ක්ලබ් වසන්ත මරා දැමුවේ රාජපක්ෂලාද? කන්ජිපානීලාද? නැතිනම් පෙරමුණකින්ද?

ශාන්ත විජේසුරිය විසිනි

උසස් පොලිස් නිලධාරියෙකු මෙහෙයවිමෙන් සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හෙවත් කැරොකි වසන්තට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් ටැටු කඩේ හිමිකරු වන දුලාන් සංජුල සිල්වා ලවා කරවන ලද පාපෝච්චාරණය මාධ්‍යයට නිරාවරණය කිරීම නීතියට පටහැනි බවත් එම අපරාධය මෙහෙවුවන් ආරක්ෂා කිර‍ිමක් බව නීති විශාරදයෝ පවසති .

අතුරුගිරිය ඝාතන සිද්ධියේ ටැටු කඩේ හිමිකරු සංජුල අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඔහුව මාධ්‍යයට නිරාවර‍ණය කර පාපෝච්චාරණයක් සිදු කිරීමත් එම ඝාතන සිද්ධියට ආදාළ විඩියෝ දර්ශන මාධ්‍ය මුදා හැර‍ිමත් විමර්ශන දුර්වල කිරිම සදහා හිතා මතා සිදු කළ ක්‍රියාවක් බව එම න‍ිති විශාරදයෝ පෙන්වා දෙති .

ටැටු කඩේ හිමිකරු සංජුල මාධ්‍ය හමුවේ පාපෝච්වාරණය කරමින් (ජායාරූපය අන්තර්ජාලයෙන් බලා ගත්තක්)

ක්ලබ් වසන්තට වෙඩි තබා ඝාතනය කරන්නේ පසුගිය 08 වෙනිදාය .වසන්තට අමතරව නයන වාසුල එදිරිසුරිය කියන අයෙකුත් ඝාතනය කෙරිණ .ඔහු හිටපු භික්ෂුවක් වන අතර වාසුල ගායන ශිල්පිනී සුජිවාගේ ස්වාමිපුරුෂයා බවත් පවසයි. වසන්තගේ බිරිදට, ගායන ශිල්පිනී සුජිවාට සහ ටැටු කඩේ හිමිකරුගේ බිරිදට වෙඩි වැදිම නිසා කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වසන්තගේ බිරිද වන මැණික් විජේවර්ධනගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

ටැටු කඩේ සංජුලට එම කඩේ දැමීම සදහා මුදල් ලබා දී අත්තේ පොලිසිය පාතාල නායකයෙකු යැයි පවසන දැනට ඩුබායි රටේ ජිවත්වන ගාල්ලේ ලොකු පැටි විසිනි .ටැටු කඩේ දැමිම සදහා ඔහු සංජුලට ලක්ෂ දහයක මුදලක් ඔහුගේ බිරිදගේ බැංකුවට දමා ඇත. එම ටැටු කඩේ විවෘත කිරීමේ උත්සවයට සංජුල ක්ලබ් වසන්තට ආරාධනා  කර ඇත්තේ ලොකු පැටිගේ ගොලයෙකු වන මහේෂ් ධනුෂ්ක හෙවත් කේතුගේ ඉල්ලීම මතය . එම කඩේ විවෘත කිරීමේ උත්සවයට වසන්තට සහ ගායන ශිල්පිනී කේ .සුජිවාට ඇයගේ ස්වාමි පුරුෂයා යැයි කියන නායන වාසුලට ද ආරා‍ධනා කර තිබිණ.

වසන්ත පොල් තෙල් පහන දල්වා කඩය විවෘත කර පසුව කිරි බත් කමින් සිටියදී එම කඩයට ඇතුල් වු ටි 56යේ ගිනි අවි දෙකාක් අතින් ගත් වෙඩික්කරුවන් දෙදනෙක් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා සුදු පැහැති කාර් රථයකින් පලා අයුරු සී. සී.ටි. කැමරා වල සටහන් වී ඇත. වසන්ත ඇතුළු පිරිසගේ ශරීර පාසාරූ කරගෙන ගිය උණ්ඩ වල KPI අකුරු තුන කොටා ඇති බව පොලිසිය පවසයි . KPI යන අකුරු තුනෙන් කිය වෙන්නේ කන්ජිපානි ඉම්රාම් බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරද්දි ඔහු මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වා ඇත්තේ KPI නමින් බව පොලිසිය පවසයි .

සංජුලට ටැටු කඩයක් දැමීම සදහා මුදල් ලබා දි එම ඝාතනය සිදු කර ඇත්තේ මාකදුරේ මාදුෂ්ගේ කණ්ඩායමට නායකත්වය දෙන කන්ජිපානි ඉම්රාම්ගේ උපදෙස් අනුව බව පොලිසිය කියයි .

ක්ලබ් වසන්ත මාකදුරේ මදුෂ්ක  ජිවත්ව සිටියදි  කෝටි 100 ක මුදලක් ලබාගෙන ඇති බවත් ඩුබායි පොලිසිය මාකදුරේ මාදුෂ්ක ,කන්ජිපානී ඉම්රාම් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නේ ක්ලබ් වසන්ත සහ අන්නාසී මෝරීන් විසින් දුන් ඔත්තුවකට බව හෙළිවිම නිසා මදුෂ්ගේ කණ්ඩායම විසින් ඔහුව ඝාතනය කරන්නට ඇතැයි මාධ්‍යයේ අදහස් ඵල වී තිබුණි .

ඩුබායි හි පැවති මාකදුරේ මදුෂ්ගේ දුවගේ උපන්දින සාදයට ක්ලබ් වසන්තට ආරාධනා කළ ද ඔහුගේ පෞද්ගලික හේතුවක් මත එම සාදයට යෑ‍මට නොහැකි වී ඇති බවත් මදුෂ්ක ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වන්නේ අන්නාස‍ි මෝර‍ීන් දුන් ඔත්තුවකට බවත් ක්ලබ් වසන්ත මදුෂ්ගෙන් ලබාගෙන ඇත්තේ ලක්ෂ හැත්ත‍ෑවක (70) මුදලක් බව හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරියෙකු වන කීර්ති රත්නායක මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී හෙළි කළේය .

කීර්ති රත්නායක පවසන විධියට මදුෂ් අල්ලා දීමේ සිද්ධියට ක්ලබ් වසන්ත සම්බන්ධ නැතිනම් මදුෂ්ගේ කණ්ඩායමට ඔහුව මරා දැමීමේ හේතුවක් නැත. මදුෂ්ගෙන් ලබා ගත්තා යැයි කියන ලක්ෂ හැත‍ෑවට ක්ලබ් වසන්ත මරා දැමු බවට කරන කතා විශ්වාස කළ හැකිද?.

නමුත් නිදහස් මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා ප්‍රදීප් වික්‍රමසිංහ චමුදිත සමරවික්‍රම සමග පැවති සම්මුඛ සාකච්ජාවේදි පැවසුවේ ඊට හත්පසින් වෙනත් කතාවකි.

ක්ලබ් වසන්ත මාකදුරේ මදුෂ්ගෙන් කෝටි 100 ත් 150 ත් අතර මුදලක් ලබාගෙන ඇති බවත් මදුෂ් ඩුබායි රටේ සිටියද‍ි ඔහුව ,කන්ජිපානි ඉම්රාම් ඇතුළු පිරිස අල්ලා දිම සදහා ක්ලබ් වසන්ත අනියමින් අන්නාස‍ි මෝරීන් සමග කටයුතු කර ඇතැයි වික්‍රමසිංහ හෙළි කළේය

ක්ලබ් වසන්ත ඝාතනය කළේ කන්ජිපානි ඉම්රාම්ගේ කණ්ඩායම බව සමාජගත කරන්නට පොලිසිය විශාල උත්සහයක් දරයි .ක්ලබ් වසන්තට වෙඩි තැබිමේ සිද්‍‍ධියට ආදළ විමර්ශන ආරම්භ කරන්නට මත්තෙන් එම සිද්ධියේ විඩියෝ පට මාධ්‍ය නිකුත් කළේ ඇයි ද යන්න පිළිබද බරපතළ සැකයක් පවති .

 අපරාධ වු තැන කහපාට පටියක් ඇද පොලිසිය එය ආවරණය කරන්නේ එම ස්ථානයේ අපරාධයට ආදාළව ඇති සාක්කි ආරක්ෂ කර ගැනීමටත් විමර්ශන වලට ආදාළ නොවන පුද්ගයන් එම ස්ථානයට ඇතුල් විම වැළැක්විම සදහත්ය . කහපටි ඇද තිබියදිත් එම විමර්ශන කටයුතු වලට ආදාළ නැති නිලධාරීන් පිරිසක් ටැටු කඩේ ඇතුල් වී එහි සී.සී.ටි.වි. දත්ත ගබඩාවේ දර්ශන ලබා ගෙන මාධ්‍යයට මුදා හලේ කාගේ නියෝගයක් මත යන්න සොයා බැලිය යුතුය . එම අපරාධ සිද්ධියේ විඩියෝ දර්ශන කඩිමුඩියේ මාධ්‍යයට මුදා හැරීමෙන් ගම්‍ය වන්නේ අපරාධයට සම්බන්ධ පිරිස් එම විඩියෝ පටය මාධ්‍යයට මුදා හරින්නැයි නියෝග ක‍ළ පුද්ගලයන් අතර සිටින බවයි . එපමණක් නොව හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ ටොලියක් මත දමා තිබු වෙඩි වැදුණු ක්ලබ් වසන්තගේ නිරුවත් මෘත ශරීරයේ ජායාරූපයක් අන්තර්ජාලයට මුසු කර ඇත්තේ එම අපරාධයට හවුල් පිරිස් බවට සැක කෙරේ.

ක්ලබ් වසන්තගේ ඝාතන සිද්ධියට ආදාළ තොරතුරු විමර්ශනාත්මකව පරික්ෂා කිරීමේදි පැහැදිලි වන්නේ ඔහුට එල්ල කළ ප්‍රහාරය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක හෝ ප්‍රහාරයක් නොව සතුරු පෙරමුණක ප්‍රහාරයක් බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එම අපරාධ සිද්ධියේ සැකකරුවෙකු වන ටැටු කඩේ සංජුලව කැමරා ඉදිරිපිට තබාගෙන ඔහු ලවා සිදුකරන පාපෝච්චාරණයත් සංජුල මාධ්‍යයට ඉදිරියට පණුවන්නට පෙර පොලිසිය සමග ඔහු පැවසුවා යැයි කියන දේවල් මතක් කර දෙන්නේ එතැන සිටි උසස් පොලිස් නිලධාරියෙකි . සංජුල ගාල්ලේ ලොකු පැටි ගැන කියද්දී , ලොකු පැටි වසන්තට විරුද්ධ වන්නේ ඇයි දැයි උසස් පොලිස් නිලධාරියෙකු සංජුලගෙන් විමසද්දී ඔහු පවසන්නේ ක්ලබ් වසන්ත කුඩු විකිණ‍ිමට විරුද්ධ නිසා යැයි පිළිතුරු දෙයි . ක්ලබ් වසන්ත කොකෙන් විකුණ බව ප්‍රසිද්ධ රහසකි . පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රිවරු සහ ඇමතිවරු කොකෙන් ලබා ගන්නේ ක්ලබ් වසන්තගෙන් බවත් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බ්න්ධ බව ගුවන් හමුදා හිටපු බුද්ධි නිලධාරියෙකු වන රත්නායක පවසයි.  ලොකු පැටි ක්ලබ් වසන්තව ඝාතනය කළේ ඔහු මත්ද්‍රව්‍ය වලට විරුද්ධ විම නිසා යැයි මතයක් එළියට කාන්දු කිරීමට පොලිස් ලොක්කා උත්සහ කර ඇත.

අපරාධ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුගෙන් මාධ්‍ය ඉදිරිපිට තබාගෙන පාපෝච්චාරණයක් ලබා ගැනීම අපරාධ නීති සංග්‍රහයටත් පොලිස් ආඥා පනතටත් සාක්කි පනතටත් අනුව නීති විරෝධි ක්‍රියාවක් බව නීතිඥ අමිල එගොඩවත්ත යුටියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ජාවක දි පවසයි.

වෙඩික්කරුවන් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සදහා භාවිතා කළේ ටි 56 යේ ස්ව්‍යං ක්‍රීය ගිනි අවි දෙකකි . එම ගිනි අවි දෙකෙන් එකාක් එල්.ටි.ටි.ඊ. සංවිධානය සතුව තිබු ගිනි අවියක් බව පොලිසිය මාධ්‍යයට පවසා ඇත. වෙිඩික්කරුවන් සහ ගිනි අවි අත්අඩංගුවට නොගෙන පොලිසිය එම එක ගිනි අවියක් එල් .ටි.ටි.ඊ. සංවිධානය සතුව තිබු ගිනි අවියක් යැයි පවසන්නේ කෙසේද?  ‌පොලිසියේ එම ප්‍රකාශයත් සමග ක්ලබ් වසන්ත ඝාතනය කළේ පොලිසිය දැනුවත්තව යන්න පි‍ළිබදව බරපතළ ප්‍රශ්නයක් පැනනැගේ . තුවක්කුවේ හඩින් එය එල් .ටි.ටි.ඊ. සංවිධානය සතුව පැවති ගිනි අවියක් යැයි කියන්නට තරම් දැනුමක් ඇතැයි පෙන්නන්නට ගොස් පොලිසිය කලින් කෙසෙල් කැන වැට පැන ඇත .

වසන්ත විවිධ අපරාධ වලට මෙන්ම පාතාලයට සම්බන්ධ බව ඔහුගේ ඝාතනයත් සමග හෙළි වි ඇත. වසන්තගේ බිරිදගේ මුදල් පසුම්බියේ තිබි බෙබි රිවෝලය (38) හමු වු බව පොලිසිය පවසයි .

01 ) ක්ලබ් වසන්ත දේශපාලඥයන්ට සහ ප්‍රභුවරුන්ට ඉහල පෙලේ ගණිකාවන් සපයන්නෙකු බවට ප්‍රසිද්ධියක් ඉසුලු අයෙකි . ඔහු දේශපාලකයන්ට සහ ප්‍රභුවරුන්ට ගැණු සපයා ඔවුන් රමණයේ යෙදෙන අවස්ථා විඩියෝ කර පසුව බ්ලැක්මේල් කර ඇත. දේශපාලකයන්ගේ ඒ වැනි විඩියෝ රැසක් වසන්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ලබා දි ඇතැයි ඔහුගේ ඝාතනයත් සමග වාර්තාවේ . වසන්තගේ උගුලට අසු වු එම පිරිස් වලින් ඔහුට තර්ජනයක් තිබිණ.

02) මදුෂ්ගෙන් ලබාගත් මුදල් බලා නොදීමත් මාදුෂ් ඇතුළු පිරිසව ඩුබායි රටේ දී අල්ලා දුන්නා යැයි ක්ලබ් වසන්තට මදුෂ්ගේ පාර්ශ්වයෙන් මරණ තර්ජන එල්ල විණ .

03) වසන්ත ඉහල පෙලේ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන එවා නැවත නොදීම නිසා විශාල පිරිසක්ගේ උදහස ලක් වු පුද්ගලයෙකු බවත් වාර්තාවේ .

04) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයෙකු වන ක්ලබ් වසන්ත ජාතික ජන බලවේගයට පසුගිය කළේ නැඔුරු විය. දේශපාලකයන්ගේ ඔහු දන්නා රහස් හෙළි කරන බවට වසන්ත සමාජ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබුණි .  රාජපක්ෂලාගේ රහස් ජනතා විමුක්ති පෙරමුණේ නායක හා ජාජබයේ නායක අනුර කුමාරලා අතට පත් වෙතැයි රාජපක්ෂ බිය වුවා විය හැකිය . ඔහුගේ මරණය ඉක්මන් වන්නට එම ප්‍රකාශය බලපාන්නට ද ඇත. කන්ජිපානිලා සහ ලොකු පැටි මෙහෙයුවේ රාජපක්ෂ රේජිමය ද යන්න සැකයක් පවති .

කන්ජිපානිලා සහ ලොකු පැටි සංජුල ලවා ටැටු කඩේ විවෘත කරවන්නේ ක්ලබ් වසන්තව එම කඩේ විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස ගෙන්වාගෙන ඝාතනය කිරීමටය . එය ටැටු කඩේ හිමිකරු වන සංජුල දැනුවත්ව සිද්ධ කළ කොන්ත්‍රාත්තුවකි . සංජුලගේ මව වන මීගේට්ටු වත්තේ නිලන්ති ලොකු පැටි සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවක් බව මාධ්‍ය වාර්තා කර තිබුණි . ලොකු පැටි යනු මාකදුරේ මදුෂ්ගේ ගෝලයෙකු බව සංජුල හෝ ඔහුගේ මව නොදැන සිටි බව පැවසුහොත් එය පිළිගත නොහැකිය. ලොකු පැටි සංජුලගේ බිරිදගේ බැංකු ගිණුමට ලක්ෂ 16 ක මුදලක් දමා ඇත්තේ බලපිටියේ පුද්ගලයෙකු මාර්ගයෙනි . සංජුල අතුගිරියේ ජිවත් වුවද ඔහු බලපිටියේ උපන් අයෙකි . සජුලගේ මල්ලි ටැටු කඩේ බැල්කණියේ සිට ඔත්තු බැදු බව ද පිළිගෙන ඇත.

 ක්ලබ් වසන්ත ඝාතනය සිද්ධියට පොලිසිය මගින් සැකපිට සංජුලව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු පැවසුවේ ලොකු පැටිගේ උපදෙස් පරිදි වසන්තව ඝාතනය කිරිමේ සිද්ධියට සංජුල ද හවුල් වු බවයි . පසුව පොලිසිය මාධ්‍ය ඉදිරිපිටට ඔහුව පමුණු වන්නේ පිටපත වෙනස් කරමින්ය . සංජුල මාධ්‍ය ඉදිරිපිට පාපෝච්චාරණය කරමින් කියා සිටින්නේ ක්ලබ් වසන්තට ඔහු ටැටු කඩේ විව‍ෘත කිර‍ිමට අරාධනා කළේ ලොකු පැටිලා වසන්තව ඝාතනය කරන බව නොදැන බවයි . පොලිසිය සංජුලව තොත්ත බබෙක් කළේ කාගේ උවමනාටද?

කන්ජිපානි ඉම්රාම් කිප අවස්ථාවක් ක්ලබ් වසන්ත දුරකතනයෙන් කතා කර මදුෂ්ගෙන් ලබා ගත් කෝට් 70 වක මුදලෙන් භාගයක් හෝ ඩුබායි වල සිටින මදුෂ්ගේ බිරිදට ලබා දෙන්නැයි පවසා ඇත. නමුත් වසන්ත දේශපාලන කතා කියමින් කන්ජිපානීගේ එම ඉල්ලීම ගණන් නොගෙන සිට ඇතැයි පාතාල ආරංච් මාර්ග සදහන් කරයි.

කන්ජිපානි ඉම්රාම්ගෙන් වසන්තට තර්ජනයක් තිබුනාද? ඒසේ තිබුණා නම් වසන්ත ඒ ගැන සැලකිලමත් නොවුයේ  මන්ද? ඔහුගේ ආරක්ෂකයින් ටැටු කඩේට ඇතුල් වන ප්‍රධාන දෙරාටුව අසල බැල්කණියේ රැදි සිටියා නම් වෙඩික්කරුවන්ගේ කුරුමානම වරදින්ට ඉඩ තිබුණි . වෙඩික්කරුවන් ටැටු කඩේට ඇතුල් වන්නේ බැල්කණියේ සිටි ළමයෙකු වඩා ගත් පුද්ගලයා සහ තරුණයා ද පසු කරගෙනය . මේ වැනි ප්‍රහාර වලදී සිද්ධ වන්නේ වෙඩිකරුවන්ට මුණ ගැසෙන සෑම බාධයක්ම නිහඩ කිරීම හෝ යටත් කර ගැනීමය . නමුත් වෙඩික්කරුවන් ඔවුන්ව ගණන් නොගෙන ඉලක්කය හඹා ගොස් පහර දෙති . බැල්කනියේ සිටි දෙදනාගෙන් එක් අයෙකු සංජුලගේ සහෝදරයෙකු බවත් ඔහු ඔත්තු බැලු බවත් පිළිගෙන ඇත.

මදුෂ්ව වෙඩි තබා ඝාතනය කළා යැයි කියන්නේ පොලිස් පරික්ෂක රංගජිවයි .මදුෂ්ව මැරීම සදහා අන්නාසී මෝරීන්ගේ කෝටි 12 ක මුදලක් ගත්තා යැයි පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට චෝදනා එල්ල වී ඇත. රත්මලානේ අංජුගෙන් රෝහා මැරිම සදහා දේශබන්දු කෝටි 04 මුදලක් ගත්තා යැයි ද චෝදනා එල්ල විය. .පොලිස්පති දේශබන්දු අංජු සමග දුරකතනයේ කතා කරන හඩ පටයක් ද අන්තර්ජාලයේ සැරිසරයි.එම හඩ පටය දේශබන්දු විසින් මෙතෙක් ප්‍රතික්ෂේප කර නැත.

මදුෂ්ව මරා දමන්නේ පොලිස්පති දේශබන්දුගේ උපදෙස් පරිදි රංගජිව යැයි පැවසේ . මුදුෂ් මරා දැමීම නියෝග කළ දේශබන්දු සමග කන්ජිපානි ඉම්රාම් පෙම් කෙලිද්දී , ක්ලබ් වසන්තව මරා දැමුවේ ඇයි  ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *