ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ වෙඩික්කරුවන් අත්අඩංගුවට

සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හෙවත් කැරෝකි වසන්ත වෙඩි තබා ඝාතනය කළා යැයි සැකපිට පුද්ගලයන් දෙදනෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේදී අද (‌23) සවස බස්නාහිර පළාත් දකුණ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ , ගාල්ල අහුන්ගල්ලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන පැටි අරඹගේ අජිත් රෝහණ හෙවත් චණ්ඩි ‌සහ තාරුකා වරුණ ඉන්දික ද සිල්වා හෙවත් සංක යන අයවලුන්ය .

අතුරුගිරිය ඝාතන සිද්ධි‌යේ සැකකරුවන් වන අජිත් රෝහණ හෙවත් චන්ඩිගේ සහ ඉන්දික සිල්වා හෙවත් සංකගේ ජායාරූප මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරමින් තොරතුරක් සපයන අයෙකුට පොලිස් දෙපාර්මේන්තුව මගින් ත්‍යාග පිරිනමන බව ද ප්‍රචාරය කර තිබුණි .

මෙහුන් දෙදනාම යුද හමුදාවේ සේවය කළ අය වෙති .

ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කරන ලද්දේ, අතුරුගිරියේ ටැටු ආයතනයක් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී සිටියදීය. ඔහු ටැටු කඩේ විව‍ෘත කර කිරි බත් කමින් සිටියදී , එම කඩේට ඇතුල් වු වෙඩික්කරුවෝ වසන්ත ඇතුළු පිරිසට වෙඩි තැබුුහ. වෙඩික්කරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් ක්ලබ් වසන්ත සහ ගයන ශිල්පි කේ සුජිවාගේ ස්වාමී පුරුෂයා වන නයන වාසුල එදිරිසුරියද මිය ඇදිණි. වසන්තගේ බිරිද , කේ .සුජිවා සහ ටැටු කඩේ අයිතිකරුගේ බිරිද වෙඩි වැදි තුවාල ලැබුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *