ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ සහෝදරයාට තියුනු ආයුධයකින් පහර දිලා

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ සහෝදරයෙකු වන සාවිත්‍ර ද සිල්වාට පාතාලේ යැයි කියන පිරිසක්  තියුනු ආයුධයකින් පහර දීම නිසා ඔහුව මොරටුව ලුනාව රෝහලට ඇතුළත් කර ඇත.

එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊයේ  (11) සවස 7.30ට පමන බව පොලිසිය පවසයි.

පාතාලේට සම්බන්ධ යැයි කියන ඉන්දික සුරංග නොහොත් රත්මලානේ සුද්දා සහ ඔහුගේ සහචරයන් පිරිසක්  සාවිත්‍ර ද සිල්වාට පාහර දී තිබිණ. ධනංජය ද සිල්වා සහ සාවිත්‍ර ද සිල්වාගේ පියා වන පොදුජන පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වාව 2018 වර්ෂයේ වෙඩි තබා ඝාතනය කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *