කැළෑ ගිනි ඇවිලෙතැයි බියක්
![කැළෑ ගිනි ඇවිලෙතැයි බියක් කැළෑ ගිනි ඇවිලෙතැයි බියක්](https://www.lankaskynews.com/wp-content/uploads/2025/02/images-60.jpg)
මහනුවර දිස්ත්‍රික්කයේ ගලහ ප්‍රදේශයේ අක්කර 20 ක පයිනස් වන වගාවක පෙරේදා (12) රාත්‍රියේ ගින්නක් හට ගෙන ඇති බවත් එම ගින්නෙන් වන වගාවේ බිම් ස්ථරයේ වැටි ඇති වියළි කොළ සහ තෘණ වලට ගිනි ඇවිලුන ද පයිනස් වලට හානි වී නැති බව වන සංරක්ෂණ දෙපාර්මේන්තුව සදහන් කරයි.
පවතින වියළි සුළග නිසා ගින්න ව්‍යාප්ත වි ඇති බවත් ගින්න නිවා දැමීම සදහා වන සංරක්ෂණ නිලධාරීන් යුද හමුදාවේ සහාය ලබා ගත්තත් ගින්න හට ගත් ස්ථානයට රාත්‍රියේ ලගා වීමට නොහැකි වීම නිසා ගින්න මැඩ පැවැත්විමට නොහැකි වු බවත් උදැසන විට ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිව ගින්න මැඩ පැවැත්විමට හැකි වු බව වන සංරක්ෂණ දෙපාර්මේන්තුව මාධ්‍්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එම නිවේදනයේ වැඩිදුටත් මෙසේ සදහන් වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයේ පයිනස් වන වගාවක ද ගින්නක් හට ගෙන ඇති අතර එම ගින්නේ පයිනස් අක්කර 05 ක පමන යටි රෝපණ සහ වැටි ඇති වියළි කොළ ගිනිගෙන ඇති බවත් පයිනස් ගස් වලට ගින්නෙන් හානියක් සිදු වී නැති අතර වන සංරක්ෂණ දෙපාර්මේන්තුව එම ගින්න නිවා දමා ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ වැවිලි සමාගමකට අයත් තෘණ භුමියක දගින්නක් හට ගෙන ඇති අතර එම ගින්න සමාගම මගින් නිවා දමා තිබේ.
සෑම වසරකම වියළි කාලයේ වනාන්තර ආශ්‍රිතව පවතින තෘණභුමි වන වගා සහ වෙනත් වනාන්තර වල ගිනි ඇති විමේ ප්‍රවනතාවයක් පවතියි. පසුගිය 2024 වසරේ හෙක්ටයාර් 437.9 ක් මේ ආකාරයට ගිනි ගැනීමට ලක් විය. ඒ අවස්ථාවල යුද හමුදාව ,ගුවන් හමුදා, සිවිල් ආරක්ෂක බලකාය ,අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රාදෛ්ශීය ලේකම් කාර්යාලයේ සහාය ලබා ගනී.
බදුල්ල ,මහනුවර ,නුවරඑළිය, මාතලේ ,රත්නපුර , මොනරාගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල බහුල ගිනි ගැනීමේ අවදානමක් සහිත දිස්ත්‍රික්ක වේ.
මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයේ එක් ගිනි ගැනීමක් ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක් ගිනි ගැනීමක් ද රත්නපුර දිස්ත්‍රික්කයේ ගිනි ගැනීමක් දෙකාක් ද බදුල්ල දිස්ත්‍රික්කයේ එක් ගිනි ගැනීමක් ද වාර්තාවේ.