කජ්ජා සහ ඔහුගේ දරුවන් දෙදනා මරා දැමුවේ කපිල දිසානායක සහ හරක් කටාගේ නියෝගයෙන්ද?

අනුර ප්‍රියන්ත කුමාර විදානගමගේ හෙවත් කජ්ජා සහ ඔහුගේ දරුවන් දෙදනා වෙඩි තබා ඝාතනය කිරීමට හිටපු පළාත් සහා ඇමති කපිල දිසානායක , මිදිගම නදුන් චින්තක නොහොත් හරක් කටා, බැකෝ ප්‍රියන්ත , නේවි රුවන් සහ සිගිති බාලේ යන අය සම්බන්ධ බවට කජ්ජාගේ ඥාතිහු චෝදනා කරති.
එම වෙඩි තැබිමෙන් මිද්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ ඉගනුම ලැබු කලිදු අමිෂ් මාදෙව් සහ මැදමුලන ඩි.ඒ . රාජපක්ෂ ප්‍රාථමිකයේ ඉගනුම ලැබු පමිනි ආහස්යා යන දරුවන් දෙදනා ද ඝාතනය කෙරිණ.
මෙම ඝාතන සිද්ධියට සැකපිට 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කජිජා වෙඩි තබා ඝතනය කළ ස්ථානයේ තිබි පොලිස් භාරයට ගත් මාංචු කුට්ටම ඔහුට ලබා දුන්නා යැයි කියන තංගල්ල කොට්ඨාශ රථවාහන අංශයේ කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
එම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නේවි රුවන් සහ සිහිති බාල ද සිටිති. කජ්ජා සහ ඔහුගේ දරුවන් දෙදනාට වෙඩි තැබු බවට සැක කරන්නේ ඔවුන්ගේ ඥාතීහු නේවි රුවන්ව සහ සිගිති බාලාව සැක කරති. මොහුන් දෙදනාම කුලීයට මිනී මරණ බවට චෝදනා එල්ල වී ඇත. සිගිති බාලේ වීරකැටියේදී අතුල නැමැත්තෙකු ද ඝාතනය කළ බවට චෝදනා එල්ල විය.
බැකෝ ප්‍රියන්ත හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙතු වන අතර හබ්බන්ගොට දිස්ත්‍රික්කයේ අයිස් බෙදාහැරීම් කටයුතු වල මෙන්ම අපරාධ වලට ද හවුල් බවට චෝදනා එල්ල වි ඇත. බැකෝ ප්‍රියන්ත පෞද්ගලික බස් රථ වල කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කොට ඇති බවත් ගංජා බිස්නස් ද කරමින් සිට පසුව හරක් කටාගේ පාතාල කණ්ඩායමට සම්බන්ධ වී ඇත.
දකුණු පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකු වු කපිල දිසානායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අම්මාගේ මල්ලිගේ පුතාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීම සදහා එල්.ටි.ටි.ඊ. සමාජිකයින් නිවසේ රදවාගෙන සිටියා යැයි මොහුට චෝදනාවක් ද එල්ල විණ. කජ්ජා කාලයක් කපිල දිසානායක සමග සමීප ඇසුරක් තිබි පසුව නයි මුගටීන් බවට පත්ව තිබිණ.
ඇඹිලිපිටියේදී හරක් කටාට අයත් අයිස් මත්ද්‍රව්‍ය තොගය කජ්ජා පොලිසියට අල්ලා දෙන අගර පසුව ස්ථානාධිපති තමන්ට අයිස් ගැන තොරතුරු ලබා දුන්නේ කජ්ජා යැයි හෙළි කළේය.