ගනේමුල්ලෙ සංජිව ඝාතනයට ආරක්ෂක අංශත් වගකිව යුතුයි

ගනේමුල්ලෙ සංජිව ඝාතනයට ආරක්ෂක අංශත් වගකිව යුතුයි

කොළඹ අලුත් කඩේ උසාවියෙදී ගනේමුල්ලෙ සංජිවට ප්‍රහාරයක් එල්ල කරන බවට අප වෙත තොරතුරු ලැබිලා නොතිබුනු බවත් පසුගිය සතියේ ඔහුව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර එහිදී සංජිව මරා දැමිමේ සැලැස්මක් තිබුණු බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය හෙළි කළේය.

ගම්පහ උසාවියේදී ප්‍රහාරක් එල්ල කරන බව තොරතුරු ලැබි තිබුනු බවත් ඒ අනුව ගම්පහ කොට්ඨාශ බාර නිළධාරීයාට කතා කර ඔහු මාර්ගයෙන් මහේසත්‍රාත්වරයා දැනුවත් කර ,ඔහුව උසාවි රැගෙන එම අවලංගු කර සුම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි කැදවිම සිදු කළ බව පොලිස්පතිවරයා පැවසීය.

මාධ්‍යවේදීය නැගු ප්‍රශ්නය

ඔහු එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ අද (22) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්ය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පාර්ලිමේන්තවේ ප්‍රකාශයක් කළා ගිනි අවිය රැගෙන ආවා යැයි කියන කාන්තාව ගනේමුල්ල සංජිවට ප්‍රහාරයක් එල්ල කිරීමේ සුදානමක් තිබුණා කියලා. ඒහෙම බුද්ධි තොරතුරක් ඔබතුමාට ලැබුණාද?

සැකකරු අත්අඩංගුවට ගත්තේ ඩුබායි වලින් ලැබුණු තොරතුතුරක් මතද?

අපට නිශ්තව කියන්න බැහැ ඒ තොරතුර ලැබුණේ ඔවුන්ගෙන් කියලා .සමාන්‍ය ක්‍රියාදාමය තමයි අපට ලැබෙන දත්ත සමග අපි ක්‍රියාත්මක වුණා. මාර්ග බාධක දැම්මා මාර්ග බාධකයකදී තමයි සරකකරුව අත්අඩංගුවට ගන්නේ.

ප්‍රශ්නය – කකරුවට මරණ තර්ජන තිබෙන බව දැන ගෙනත් ඔහු අධිකරණයට ගෙන ආවේ ඇයි?

ඒ සම්බන්ධයෙන් විමර්ශන කෙරෙමින් පවතිනවා .ඒ වැනි අවශ්‍යතාවයක් අනුව අලුත් කඩේ අධිකරණයට රැගෙන ආවා ද කියලා අපි විමර්ශන කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *