කතානායක රන්වල ඉල්ලා අස් වෙයි

කතානායක අශෝක සපුමල් රන්වල අද (13) සවස එම ධුරයෙන් ඉල්ලා අස් විය.

ඔහුගේ ආචාර්ය උපාධිය ව්‍යාජ එකාක් බවට සමාජයෙන් එල්ල වු චෝදනාව ඔප්පු කිරීමට අවශ්‍ය ලියකියවිලි අශෝක රන්වල සතුව නොමැති නිසා ඔහු එම තනතුරින් ඉල්ලා අස් වී ඇත.

අශෝක රන්වල කතානායක ධුරයේ කටයුතු කළේ මාසයකට අඩු කාලයකි. කතානායකවරයා ඉල්ලා අස්විමේ ලිපිය අද සවස පාර්ලිමේන්තුවට යවා ඇත.

අශෝක රන්වල ආචාර්ය උපාධිය ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තා යැයි පැවසුවත් එය ඔප්පු කිරීමට ලිඛිත කිසිදු සාක්කියක් ඔහු සතුව නොමැත. බීබීසී සිංහල සේවය ඔහු මුලික උපාධිය ලබා ගත්තේ මොරටු විශ්ව විද්‍යාලයෙන් දැයි විමසු විට ඔහු හතර වටේ පටලවයි. මොරටු විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධියක් හැදැරු රන්වල ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කොට ඇත්තේ කාර්මික ශීල්පියෙකු ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *