කටින් බතල හිටවන ජාජබ ආණ්ඩුවේ විදේශ ගමන් බලපත්‍ර කෙරුවාව
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලය ගන්න කොට විදේශ ගමන් බලපත්‍ර වල බරපතළ හිගයක් පැවතිණ. එම ගමන් බලපත්‍රය හිගයට හේතු ලෙස එවක හිටපු ඇමති ටිරාන් අලස් පැවසුවේ සැලසුම් කළ පරිදි විද්‍යුත් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වීම බව පැවසිය. නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ලැබෙන තෙක් පැවති ගමන් බලපත්‍ර දිනකට නිකුත් කළේ 1100 කි. එම නිසා බලපත්‍ර ලබා ගැනීමට බත්තරමුල්ල ආගමන විගමන පරිශ්‍රය තුළ විශාල පෝලිම් ඇති විණ. ඈත පළාත් වලින් පැමිණෙන ජනයාට ගමන් බලපත්‍රයට ගෙවන මුදල් මෙන් දෙගුණයක් හෝ තුන්ගුණයක් ගෙවා කෙළඹ නතර වී එම කටයුත්ත කර ගැනීමට සිදු වේ.
කොළඹීන් බැහැර පිටත පාළාත් වල සිට පැමිණෙන ජනයා ඊට පෙර දිනයේ බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්මේන්තුවට පැමින ආදළ ගේට්ටු ඉදිරිපිට මධ්‍යම රාත්‍රියේ සිට ඉටි කොළ දමාගෙන වැතිරි සිටුනු අයුරු දක්කනට ලැබිණ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සමයේ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර 750 .000 තේල්ස් සමාගමෙන් ඇණවුම් කර තිබුණි. එම මිල දී ගැනීමට ආදාළ ටෙන්ඩරය ආන්දෝලාත්මක වුවද ගමන් බලපත්‍රය හිගය සලකා බල එම විදේශ ගමන් බලපත්‍ර එම සමාගමෙන්ම මිල දී ගැනීමට ජාජබ ආණ්ඩුව පසුව තිරණය කෙරිණ.
පාස්පෝට් ටෙන්ඩර් මගඩිය අවසානයේ අධිකරණය දක්වා ගමන් කළේය. අධිකරණ නියෝග වලට පටහැනිව කටයුතු කරමින් අධිකරණයට අපහාස කළා යැයි ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටියව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
තවත් ද විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර 100,000 ක් තේල්ස් සමාගමෙන් ඇණවුම් කර තිබු අතර එම ගමන් බලපත්‍ර ලක්ෂ දහය නොවැම්බර මාසයේ අග ලැබි තිබුණි.
ජනාධිලති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට පෙර පැවසුවේ එක පෑන් පහරින් ප්‍රශ්න විසදන බවය. ජාජබ ආණ්ඩුව බලයට පැමිණ දින සීයක් ඉකුත් වී ඇතත් හොරු ඇල්ලීම කෙසේ වෙතත් විදේශ ගමන් පිළිබද ප්රශ්නය විසදීමට අපොහොසත් වී තිබේ. දැන් ගමන් බලපත්‍ර වල හිගයක් නැත එම ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ දී පරිපාලනය පැත්තෙන් බරපතළ ගැටළු රැසක් නිර්මාණය වී තිබේ. ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා පැමිණෙන ජනයා පවසන්නේ ආණ්ඩුවට මැතිවරණයට පෙර කළමනාකරණ විෂයේ විශාරදයන් ලෙස පම්පෝරි ගැසුව ද මහජනයාව රස්තියාදු නොකර ගමන් බලපත්‍ර ටික නිකුත් කරන්නට වැඩ පිළිවෙක් ආණ්ඩුවට නොමැති බව එම ජනතාව පවසති.
ලියම්කරුගේ අත්දැකිම –
මගේ පුතාගේ විදේශ ගමන් බලපත්‍රය සැදීම සදහා ඔහු සමග මම 2024 මැයි 06 බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්මේනත්වට ගියා. මැයි මාසය වෙන කොට මේ රට පාලනය කළේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව. අපි උදේ 06 පිළියන්දලින් පිටත් වෙලා පාස්පෝට් කන්තෝරුවට යන කොට උදේ 7.30 පමණ වුණා . පාස්පෝට් කන්තෝරුවේ පරිශ්‍රයේ කිසිදු පොලිමක් තිබුණේ නැහැ. අපි කෙලින්ම ඇතුළට ගියා. පස්සේ පුතා පළමු ශාලාවේ කවුන්ටරය වෙත ගියාහම අංකයක් දිලා දෙවන තට්ටුව ගිහිල්ලා ආදාළ ලියවිලි බාරදෙන්න කියලා තිබුණා. පුතා දෙවන තට්ටුවට ගොස් ලියවිලි බාර දී එනකොට වේලාව උදේ 10 පමන වි තිබුණා. අපි ගමන් බලපත්‍ර ඉල්ලුම් කරලා තිබුණේ රුපියල් 10.000 ක් ගෙවලා සමාන්‍ය ක්‍රමයට. 2024 නොවැම්බර් 22 ඇවිල්ලා බලන්න කියලා තියෙනවා. අපි නොවැම්බර් 22 ගියහම 2024 දෙසැම්බර් 12 වන පැමිණ ගමන් බලපත්‍රය ලබා ගන්නැයි ගමන් බලපත්‍ර නිකුත් කාර්යාලයෙන් පුතාට දැනුම් දී තිබෙනවා. හදන්න දිලා තියෙන ගමන් බලපත්‍රයක් එම දිනයට කලින් ගන්න නම් රුපියල් 30 .000ක් තැරුව්කරුවන්ට ගෙවිය යුතුයි.
පුතාගේ ගමන් බලපත්‍රය බලන්න ගිය දවසේ මගේ බිරිදගේ ද ගමන් බලපත්‍රය හදන්න දුන්නා . එදා (22.11.2024) අපි ගෙදරින් ගියේ පාන්දර 2කට. පිළියන්දල ඉදලා බත්තරමුල්ලට යන්න ත්‍රිවිල් එකට රුපියල් 2000ක් අපට වැය වුණා. අපි ආගමන විගමන දෙපාර්මේන්තුවට යන කොට පාන්දර 3 වුණා. බිරිදට අලුත් ගමන් බලපත්‍ර නිකුත් කරන පෝලිමට ඇය එකතු වුණේ පාන්දර 3 ට. පාන්දර 3 සිට උදේ 09 ය වෙනකම් සිට ගෙන හිටියා. එම පෝලිම ක්‍රිලෝ මිටර් කාලක් පමන දිගු පෝලිමක්. පැය 06 පෝලිමේ ඉදලා ඇතුළට ගියාට පස්සේ ගමන් බලපත්‍රයට ආදාළ ලියවිලි පරික්ෂා කරලා, එම ලියවිලි නැවත බාර දෙන්න මාසයකට පස්සේ දිනයක් දිලා තිබුණා. ලියවිලි බාරදුන්නු දවසේ ගමන් බලපත්‍රය ගන්න කාලයක් යන බව කියා තිබෙනවා. නැවත වතාවක් ගියාට පස්සේ තමා ගමන් බලපත්‍රය ලැබෙන නියම දවස දැනුම් දෙන්නේ.
උසාවිය ,පොලිසිය , පාස්පෝට් කන්තොරුව සහ වෙනත් රජ්‍ය ආයතන වලට වැඩක් කර ගන්න ගිය විට මහජනයාට අපහාස කරමින් ඔවුන්ගේ කාලය විනාශ කර දමති. මෙය රජය සේවකයන්ගේ ප්‍රශ්නයකටත් වඩා ධනපති ආණ්ඩු වල බංකොලොත්කම විදහා පෑමකි. තක්ෂණය මොන තරම් දියුනු වුනත් ඇමරිකන් රාජයට ලොස් ඇන්ජලිස් ගිනි මාකරාට බිලි දීම හැරවෙන ප්‍රති පියවරයන් නොමැතිකම ප්‍රදර්ශනය විය. ඇත්තට මෙය තාක්ෂණයේ හෝ ඥානනය පිළිබද ප්‍රශ්නයක් නොව ධනවාදය පරිසරය අපාලිතව සුරකෑමේ ප්‍රතිපලයකි.
තමන්ගේ දුවට ගමන් බලපත්‍රයක් ගන්න ගිය විශේෂඥ නාරි වෛද්‍ය ජයවර්ධන ඔහුගේ අත්දැකිම අප වෙත ලියා එවා ඇත. පහතින් පල වන්නේ එම අත්දැකිමයි.
විජිත හේරත් ඇමති වෙලා දින එකසිය (110) දහයක් ඒ නම් මාස හතරකට ආසන්න කාලයක් ගත වි ඇතත් විදේශ ගමන් බලපත්‍ර ප්රශ්නය විසදී නැත. ගමන් බලපත්‍ර හිගයට වඩා වැඩ පිළවෙක් නොමැතිකම ගම්‍යමාන වෙයි. ඇමරිකාවේ පශ්චාත් උපාධිය කරන දියණියගේ ගමන් බලපත්‍රය අලුත් කර ගැනීම සදහා මම ඇය සමග බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්මේන්තුවේ විස්තර දැන ගැනීමේ කාර්යාලයට ගියෙමි. එක් දින සේවාව සදහා අවම වශයෙන් පාන්දර හතරට පොලිමට එකතු විය යුතු අතර එහි ගේට්ටුව විවෘත කරන්නේ පාන්දර හයටය. කිසිම ලේඛනයක් පරික්ෂා නොකර සියලුම දෙනා ඇතුල් කර ගනී. ඇතුලේ තවත් පොලිමකි. උදේ 10ට තිස්දෙනා බැගින් කාර්යාලයේ ඇතුලට ගත් අතර ඉද ගැනීමට පුටුවක් ලැබුණේ පැය හයකට පසුවය. ඇත පළාත් සිට පැමිණේන අය පොලිමට පැමිනෙන්නේ කලින්දා රාත්‍රීයේය . උදේ 11ට පමන ලේඛන පරික්ෂා කිරීමෙන් අනතුරුව අංකයක් ලබා දෙයි. නමුත් පැය අටක් පොලිමේ සිට ඇතුලට ගියත් සමහරුන්ගේ ලේඛන පරික්ෂා කර හරවා යවති. ආරක්ෂක නිලධාරීන් ඉතාමත් ආකාරුණිකව බැණ වදිති. මෙසේ බැණ වදින්නේ ගෘහ සේවය සදහා ගොස් රටට ඩොලර් උපායාගෙන එන කාන්තාවන්ටය. උදේ හතරට පොලීමට එකතු වු මගේ දියණියට ලැබුණු අංකය 850ය. බොහේ කවුන්ටර් වල නිලධාරීන් නොසිටි අතර සිටි නිලධාරීන් පවා ඔපාදුප කරමින් අලසකමින් රාජකාරීයේ යෙදී සිට බව දක්නට ලැබුණි. පැය අටක් පොලිමේ සිටි අයදුම්කරුවන් කෙරෙහි මිට වඩා සානුකම්පිකව බැලිය යුතු නොවේද? මට බැලු බැල්මට පෙනුනේ ගමන් බලපත්‍ර වල හිගයට වඩා ක්‍රමවේදයේ රදක් ඇති බවයි. පාන්දර හතරට පොලිමේ එකතු වු මගේ දියණියට ගමන් බලපත්‍රය ලැබුණේ සවස හයටය. ඒ නම් පැය 14 කට පසුවය. ඉන් පැය අටක් සිටගෙන සිටිමට සිදු විය. ජාතික ජන බලවේග ආණ්ඩුවට ජන්දී අපි බලපොරෝත්තු වු වෙනස මේකද?