කටුනායක ගුවන් තොටුපලට ආ කමාන්ඩෝ සලින්තගේ පෙම්වතිය අත්අඩංගුවට ගත්තාද? නැතිනම් පැහැර ගත්තාද?

මැලේසියාවේ ක්වාලාම්පුර් යෑම සදහා අනුරාධපුරයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද (08) පැමිණි බව කියන දිනුෂා ඩිල්ෂානි බණ්ඩාරව එම ගුවන් තොටුපලේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාශයට බාර දුන් බවට අප වෙත තොරතුරු ලැබි ඇත.
කොළඹ අපරාධ කොට්ඨාශයෙන් ඇය පිළිබදව විමසා ඇති බවත් එවැනි අයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව එම කොට්ටාශය පවසා ඇති බවත් වර්තාවේ.
එම තොරතුරු තහවුරු කර ගැනීම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගගෙන් අප කළ විමසීමේදී එවැනි තොරතුරක් ඔහු මේ වනතෙක් ලැබි නැති බවත් ආදළ අංශ වලින් ඒ පිළිබද විමසා පසුව දැනුම් දෙන බව පැවසීය.
ඩිල්ෂානි බණ්ඩාර ගනේමුල්ල සංජිව ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන කෙහෙල්බද්දර පද්මේ කණ්ඩායමට අයත් කමාන්ඩෝ සාලින්ත පෙම්වතිය වේ.
ඇයව කොළඹ අපරාධ කොට්ඨාශය හෝ පොලිසිය මගින් හෝ අත්අඩංගුවට ගත්තේ නැති නම් ඩිල්ෂානිව අත්අඩංගුවට ගත්තේ හෝ පැහැර ගත්තේ කවුද? නැතිනම් ඇය ගැන සොයා බැලිමේ වගකිම ඇත්තේ පොලිසියටය.
ඩිල්ෂානි බණ්ඩාරගේ විදේශ ගමන් බලපත්‍රයේ සහ විකට් පතේ පිටපතක් අප සතුව ඇත.