හෝමාගම මහාධිකරණ විනිසුරු ඇතුළු කාර්ය මණ්ඩලයට අපේ ප්‍රණාමය!
ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ ඵල වු “කැස්බෑව උසාවියේ යුක්තිය පසිදලීම” යනුවෙන් ඵල කළ ප්‍රවෘත්තිය පසු හෝමාගම මහාධිකරණ විනිසුරු විසින් ෆැක්ස් වෙනුවට ඊමේල් තාක්ෂණය භාවිතා කරන්නැයි කළ නියෝගය සම්බන්ධයෙන් අපි එතුමාට ප්‍රණාමය පුද කරන්නෙමු.
අප විසින් ඵල කරන ලද ප්‍රවෘත්තීය සම්බන්ධයෙන් උරණ නොවි එය නිහතමානීව පිළිගෙන එම තාක්ෂණික ගැටළුව විසදිමෙන් පසු මහජනයාට එම සේවය සැපයිම සදහා යුසුළුව කටයුතු කරන කැස්බෑව අධිකරණයේ රෙජිස්ටාර්වරිය , අතිරේක රේජ්ස්ටාර්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ද අපේ ස්තුතිය පිරිමන්නේය.
හෝමාගම මහාධිකරණයෙන් මෝසමක් මාර්ගයෙන් ඇප ඉල්ලු වු තරුණයන් කිපදෙනෙකුට ඇප නියම වුව ද එම ඇප නියෝගය කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ ෆැක්ස් යන්ත්‍රය ක්‍රියා විරහිත විම නිසා ගෙන්වා ගැනීමට නොහැකි විම හේතුවෙන් සතියක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව වීමට සිදු විම අපේ ප්‍රවෘත්තීයේ ප්‍රස්තුත විය.
මේ මහජනතාව තුළ විශාල ගෞවරයකට පාත්‍ර වු යුක්තිය පසිදලන ස්වාධීන ආයතනයක් වන අධිකරණ පද්ධතිය තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ තාක්ෂණික හෝ වෙන යම් හේතුවක් නිසා වින්දිතයෙකු හෝ වගඋත්තරකරුවෙකුගේ හෝ මානව හිමිකම් කඩ වන්නේ නම් එය සමාන්‍ය ප්‍රශ්නයක් නොව බරපතළ තත්වයක් ලෙස අපි දකින්නෙමු.
අප පෙනී සිටින්නේ පාලකයන් හෝ වරප්‍රසාදිත පන්තිය වෙනුවෙන් නොව කම්කරු -පිඩිත මහජනයාගේ අයිතිවාසිකම් සහ ජිවත් වීමට ඇති අයිතිය වෙනුවෙන්ය . අපේ පරමාර්ථය පුද්ගලයන්ට මැඩ ගැසීම හෝ සත්‍ය විකෘති කිරිීම නොව සත්‍ය මත පදනම්ව සැබෑ තොරතුරු මත පදනම්ව මහජනයා තොරුතු වලින් දැනුවත් කිරිමයි. අප දිරිගැන්වීම සම්බන්ධයෙන් ඔබ සියලුම දෙනාට නැවත වරක් අපේ ප්‍රණාමය පුද කරන අතර යහපත් මාධ්‍ය කාලාවක් බිහි කිරීම සදහා අපට සහයෝගය දක්වන්නැයි අපි ඔබෙන් ඉල්ලමු .