කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් දෙකාක් අල්ලස් ගනිද්දී දැලේ

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අධිකරණයකට ඉදිරිපත් නොකර සිටිමට සදහා මුදල් ලබා ගනිද්දී එම කොට්ටාශයේ පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් දුෂණ ‌චෝදනා කොම්ෂන් සභාව පවසයි.

අල්ලස් දුෂණ ‌චෝදනා කොම්සම් සභාව පොලිස් පරික්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විමර්ශන ඒකකය තුළ මුදල් ලබා ගනිමින් සිටියදීය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකර සිටිම සදහා පලමුව ලක්ෂ තුනක් මුලක් ලබාගෙන ඇති බවත් පසු ඉතිරි ලක්ෂ දෙක බලා ගනිද්දි, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් පරික්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබ්බාගමුව දෙහෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකර විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවය .

පුද්ගලයන් දෙදනෙකු විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන ලද මිලට ගැනිමේ හා විකිණීමේ ව්‍යාපාරය මගින් සිදු කරන ලද ගනුදෙනු වලදි සිදු වුවා යැයි කියන බැංකු ගනුදෙනු වංචා සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පුද්ගලයන් දෙදනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වංවා කළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් ‌නොකර සිටිමට සදහා එම මුදල රැගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *