයුමට අති‌රේක බලඇණි වශයෙන් ඉදිරිපත් වී ඇත. ජයසුන්දරට එරෙහිව පියුමි උසාවිය හමුවේ කටඋත්තර ලබා දීම නිසා ඇය මරා දැමීමට අවශ්‍යව ඇති අතර ඒ සදහා අවශ්‍ය මතවාදය හැදිමේ කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇත්තේ එම මාධ්‍යවේදීන් බව වාර්තාවේ . පාතාල නායකයෙකු යැයි පොලිසිය පවසන කරන්දෙණිය සුද්දාගේ හිතවතියක් යැයි පියුමිට මාධ්‍ය මගින් මඩ ගසන්නට පටන් ගෙන ඇත. ඇය මේ රටේ ප්‍රධාන මුල්‍ය ක්ෂත්‍රයේ ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වී සිටි. පුවත්පත් මගින් පියුමිට එරෙහිව එල්ල කරන අසත්‍ය සහ අද්භුත චෝදනා වලට එරෙහිව ඇය  නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව අප කළ විමසුමකදී පැවසුවාය .

ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ සමග බාලක්‍රිෂ්නා ප්‍රියංග , නදිෂා කන්නන්ගර සහ නුවන් ද සිල්වා යන නීතිඥවරු ඉන්දික ප්‍රභාත්ගේ සහ පියුමිගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *