ක්‍රමය වෙනස් කරන්න ආ තරුණයාව ක්‍රමය බිලි ගනී

‌ෙඑතිහාසික ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීයෙකු වු බුද්ධික ප්‍රබෝධ කරුණාරත්න තරුණයා සිය ජිවිතයෙන් සමුගෙන ඇත.

දැන් සිටියා ඇති ,දැන් කම්මැලි සහ දැන් කරන්නට දේයක් නැතැයි යන බංකොලොත් දෘෂ්ටිවාදයන්ගේ (ශුනයවාදි) ගොදුරක් බවට පත් වු කරුණාරත්න තරුණයා සිය ජිවිතය අහිමි කර ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 25 කි .

කරුණාරත්නගේ අවසන් යටයුතු අද (19) දෙහිවල ප්‍රදේශයේ දී සිදු කිරීමට නියමිතය .

චතුර ලෙස ඉංග්‍රීසි කතා කළ කරුණාරත්න මධ්‍යම පාන්තික ගතිගුණ වලින් හෙබි ප්‍රියමානාප තරුණයෙකු විය .

ගාලුමුවදොර අරගල භුමීයේ ඉදිකර තිබු ජාත්‍යන්තර මාධ්‍ය කුඩාරමේ ලියුම්කරු සමග මාස 03 ආසන්න කාලයක් ඔහු රැදී සිටිමින් අරගලයේ නියැලුනහ .

සමහර සමාජ මාධ්‍ය මගින් කරුණාරත්නව හදුන්වා දී තිබුණේ හිටපු ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ පැන්වීම සදහා පෙරමුණ ගත් ක්‍රියාධරයකු කියාය . ඔහු ඇත්තටම ගොල්ෆේස් පැමිණියේ ක්‍රම වෙනසක් සදහාය . අවසානයේ කරුණාරත්නව ක්‍රමය විසින්ම බිලි ගත්තේය .

කරුණාරත්න Back Cap සංවිධානය (කළු තොප්පි කාරයෝ) නියෝජනය කරමින් ගාලුමුවදොර ක්‍රියාකාරී කමිටුවට ද සහභාගි විය . අරගලයෙන් පසු ඔහු සහ සුමෙස් එම සංවිධානයෙන් ඉවත් වි තිබේ . පසුව ඔවුන්ව මරා දමන බවට තර්ජනය කර ඇතැයි ද වාර්තාවේ .

කළු තොප්පි සංවිධානය මධ්‍යම පාන්තික තක්කඩියන්ගෙන් සැදුන්ලත් ප්‍රතිස්ංකරණවාදී සංවිධානයක් වන අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති විමත් සමග ගාලුමුවදොර අරගලය පාවාදී ඔවුන් බැරියල් එකෙන් අනික් පැත්තට ගමන් කළහ . ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහල නිලතල වල සිටින අය අතර බහුතරය කළු තොප්පිකාරයන් වෙති . ඔවුන් ගාලුමුවදොර අරගලය පාවාදී ජනාධිපති ලේකම් කාර්යාලය නැමැති ගුබ්බෑයමට රිංගා ගත්හ . සමාජ වෙනසත් සදහා අරගලයට පැමිණි තරුණයන්ව ධනපති ක්‍රමය පින්තාරු කර වෙනස් කර ගතහැකි යැයි යන මිත්‍යාව වපුරවමින් නන්නත්තාර කර දැමු කරුණාරත්නගේ ජවිතයට ධනපති පාලක පන්තියේ කිහිලිකරුවක් ලෙස ක්‍රියා කරන ප්‍රතිගාමී කළු තොප්පි සංවිධානය ඊට වගකිව යුතුය .

ඔහු අරගලයට පෙර roar.lk සහ සිලොන් ඩුඩේ නිව්ස් ෆේපර් හි මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කර ඇතැයි වාර්තාවේ . කරුණාරත්න කුරුණෑගල නාරම්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මහරගම ප්‍රදේශයේ කුලියට කාමරයක් ගෙන සිට ඇත. කරුණාරත්න දිවිහානි කරගෙන ඇත්තේ අධි මාත්‍රා මත්ද්‍රව්‍යයක් ශරීරයට ඇතුල් කර ගැනීමෙන් බව ද වාර්තාවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *