ඔබ පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට අලුත්, හැබැයි ඔබ දේශපාලනයට අලුත් නැහැ
අපි සෑම සියලුම දෙනා තේරුම් ගත යුතුයි බලය තිබෙනවා හැබැයි ඒ බලයට සීමා මායිම් සහ අරමුණු තිබෙන බවත් දිර්ඝ කාලයක් යහපත් අරමුනු ඉෂ්ට කිරීම සදහා අපට බලය පැවරී තිබෙන් බවත් එම බලය වගකිම් සහිත බවත් එක් පැත්තකින් පුරවැසියන්ට සහ අනෙක් පැත්තෙන් ව්‍යාපාරයටත් වගකිව යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා අවධාරනය කළේය.
ජනාධිපතිවරයා එසේ අවධාරනය කළේ කැබිනට් අමාත්‍යවරු ඊයේ (19) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඔහු ඉදිරිපිට දිවුරුම් දිමෙන් පසු අමාත්‍යවරු මෙන් මන්ත්‍රීවරු අමතමින්ය.
මම හිතනවා පනත් වලින් ව්‍යවස්ථාවෙන් කුමනකාරයෙන් බලය අපට බලය නිර්මානය කර දුන්නත් එම බලය පැතිරවිමේදී වගවීමට ලක් විය යුතු බවත් අන්න එතැනදී වියුක්ත බලය හොබවන්නට බැරි වන බවත් අපට වගවිමක් බැදීමක් තිබෙන අතර ඒ අනුව අපට සමාන්‍ය පුරවැසියෙකුට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල වගකිමක් තිබෙන බව පෙන්වාදුන්නේය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය
ඔබ සෑම දෙනාටම වගවිමක් සහ වගකිමක් තිබෙනවා. ජනාධිපතිවරයා එය ආරක්ෂා කරයි කියා තමා විශ්වාස කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ කැබිනට් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් අලුත් මතයක් ගොඩනැගී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමනක් නොව කැබිනට් අමාත්‍යවරු අලුත් ඔබ සියලු දෙනා දේශපාලන ක්‍රියාධරයන් විදියට වැඩ කර ඇති නිසා ඔබ පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට අලුත් වුනත් දේශපාලනයට ඔබ අලුත් නැහැ. ඔබ දිර්ඝ කාලයක් දේශපාලනයේ නියැලි ඉදලා තියෙනවා .ඒ නිසා අප විශ්වාස කරනවා ජනතාවට අලුත් පන්නරයක් ආදර්ශයන් ගණනාවක් මේ කැබිනට් මණ්ඩලයට අරගෙන දෙන්න පුළුවන් කියලා . ඒ වගේම රට ආරක්ෂා කරන ජයග්රහන වල නියමු කාර්ය භාර්යක් කැබිනට් මණ්ඩලයට තොරාපත් කර ගත් ඔබට පැවරී තිබෙන බව අප විශ්වාස කරනවා .
අපි පෞද්ගලිකව දන්නවා ඔබ අදුෂිතයි , ඔබ අවංකයි, ඔබ මෙම කාර්ය භාර්ය ඉෂ්ට කර ගැනීම සදහා ඔබට අප්රහිත ධ්යෛීයක් තිබෙනවා කියලා අපට දැඩි විශ්වාසයක් තියෙනවා.දේශපාලනයෙදී ගතහොත් අපට තිබුනේ ,අපේ දේශපාලන අරමුනු වෙනුවෙන් ව්‍යාපාරයක් ගොඩනගන්න ජනතාව ආමන්ත්‍රණය කරන්න.අපට යහපත් අරමුනු සමුදායක් තිබුනා. මේ යහපත් අරමුනු සමුදාය සාර්ථක කර ගැනීම සදහා බලය අත්පත් කර ගැනීම සදහා අි වැඩ කළා .අපේ වැඩ රටාව අපේ සටන්පාඨ අපේ ක්‍රියාකාරකම් හරහා අපි කළේ බලය අත්පත් කර ගැනිම. පොර බදලා පොර බදලා උපක්‍රම තොරලා අපි මේ ජනතාවට මේ අවශ්‍යතාවය එත්තු ගන්වවලා තියෙනවා. එහි ප්‍රතිපලය තමා මේ.
දේශපාලනය ජයග්‍රහනය කරලා තියෙනවා. හැබැයි තවදුරටත් අපිව මනින්නේ දේශපාලන සටන් පාඨ වල නිවැරැදි භාවය උඩ පනක් නොවෙයි. සැපිතැම්බර් 21 ක නොබැම්බර් 14 අපිව මනිනු ලැබුවේ අපේ සටන් පාඨ, අපේ මතවාදය තිබෙන නිරවුල් භාවය මත. හැබැයි නොවැම්බර් 14 වනදා අපිව මනින්න පටන් ගන්නේ ආණ්ඩුකරණයේදී අපි යහපත් නැද්ද කියලා .මිට පෙර අපිව මනිනු ලැබුවේ අපේ දේශපාලන ක්‍රියාකාරීත්වය හොදද නරකද යන්න මත. මෙතැන් සිට මනිනු ලබන්නේ අපේ ආණ්ඩුකරණය යහපත් අයහපත් කියන කාරණය මතයි.
අපි විශ්වාස කරනවා බලය කියන්නේ විශේෂ දෙයක් .බලය විසින් බලය උත්පාදනය කරනවා. බලය විසින් බලය ප්‍රසාරණය කරනවා.බලය විසින් යළි බලය පිමි ගණනින් බලය වර්ධනය කරනවා. බලය කියන්නේ එහෙම එකාක් .හැබැයි අපි ඉතිහාසයේ දැක තිබෙනවා සමහර අවස්ථාව වල කියා තිබෙනවා. සමහරු මාධ්‍ය සාකච්ජා වලදීත් කියා තිබෙනවා බලය දුෂිතයි. අසීමිත බලය අසීමිත ලෙස දුෂිතයි. ඇත්ත බලය දුෂිතයි . අසීමිත බලය අසීමිත ලෙස දුෂිතයි කියලා ඔප්පු කරලා තියෙනවා . අපේ රටේ අවස්ථා කිපයක් මේ වැනි බලයක් නිර්මානය වෙලා තියෙනවා .ඒ බලයන්ගේ අවසන් ප්‍රතිපලය ගතහොත් ජනතාවට සාධාරණ ප්‍රතිපල ගෙන දුන්නේ නැහැ .ඒ බලය සැම විටම මේ රටේ ජනතාවට අහිතකර විධියට බලපැවා. ඒ නිසා සමහු හිතන්න පුළුවන් අසීමිත බලයක් ලැබිලා තියෙනවා කියලා .මේ අසීමිත බලය අපි කොතැනට තල්ලු කරයි ද කියලා සමාජය තුළ සැකයක් නිර්මානය වෙන්න පුළුවන්. කුඩා හෝ සැකයක් තියෙන සෑම දෙනාටම මම කියන්නේ අපට බලය තිබෙන බව ඇත්ත, අපි ඒ බලය වගේම බලයේ සීමා මායිම් සහ බලය විසින් අපිට කටයුතු කරන්න දී තිබෙන කොටුවේ ප්‍රමානය දඅපි දැන ගත යුතුයි. ඒ බලයට සීමා මායිම් වගේම අරමුණක් තියෙනවා .දිර්ඝ කාලයක් අපි ජනතාවට කිව්වා යහපත් අරමුණු වල අපේෂා ඉටු කිරීමේදී බලය අපට පැවරී තිබෙනවා .