කුසල් මෙන්ඩිස්ගෙන් අනගි ශතකයක්

සංචාරක ඔිස්ට්‍රෙිලියා කණ්ඩායම සමග මේ වන විට කොළඹ ආර් . ප්‍රේමදාස ක්‍රීඩාපිටියේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී ශතකයක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය.
ඔහු ශතකය ලබාගෙන ඇත්තේ ,පන්දු 113 කින් වන අතර ඊට හතරේ පහරවල් 11 ක් ඇතුළත්ය.
කුසල් මෙන්ඩිස් එක්දින තරගයකදී ලබා ගත් පස් වන ශතකය මෙයයි .
කුසල් මෙන්ඩිස්ට අනගි සහායක් බලා දෙමින් අනෙක් අන්තයේ ක්‍රීඩා කළ නායක චරිත් අසලංක නොදැවි රැස් කළ ලකුණු සංඛාව 42 කි.
ශ්‍රී ලංකා පිල පන්දුවාර 42 යි පන්දු 03 ක් අවසානයේ රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 209 කි.
ජායාරූපය අන්තර් ජාලයෙන්.