කැස්බෑව උසාවියේ යුක්තිය පසිදලීම

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ෆැක්ස් යන්ත්‍රය ක්‍රියා විරහිත විම නිස අධිකරණ නියෝග, ඇප නියෝග සහ අනෙකුත් තොරතුරු ගෙන්වා ගැනිමට සහ යැවීමට නෙහැකි විම නිසා මහජනයා මහත් අපහසුතාවයකට පත්ව ඇත. එම ෆැක්ස් යන්ත්‍රය නිතර අක්‍රිය වන අතර දැන් සතියක පමන කාලයක සිට එය ක්‍රියාවිරහිත වී තිබේ.

ෆැක්ස් යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා හෝමාගම මහාධිකරණයෙන් ඇප නියම කර ඇති රැදවියන්ට එම ඇප නියෝගය ගෙන්වා ගැනීමට නොහැකි විම නිසා තවදුරටත් බන්ධනාගාරගතව සිටින්නට සිදු වී ඇත. කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ පරිපාලනමය දුර්වලතා හා තක්ෂණික උපකරණ වල ගැටළු නිසා මානවහිමිකම් උල්ලංඝණය වන්නේ සැකකරුවන්ගේය. කැස්බැව මහේස්ත්‍රාත් අධිකරණයේ සමහර නිලධාරීන්ට රැදවියන් සහ ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධයෙන් වගකිමක් හෝ සංවේදී බවක් හෝ ගරුසරුවක් නැත. ඔවුන්ට අනුව සැකකරුවන් සහ ඔවුන්ගේ ඥාතීන් අපරාධකරුවෝ වෙති . ඔවුන්ට ෆැක්ස් වැඩ කරනවාද නැද්ද යන්න වැඩක් නැත.

මහාධිකරණයකින් ඇප ලබා ගැනීමට මාස තුනකට එනම් දින 90 කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටින්නට සිදු වන අතර රුපියල් ලක්ෂයක පමන මුදලක් නීතිඥවරු සදහා ගෙවන්නට සිදු වන අතර රුපියල් 50.000 ක මුදලක් ඇප මුදල් වශයෙන් බැදිය යුතුය . ඊට අමතරව ඥාති සම්බන්ධතා සහිත ශරීර ඇප දෙකාක් අනිව්‍යීය වේ. කාලය ද ගෙවා මුුුදල් ද සොයාගෙන ඇප නියම වු පසු ඇප නියෝගය ගෙන්වා ගැන‍ීමට ඇති ෆැක්ස් යන්ත්‍රය ක්‍රියාවිරහිත විම නිසා රැදවියෙකුට නැවත බන්ධනාගාරගත වීමට සිදු විම මොනතරම් ඛේදවාචකයක්ද? යුක්තිය පසිදනවා යැයි කියන්නේ මේකටද?

හෝමාගම මහාධිකරණයේ ඇප ඉල්ලා දමා ඇති මෝසම් වලින් බහුතරයක් කැස්බ‍ැව සහ පිළියන්දල පොලිසි මගින් තරුණයන්ට එරෙහිි අටවන ලද බොරු නඩු බව හෙළි වී ඇත. සමහරු එම පොලිස් ස්ථාන දෙකේ නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිනි දමා ඇත. මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තා යැයි සහ ව්‍යාපාර කළා යැයි රස පරික්ෂණයට යැවු වාර්තා බහුතරයක් කිසිම මත් ද්‍රව්‍යයක් නැතැයි සදහන් වී තිබේ.

රුසියානු “එරෝෆ්ලොට්” ගුවන් සමාගමට අයත් ගුවන් යානය පියාසර කිර‍ීම නතර කරන්නැයි කොළඹ වානිජ මහාධිකරණයේ පිස්කල්වරයෙකු සහ නීතිඥවරයෙකු ගුවන්යානා පාලක මැදිරියට ගොස් තර්ජනය කළහ. කොළඹ වානිජ මහාධිකරණය වරණ නියෝගය නිකුත් කර තිබුණේ ගුවන්යානයට නොව ගුවන් සමාගමට එරෙහිවය. වානිජ මහාධිකරණය මගින් එම නියෝගය කටුනායක ගුවන් තොටුපලේ ගුවන්යානා පාලක මැදිරියට ෆැක්ස් කළේ නැත . පිස්කල්වරයා එම අධිකරණ නියෝගය ද රැගෙන ගියේය . එම පිස්කල්වරයාගේ හැසිරීම නිසා රාජ්‍යතාන්ත්‍රික අවුල්ක් නිර්මානය වන්නට ගිය අතර පසු ඔහුගේ වැඩ තහනම් කරන ලදී. අපට හෝමාගම පිස්කල්වරයා ලවා ගෙන්වා ගැනිම කෙසේ වෙතත් අඩු තරමේ එම ඇප නියෝගය ඊමේල් කර ගැනීමට ද පුළුවන්කමක් නැත.

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ෆැක්ස් යන්ත්‍රය ක්‍රියාවිරහිත නම් විද්‍යුත් තැපලෙන් එම නියෝගය ගෙන්වා ගැනීමට නෙැහැකි දැයි කැස්බ‍ැව මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරියෙකු හෝමාගම මහාධිකරණයේ නිලධාරයෙකුගෙන් විමසු අවස්ථාවේ ඇප නියෝගය ෆැක්ස් කරන්නැයි නියෝග කර ඇති නිසා ඊමේල් කළ නොහැකි බව ද එම නිලධාරියා පැවසීය. ඇප නියෝගයේ පිටපතක් හෝමාගමට ගොස් රැගෙන එමට උත්සහ කළ ද ඇප නියෝගයේ පිටපතක් නිකුත් කරන්නැයි සදහනක් නොමැති නිසා එය අසාර්ථක විය. බාහිර ෆැක්ස් අංකයට එම ඇප නියෝගය ෆැක්ස් කිරීමට ද අවසරයක් නැත. ෆැක්ස් යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සදහා කාර්මික ශිල්පීයෙකු සෙව්ව ද පසු ආදළ කොම්පැණියෙන් පරිභාහිර පුද්ගලයෙකු ලවා අලුත් වැඩියා කිරීමට ද ප්‍රසම්පාද ක්‍රියාවලිය අනුව ඉඩක් නැත. එම කොම්පැණියට කතා කර කාර්මික ශිල්පීයෙකු එවන්නැයි දැනුම් දුන් විට සදුදාට එවන්නැයි පිළිතුරු ලැබිණ. අධිකරණයේ ෆැක්ස් යන්ත්‍රය ක්‍රියාවිරහිත නම් සමාන්‍ය තැපැලෙන් ඇප නියෝගය ලැබෙනතෙක් බලා සිටින්නට රැදවියන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට සිදු වනු හැරෙන්න වෙනත් විකල්පයක් ද නැත.

මෙම තරුණයාට හෝමාගම මහාධිකරණයෙන් ඇප නියම කෙරෙන්නේ ඔක්තෝම්බර් 16 වෙනිදාය . ඔහුව එම නඩුවට කැස්බෑව අධිකරණයට රැගෙන එන්නේ ඔක්තෝම්බර් 18 වෙනිදාය . ඔහුගේ පියා ෆැක්ස් කිරීම සදහා රුපියල් 100 ක මුදලක් හෝමාගම මහාධිකරණයට ගෙවා එදිනම කැස්බෑව අධිකරණයට ඒ බව දැනුවත් දී ඇත. එම තරුණයා වෙනුවෙන් හෝමාගම මහාධිකරණයට ඇප අයදුම් පත්‍රය යොමු කර ඇත්තේ නීතිඥ මනෝජ් නානයක්කාරය.

තරුණයා බන්ධනාගාරයට නොයවා නිදහස් කර ගැනීම සදහා කැස්බෑබෑව මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක රේජ්ස්ටාර්වවරයා ඔහුගේ කාර්ය මණ්ඩලය උන්නදු කරමින් නොගත් උත්සහයක් නැත.

ෆැක්ස් තාක්ෂණය පැරණි එකාක් වන අතර අද ඒ වෙනුවට ඊමේල් ක්‍රමය සහ එස්එම්එස් පණිවිඩ ක්‍රමය ඉදිරියට පැමින ඇත. නවීන තක්ෂණයක් ගැන කතාකරමින් පැරණි මෙවලම් නම් භාවිතා කරන්නේ එහි දියුනුවක් නොව පෙන්නුම් කරන්නේ පසුගාමීත්වයකි . ෆැක්ස් තාක්ෂණයෙන් ඊමේල් තාක්ෂණයට මාරු වී සිටියා නම් අද මේ අර්බුදය පැනනගින්නේ නැත. අද බැංකු වල සිට විදුලි බල මණ්ඩලය ඇතුළු සියලු ආයතන භාවිතා කරන්නේ ඩිජිටල් තක්ෂණයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *